Naifmvlog

Naifm vlog Gossip and News

ගෙදරදීම යෝගට් හදාගන්න හැටි

යෝගට් හදන්න වැඩි වෙලාවක් යන්නෙනෑ මේ ටිකත් කියවගෙනම රෙසිපි එක පැත්තට යමු හොඳේ. මම හිතෙන්නේ දැන් ලංකාවේ යෝගට් එකක් මිල වැඩි අති කියලා. ගෙදර කීප දෙනෙක්ට එක පාර යෝගට් වැඩි ප්‍රමාණයක් ගන්න එකට ටිකක් වැඩි මුදලක් වැය කරන්න වෙනවා. පොඩි දරුවන් ට දිනපතා ම යෝගට් එකක් දෙන්න පුළුවන් නම් අවශ්‍ය ප්‍රෝටීන සහ කැල්සියම් ඉන් ලැබෙනව.

ගෙදරට අමුතන් එන අවස්ථා වක යෝගට් ටිකක් හදල ඊට උඩින් ජෙලි ලේයර් එකක් දාලා අතුරුපසක් හදන්න පුළුවන්. යෝගට් හදන්න ගෙදර කරදයි. හරියට සෙට් වෙන්නෙ නෑ කියන මතය අපි අතරෙ තියෙන්වා. ඒත් මම නිතරම හිතුවෙ curd (කිරි ) කාමර ඌෂ්ණත්වය යටතේ මිදෙන්න වනම්.. ඇයි යෝගට් එහෙම මිදෙන්න නැත්තෙ කියලා. මට හිතුන අනික් කාරණා ව තමයි, දෙකම හදන්නෙ කිරි වලින්. එක සමාන ක්‍රියාවළියකට බාජනය වෙන්නෙ. එහෙන්ම් ඇයි curd, සහ yought කියල නම් දෙකකින් තියෙන්නෙ කියලා.

මම පොඩ්ඩ්ක් මේ ගැන සෙව්ව…. එක එක අයගෙන් ඇහුව්ව. ඒ කාලය තුල මට දැනගන්න ලැබුනු කාරණා අනුව අවසානයෙ මට තෙරුම් ගියේ මේ දෙකම එකක් බව සහ, රටවල් අනුව, රසයෙන්,සහ පාරිභෝගිකයන් අතරට යවන ක්‍රමය අනුව නම් පමණක් වෙනස් බවයි.

එනම්, ආසායාතික රටවල එය පැණි රසක් නොමැතිව එළකිරි සහ මී කිරි යොදා ගෙන curd ලෙස නිපදවීම සහ බටහිර රටවල එය එලකිරි යොදාගෙන
පැණිරස කින් යුක්තව yought ලෙස නිපදවීයි. කිරි මිදී එකතු වන වතුර ඉවත් කිරීමෙන් එය greak yought ලෙස නිපදවන බවයි.

යෝගට් සැදීමේ ආසාව තිබුනත් ඒ ගැන සොයපු සෑම අවස්ථා වකම දැන ගන්න ලැබුනේ යෝගට් සෙට් වීමට උණුසුම් පෙට්ටියක් උවමනා බවයි. එනම් දැල්වූ බල්බයක් සහිත වැසුනු පෙට්ටියක එය බහාලිය යුතු බවයි. ඕව කර්නවට වඩා ලේසි කඩෙන් ගේනල්ල කනව කියා කඩෙන් ගෙනත් තමයි කැවේ. අවසානයේ කිසිම දෙයක් නැතිව කාඹර ඌෂණත්වය යටතේම යෝගට් හැදුවා.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය
කිරි l L, යෝගට් මේස හැඳි2 ක්, සීනි මේස හැඳි 4, වැනිල 1/4, tsp( අවශ්‍ය නම් ) මෙය සීත නැති කාඹර ඌෂ්ණත්වයේම තිබිය යුතුමයි. සෑදීමට පෙර ශීතකරනයන් එලියට අරන් තිය්න්න. නැවුම් එලකිරි ගන්නේ නම් කිරි හොදින් උතුරවා 30 ° දක්වා නිවෙන්න්ට තියන්න. කඩේ තියන fresh milk ගන්න වානම් 30° දක්වා රත් කරන්න.

30°ඌෂ්නත්වය කියන්නෙ සුළු ඇඟිල්ල තප්පර 8-10 අතර කාලයක් කිරි එකට ඔබාගෙන ඉද්දි තදින් පිච්චෙන ගතියක් දැනුනමා ඒක තමයි කිරි වල ඌෂ්ණත්වය තිබිය යුතු පදම.

යෝගට් හදල දාන බාජනය හෝ කුඩා කෝප්ප සෙට වීමට ඔබ තබන්න. තුවායක් එලා ඒ මත එම බාජනය සූදානම් කර තබන්න. කිරි ටික රත්කරන්න ලිප නිවා සීනී සහ වැනිලා ටික දමන්න. දැං සූදානම් කරගත් බාජනය ට දමන්න. කිරි අදාල ඌශ්නත්වය ට පැමිණි පසු, කඩෙන් ගෙනාපු යෝගට් මේස හැඳි 2 ක ට නිවෙන්න තියපු කිරි වලින්ම මේස හැඳි 5 ක් දාලා හොදින් දියකර කිරි එකට මිශ්‍ර කරන්න. පියන වසා හොදින් තුවායෙනම ඔතන්න. පැය 7ක් 8කිසිම සෙලවීමක් නැතිව තබන්න. ඉන් පසුව සීතකරනයෙ පැයක් පමණ තබා ආහාරයට ගන්න. මේස හැඳි 2 ක් ඉතුරු කරගන්න ඊලග යෝගට් ටික හදාගන්න.

ඉතින් ඔන්න ඔහොමයි ගෙදරදීම පහසුවෙන් යෝගට් හදාගන්නේ. මේ ලිපිට උපුටාගත්තේ මුහුණු පොතේ Hot and chill පිටුවෙන්. ගෙදරදීම පහසුවෙන් යෝගට් හදන හැටි යාළුවන්ටත් දැනගන්න මේ ලිපිය Share කරන්න අමතක කරන්න එපා..