Naifmvlog

Naifm vlog Gossip and News

ඇදහිය නොහැකි චිත්‍රයක් තිවංක පිළිම ගෙයි තිබෙනවා

පොලොන්නරු යුගයට අයත් තිවංක පිළිම ගෙය පුරාවිද්‍යාඥයන්ගේ මෙන්ම බෞද්ධ බැතිමතුන්ගේද විශේෂ අවධානය යොමු වන සිද්ධස්ථානයකි.මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සැලකෙන මෙම පිළිම ගෙයහි ඇති ප්‍රධාන බුදු පිළිමවහන්සේ නැමි තුනකින් යුක්ත වීම නිසා තිවංක පිළිම ගෙය යන ඒ නම ලැබී ඇත. දැනට මේ ප්‍රතිමා වහන්සේ බිඳ වැටී පවතී.

මීට අමතරව මෙම පිළිම ගෙය පුරාවිද්‍යාත්මක වශයෙන් සුවිශාල වැදගත්කමකින් යුක්තය. එනම් පොලොන්නරු යුගයේ සිතුවම් මැනවින් සංරක්ෂණය වී තිබෙන එක් ස්ථානයක් වීම නිසාය. බුද්ධ චරිතයේ සහ ජාතක කථාවල ඇතැම් අවස්ථා එම සිතුවම් සඳහා මාතෘකා විය.

ඉන් “ආසංඛවතී ජාතකය” දක්වන බිතු සිතුවම චිත්‍ර කලාවට ළැදි බොහෝ දෙනාගේ ආකර්ෂණයට හේතුවන්නේ එහි රමණීයත්වය නිසාම පමණක් නොව එහි “රමණාවස්ථාවක්” එසේත් නැත්නම් ලිᴑගික එක්වීමක් නිරූපණය වන බැවිනි. එසේ ලිᴑගික එක වීමක් ගැන ඇතුළත් චිත්‍රයක් බෞද්ධ පිළිම ගෙයක දැක්වීම අද වනවිට නම් සිහිනයෙන් පවා සිතිය නොහැකි කරුණකි.

ආසංඛවතී ජාතකය – තිවංක පිළිමගෙය
ආසංඛවතී ජාතකයේ කතා පුවත කෙටියෙන් මෙසේ දැක්විය හැකිය.

අප මහා බුදු රජාණන්වහන්සේ පෙර භවයක දී පැවිදිව හිමාලයෙහි තාපසයෙකු ලෙස ගත කළේය. තමන් පැන් පහසුව සඳහා පැමිණෙන විලක නෙළුම් මලක් මත ඕපපාතිකව උපන් දැරියක් දරු ස්නේහයෙන් හදා වඩා ගත්තේය. නෙළුමෙහි උපන් දැරිය කෙරෙහි ස්නේහයක්, ආසාවක් ඇති වූ නිසා ඇයට “ආසංඛවතී” නාමය දෙන ලදී. දිව්‍යාංගනාව කට සමාන රූපයෙන් වැඩුණු ඇයව අහම්බෙන් වැද්දෙකු විසින් දකින ලදී. එම වැද්දාගෙන් ඇය ගැන දැනගන්නා බරණැස රජු ඇගේ විවාහ කර ගැනීම සඳහා පැමිණුනේය. එහිදී ඇයව පාවා දීමට නම් ඇගේ නම අනුමාන කළ යුතු බවට අභියෝගයක් තාපසයා විසින් රජුට ලබා දුන්නේය. අවුරුදු තුනක් තිස්සේ විවිධ නම් පවසා බලාපොරොත්තු කඩ වී ආපසු නුවරටම යෑමට රජු අවසානයේ දී තීරණය කළේය. ඊට පෙර කුමරිය මුණ ගැසී “මගේ ආසාව සම්පූර්ණ නොවී යමි”යි රජු ශෝකයෙන් රජු කීවේය. රජුගේ මුවින් තම නම කියවුණු බැවින් එය තම නම බවත් තවුසාට එය පවසන ලෙසත් රජුට කුමරිය පැවසුවාය.ඒ අනුව කුමරිය හිමි කරගන්නා රජු ඇය විවාහ කරගෙන නැවතත් බරණැස් නුවරට ගියේය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා “කළුනික සෙවීම” ග්‍රන්ථයේ දී මෙම සිතුවම ගැන මෙසේ ලියන ලද්දේය.

“මෙහි (තිවංක පිළිම ගෙයෙහි) දකුණු වාසල දොරටු බිත්තියෙහි අඳින ලද සිත්තම් අතුරෙන් එකක් අපගේ සැලකිල්ලට භාජනය විය යුත්තකැයි හැඟේඑ. එහි යටි කොනෙහි කැලෑ රොදක් අසල වූ නෙළුම් විලක් වෙයි. පිපුණු නෙළුම් සහිත ඒ විලෙහි දිය උඩ නිඳන ළදරුවෙකු වඩාගනු පිණිස දෝත දික් කරගත් තවුසෙක් ද අනිත් පැත්තේ වනරොදෙහි ඉත්තක වාඩි වූ කුරුල්ලෙක් ද වෙති. මොවුන්ට උඩින් වූ කැලයෙහි ගස් දෙකක් අතර වූ යහනක් වැතිර ඔවුනොවුන් ඇද වැලඳගෙන රමණය කරන ගෑනියක් හා පිරිමියෙක් ද වෙති. මෙවුල්දමින් අලංකාර කරන ලද ඉඟ ඇති ගැහැනියගෙ උඩු කය පමණක් නොව යටි කය ද වැසෙන්නේ අහස් සළුවෙනි.පිරිමියාගේ වම් කකුල ගැහැනියගේ දකුණු කකුලේ වෙළි සිටියි.ඔහු තම වම් අත ගැහැනියගේ පිට මැදට තබා ඇගේ උඩු කය තරකොට අල්ලාගෙන මුහුණ සිපින්ට යයි. මෙය වූ කලි වාත්ස්‍යානගේ කාම සූත්‍රයෙහි ‘තීල් තණ්ඩුක’නමින් හඳුන්වන ලද ආලිංගනයයි.

මේ සිත්තමෙන් දැක්වෙන්නේ ආසංඛවතී ජාතකය වෙතියි බැල් මහතා ( එච්.සී.පී බෙල්) අනුමාන කරයි. එහෙත් ඒ ජාතකයෙහි නම් ගෑනියකගේ හා පිරිමියෙකුගේ රමණය පිළිබඳ වර්ණනයක් නොදක්නා ලැබේ.”

මෙහි දී වික්‍රමසිංහ මහතා ලිᴑගිකව එක්වීමක් ජාතක කථාව තුළ නොමැති බව සඳහන් කර ඇත. එහෙත් ඉන් නිරූපණය වන්නේ රජු විසින් ආසංඛවතී කුමරිය හිමිකරගත් බව සහ ඔවුන් එක්වුණු බව යැයි සිතුවහොත් ගැටලුව විසඳී යන බව කිව යුතුය.අද මෙන් වික්ටෝරියානු සුචරිතවාදයට ගොදුරු නො වුණු එදා සමාජය තුළ ලිᴑගිකත්වය තහනම් මාතෘකාවක් නොවුණු බවට නලිනී ජාතකය, කාව්‍යශේඛරය සහ කව්සිළුමිණ වැනි සාහිත්‍ය නිර්මාණවලින් ඕනෑ තරම් උදාහරණ ලබා දිය හැකිය.