Naifmvlog

Naifm vlog Gossip and News

විශ්ව ශක්තිය ගැන හෙළිදරව්වක්

මා විවිධ අවස්ථා වලදී ,විවිධ සාකච්ඡා වලදී සදහන් කල යමක් ලිපියක් ලෙසින් පල කරන්නට සිතුනා.Data වලට යන මුදල් ගැන නොහිතා ලිපිය අවසන් වනතුරු කියවන ලෙස ඔබට ආරාධනා කරනවා..ඔබ නියම හෙලයෙක් නම්,බෞද්ධයෙක් නම්, රට ගැන කැක්කුමක් ඇත්ත වශයෙන්ම ඔබගේ ජාන තුල ඇතිනම් ඔබ මෙය අවසන් වනතුරු කියවාවි.

හොදයි..අපි බලමු මොකක්ද මේ විශ්ව ශක්තිය කියන්නෙ කියලා.ගොඩාක් අය මේ දවස් වල පතුරු ගහන වචනයක් මේක.නමුත් ඒ වචනය ගැන පැහැදිලි අවබෝධයක් තියන අය හරිම අඩුයි.විශ්වය කියල සරලව අර්ථ දක්වන්නේ මේ අප ග්‍රහලෝකයෙන් එහා පිහිටි අපරමිත අවකාශය හා අප අවට පවා හාත්පස විසිරී ඇති අවකාශය නේ.ඒත් ඊට වඩා ප්‍රභල පුළුල් නිර්වචනයක් “විශ්වය” කියන වචනයට තියනවා.නමුත් සියල්ලන්ගේම අවබෝධය උදෙසා අපි සරලව ඔබ දන්නා ඒ සරල වචනාර්ථය ම ගනිමු.

භෞතිකව දැනට විශ්වය කියන එක අපේ විද්‍යාවට අනුව මැනල තියනවා.පෘථිවි පෘශ්ඨයේ සිට කිලෝමීටර 100ත් දැනට මිනිසාගේ විද්‍යාත්මක හැකියාවන් මත හදුනාගෙන මැන ඇති ගවේශනාත්මක විශ්වයේ ඉම ලෙස සලකන ආලෝක වර්ශ බිලියන 93ක ප්‍රමානයත් යන ප්‍රමානයන් අතර පිහිටා ඇති සියළුම වස්තූන්ගෙන් සමන්විත අවකාශය විශ්වය ලෙස අපිට හදුන්වන්න පුලුවන්.

මේ ආලෝක වර්ශ බිලියන 93න් අපට විද්‍යාවේ උපරිම දැනුමෙන් හරි ආකාරව ගවේශනය කර හැක්කේ ආලෝක වර්ශ බිලියන 13ක වපසරියක්.ඒ වපසරිය තුල පිහිටි අපේ චක්‍රාවාටයේ දලවශයෙන් පිහිටිය හැකි ග්‍රහලෝක ගනන ට්‍රිලියන 10ක් පමන තියනවා ඉන් මේවන විට අප අපේ සියළුම අති නවීනතම විද්‍යාත්මක උපකරන තුලින් හදුනා ගෙන සිතියම් ගත කල ග්‍රහලෝක ගනන 1000ක් පමනයි.ඔබට දැන් හිතාගන්න පුලුවන් නේද ඔබ ඔය අතිදියුනුයි කියන විද්‍යාව කොයි තරම් ලදරුයිද විශ්වය කියන සංකල්පයේදී.

ඒත් මතක තියාගන්න ලොවුතුරු බුදුපියානන් විසින් අංගුත්තර නිකායේ සප්තසූර්‍යෝද්ගමන සූත්‍රය , භූමිචාල සූත්‍රය , අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ චූලනිකා සූත්‍රය,අට්ටංගපෝසථ සූත්‍රය, සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ විමානවත්ථු,අරුණාවතී සූත්‍රය ආදී සූත්‍ර වලින් චක්‍රාවාට පවා භ්‍රමණය වන අපේ භාශාවෙන් දැන් කියන super masive black hole සුපිරි යෝධ කළු කුහරයන් ගැන පවා ඉතාම පැහැදිලිව 100% විද්‍යානුකූලව දේශනාකර තිබෙනවා..ඉතින් හිතන්න මනස කොච්චර විශ්මිතද.

හරි අපි ආය කතාවට බහිමු.ඔය කිවුව විශ්වය කියන වපසරිය තුල තරංග ලෙසින් උපදිමින් පවතිමින් නැතිවෙමින් යන ශක්තීන් තිබෙනවා. විශ්නු,භ්‍රහ්ම,ශිව,බුද්ධ,දේව,යක්ශ,රාවණ ආදී ඔය ඔක්කොම ශක්තීන් නිදහසේ ඔය කියන විශ්වයේ තරංග ලෙසින් ස්භාවිකව තිබෙනවා.කෙනෙක්ට ඕනි නම් ඒ ශක්තීන් තමන්ට ආකර්ශනය කරගන්න පුලුවන්.

ඒ ආකර්ශනය උදෙසා තම ශරීරය එම තරංග ආකර්ශන කරගන්නා ඇන්ටනා එකක් මෙන් සුසර කල යුතුයි.එතකොට ඒ ශක්තීන් තමන්ට ආකර්ශනය වෙලා තමන් තුලින් ඒ අදාල ශක්තියට අදාල දේවල් ,හැකියාවන් තමන් තුලින් ඉස්මතුවෙන්න පටන් ගන්නවා.ඒ උදෙසා ඒ කියන්නෙ ඒ ශරීරය ,ආත්මය සුසර කිරීම උදෙසායි බෝධිසත්වයන් පාරමී පුරන්නෙ,රාවන යන් දසවිධ නැන ප්‍රගුන කරන්නෙ,දෙවියන් අදාල පින්කම් කරන්නෙ.ඔන්න ඕකයි විශ්ව ශක්තිය හා ඒ ශක්තීන් ආකර්ශන ක්‍රියාවලිය.කුන්ඩලනී භාවනා තුලින් චක්‍රයන් අවධිකරමින් අපි කරන්නෙත් ශරීරය ඔය කියන සේ අදාල සංඛ්‍යාතයන් ග්‍රහනය කර ගැනීමට සුසර කිරීමයි.

පැරනි හෙලයන් මනස දියුනු කරමින් ඔය ක්‍රියාවලිය දුටුවා.ඒ උදෙසා ඔවුන් තම ශරීර භාවනාවෙන්,යෝග කිරීමෙන්,අංගම් කිරීමෙන්,පරිසරයට ඒකාත්මික වීමෙන්,හෙල වෙදකමින් ආහාර වලින් අදාල සුසර කිරීම් කලා.ඒ වගේම භෞතිකව ඒ ශක්තීන් ආකර්ශනය කරගැනීමට අදාල යන්ත්‍ර,නිර්මානයන් මේ පොලවේ ඉදිකරා.

එහිදී ඔවුන් මූලිකත්වය දුන්නේ ඒ විශ්වීය ශක්තිය ආකර්ශනය කරගෙන මහපොලව හා ශරීරයන්ගේ තැම්පත් කිරීමට මූලිකත්වය දුන්නා.සෑය වල් වන්දනීය වටිනාකමින් එහාට ගිය මේ විශ්වීය ශක්තීන් ආකර්ශනය කරගන්නා ඇන්ටනා විදිහට විශ්වශක්තීන් ආකර්ශනය කරගත හැකි තැන්වල පිහිටෙවුවා.

කදු ශිඛරයන් මේ විශ්වීය ශක්තීන් ස්භාවිකවම අවකාශයෙන් ඇදගෙන මහපොලොවේ,අදාල කදුවල වැවෙන ගහකොල,මල් පලතුරු වල තැන්පත් කලා.බොහෝවිට ලංකාවේ සියළු තැන්වල සියළුම ගම්වල ගම ඉහලින්ම පිහිටියේ මේ කන්ද,නැත්නම් කැලෑවයි.

විශ්ව ශක්තීන් ආකර්ශනය කරගන්නට විශාල වශයෙන් සමත්වන තවත් දෙයක් තමයි ජලය.ඔබ දන්නවා විදෙස් රටවල් ඒ පිලිබද නොයෙකුත් පර්යේෂණ කරල ජල අනු ඒ විවිධ ශක්තීන් උරාගෙන ඒ අනුව තම ජල අනු සකස් කරගන්න විදිහ ගැන පැහැදිලි ශාක්ශි ලොවට හෙලිකර තියනවා.

ඉතින් අර කදුවලින් උරා ගන්නා විශ්ව ශක්තීන් අපි ඒ කදුවලින් කැලෑ වලින් පරිභෝජනය කරන ගහකොල මල පලතුරු මැටි ආදිය තුලින් අපේ ශරීරයන්ට එකතු වුනා.ඒ වගේම කන්දෙන් පටන් අරන් ගම හරහා ගලා යන ජල මූලාශ්‍ර තුලින් ඒ ශක්තීන් කදුවල සිට ගමට ගෙනාවා..නමුත් ඔබ දන්නවා ඕනෑම ශක්තියක් බොහෝ දුරක් ගමන් කිරීමේදී එහි සතු ප්‍රභලතාව අඩු වනවා.ඒ නිසා කන්දෙන් පටන් අරන් ගමට එනකොට ජලයට උරාගත්තු ඒ ශක්තීන් ගොඩාක් හීන වෙලා.

ඒ නිසා ගමේදී ඒක re energies නැත්නම් පුනර් බලගැන්වීමට යමක් ඕනි උනා ඒ උදෙසා තමයි මහසෑ ඉදිවුනේ,සූර්‍ය දේවාල ඉදිවුනේ.ඒවා තුලින් පුනර්බල ගැන්වුනු ඒ ශක්තීන් අපි ජල මූලාශ්‍ර හරහා ගෙනත් වැවක තැන්පත් (deposit ) කලා.වැවේ සොරොවු හරහා ඒවා කුබුරට ගෙනත් වී කරල්වල,අපේ වගාවන් වල ඒ ශක්තීන් ගබඩා කලා.ඔන්න ඕකයි විශ්වශක්තිය අපතේ නොයවන හෙලයන්ගේ චක්‍රය.එහිදී සෑයකින් වන මෙහෙය අති මහත්.

රුවන්වැලි සෑයත් ඒ කටයුත්ත සිදුලරනවා අනෙක් සෑයන් වගේම.ඊට අමතරව රුවන්වැලි සෑයේ විශේෂත්වය වන්නේ ස්භාදහම පාලනය කරන ධාතූන් එහිතුල තැන්පත් වීමත් විශ්වීය තලයන් (උදා :- මිනිස්,දේව,භ්‍රහ්ම )එකිනෙකට සමපාතව තිබීමයි.ඒ ලෝකයන් අතර සංනිවේදන ඇන්ටනාවක් ලෙසද ඒය ක්‍රියාත්මක වෙනවා.රැවන්මැලි සෑයට ඉහලින් සිලුමින සෑයද ඊට ඉහලින් සලුම්න සෑයද එකපෙලට පිහිටා ඇතිබව පැරන්නන් කිවුවේ ඒ නිසයි.කිසියම් වෙලාවක මේ බලශක්තීන් ගලායාමේ ක්‍රියාවලියට යම් බලපෑමක් උනොත් එය පෘතුවියේ කාලගුනික දේශගුනික වගේම ස්භාවික පාලනයන්ට බලපෑමක් විය හැකියි.

පසුගිය කාල වලදී මේ ශක්තීන් හා ඒවා හා අනුගත වී ඇති ධාතූන් වල ඇති පාලන බලයන්ට දැන හෝ නොදැන බලපෑම් වුනා.ඒවා ක්‍රමයෙන් යතා තත්වයට පත්වේවි.ඒත් එය හෙමින් සිදුවන්නක්.ඔන්න ඕකයි රැවන්මැලි සෑයයි විශ්වශක්තියයි අතර සම්බන්ධය ඉතාම සරලවම පැහැදිලි කිරීම.ඉතිං අපි මේවා සියළුම සත්වයන්ගේ පැවැත්ම උදෙසා පනමෙන් රැකිය යුතු නොවේද.යම් අයෙක් පටු අරමුනු උදෙසා මේ ක්‍රියාවලීන්ට හානියක් සිදුකරයි නම් අපි දිවි දෙවැනිකොට එයට එරෙහි විය යුතු නොවේද.වන්දනීය වටිනාකමින් එහා ගිය රැවන්මැලි සෑයේ වටිනාකම ඔබට යම්තාක් හෝ අවබෝධ වූවායි සිතමි.අපි මේවා රැකගත යුත්තේ ඒ නිසාය.

සටහන හා ගවේශනය :- ගයාන් කෝසළ ප්‍රනාන්දු.