Naifmvlog

Naifm vlog Gossip and News

දිනපතා ඕට්ස් අනුභව කිරිමේ වාසි

අපේ ශරීර සෞඛ්‍යට ඉතා ප්‍රබල ලෙස යහපත් බලපෑමක් ඇති කරන පුළුවන් ගොඩාක් වටිනා ධාන්‍යක් විදියට ඕට්ස් හඳුන් වන්න පුළුවන්. උතුරු ඇමරිකාව හා යුරෝපයේ වැඩි වශයෙන් වගා කරන මෙම ධාන්‍ය මෙහි තියෙන උසස් පෝෂණ ගුණය හේතුවෙන් සෞඛ්‍යමය ආහාර නිෂ්පාදනයේදී වැඩි වශයෙන් යොදා ගන්නවා. උදෑසන ආහාරයට වගේම කැඳ වර්ග වැනි ආහාර පිළියෙළ කරන විට ඕට්ස් එකතු කරන්න පුලුවන් නම් ශරීරයට අවශ්‍ය කරන පෝෂණ අවශ්‍යතා බොහොමයක් එයින් සැපයෙනවා.

ඕට්ස් වල omega-3 fatty acids වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේමයි එහි මැග්නීසියම්, පොටෑසියම්, නිකොටීන් අම්ලය, කැල්සියම් සහ තන්තු ප්‍රමාණවත් තරම් අඩංගු වෙනවා. මේ හේතුව නිසා අති විශිෂ්ට ආහාරයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඕට්ස් වල සීනි අඩංගු වෙන්නේ ඉතා අවම ප්‍රමාණයක්. ඒ වගේම ඕට්ස් ග්‍රෑම් 100ක කැලරි 389ක් ප්‍රෝටීන් 16.9 g, ජලය 8%ක්, තන්තු 10.6g, මේදය 6.9g ආදී වශයෙන් ඉතා විශාල පෝෂණ කොටස් ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ නිසා අපේ සෞඛ්‍ය ගැටළු රැසකට ඕට්ස් කියන්නේ දිව්‍ය ඖෂධයක් වැනි දෙයක් කිව්වොත් එක වැරදි නැහැ.

ඕට්ස් අහාරයට එක් කර ගැනීමෙන් මොන වගේ වාසිද අපිට ලැබෙන්නේ?  ඕට්ස් අපේ අහාරයට එකතු කර ගැනීමෙන් අපිට ගොඩාක් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඕට්ස් යෙදු ආහාර ඔයාගේ අහාර වේලට එකතු කර ගන්නවා නම් රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගන්න ඔයාට පුළුවන්. මේ නිසා දිනපතා ඕට්ස් ආහාරයට එකතු කර ගැනීමෙන් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගනිමින් ඔබේ ධමනි පිරිසිදුව තබා ගැනීමට ඔබට පුළුවන්. ඕට්ස් වල කාබෝහයිඩ්රේට අවශෝෂණය කරන දියවන කෙඳි වර්ගයක් වන බීටා-ග්ලුකන්ස් අඩංගු වෙනවා. දියවැඩියාවෙන් පීඩා විදින අයටත් හැම අතින්ම හොඳ ආහාරයක් තමයි ඕට්ස් කියන්නේ. මොකද ආහාර ජීර්ණය හොඳින් සිදු වීමටත් රුධිර ගත සීනි ප්‍රමාණය අවම කිරීමෙන් දියවැඩියාව වැනි තත්වයන් ගෙනුත් ඔයාව ආරක්ෂා කරන්නත් ඕට්ස් වල අඩංගු පෝෂණ කොටස් හේතු වෙනවා.

එමෙන්ම ශරීරයේ නිපදවෙන එන්සයිම වල නිසි ක්‍රියාකාරීත්වය ඇති කරවීමට උදවු වීමත් මෙයින් අපිට ලැබෙන තවත් ප්‍රතිලාභයක්. හෘදයාබාධ සහ රුධිර පීඩනය අඩු කිරීම, රුධිර වාහිනී ලිහිල් කිරීම, හෘදයාබාධ සහ ආඝාත වළක්වා ගැනීමට උපකාරී කිරීම වගේ ඔයාගේ සෞඛ්‍ය තත්වයට බලපාන ගොඩක් අහිතකර තත්වයන් අවම කිරීමට මෙය උදවු වෙනවා. ඒ වගේම අනිවාර්යෙන් කිව යුතු දෙයක් තමයි ගොඩාක් දෙනෙක්ට ඇති වෙලා තියෙන බෝ නොවන රෝග තත්වයන් වලින් ආරක්ෂාව සපයන ඔමේගා-3, ඔමේගා-6 කියන ඉතා වටිනා පෝෂණ කොටස් ඕට්ස් වල අඩංගු වෙලා තියෙනවා

ඕට්ස් අහාරයට ගැනීම ඔයාගේ අස්ථි පද්දතියේ ශක්තිමත් බාවයටත්, පටක වර්ධනයටත්, රුධිරයේ හිමොග්ලොබින් වර්ධනයටත් හේතු වෙනවා. මෙන්න මේ හේතු නිසා ඕට්ස් කියන්නේ ලෝකයේ පෝෂණය අතින් ඉහලම ප්‍රතිලාභ ලබා දෙන ධාන්‍ය අතරින් එකක් කියල කියන්න පුළුවන්. විශේෂයෙන් උදෑසන ප්‍රධාන ආහාරයක් ලෙසත්, ඊට අමතරව ඕට්ස් දමා සකස්කර ගත් සුප් හෝ වෙනත් පාන වර්ග වගේම පාන් හෝ කෙටි ආහාර වර්ග ලෙස හෝ ඕට්ස් අඩංගු වෙන ආහාර වර්ග ඔයාට දෛනිකව අහාර වේල් සඳහා එකතු කර ගන්න පුළුවන් නම් ඔයාට හැමදාමත් සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන්.

ඔබ දිනපතා ඕට්ස් අනුභව කරන්නට පටන් ගත් විට , ඔබේ ශරීරයට සිදුවන දේවල් 8ක් මෙන්න

සම සුවපත් කරනවා-සමේ දැවිල්ල සහිත ඉදිමුම් සහගත තත්වයන් වන කසන ගතිය , රත්පැහැ වීම හා වියලි ස්භාවයන් මර්ධනය කර සුවදායක සමක් ලබා ගැනීමට ඕට්ස් ආහාරයට ගැනීමෙන් හැකියාව තිබෙනවා. ඕට්ස් තුල අඩංගු වන සින්ක් මගින් සම ගැඹුරින් පිරිසිදු කර සම අභ්‍යන්තරයේ තැන්පත් වී ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කරනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස සමේ කුඩා සිදුරු පටු වී , ඔබේ සමට තරුණ පෙනුමක් ලැබීම සිදු වෙනවා.

ඒ වගේම ඕට්ස් තුල අඩංගු යකඩ මගින් සමට අවශ්‍ය නිසි පෝෂණය හා තෙතමනය නිසි පරිදි ආරක්ෂා වීම සිදු වෙනවා. මැන්ගනීස් මගින් සමේ ඇති වී ඇති ඇති තුවාල , සුළු සිරීම් , පිළිස්සීම් වැනි තත්වයන් සුවපත් කර, සම ඉක්මනින් යතා තත්වයට පත් කරනවා. ඕට්ස් වල අඩංගු වන මැග්නීසියම් මගින් සම අවට ලේ ගමනාගමනය විධිමත් කර සමේ සෛල වේගයෙන් නැවත අලුත් කිරීම සිදු කරනවා.

ඔබේ මස් පිඩු වලට වැඩිපුර ප්‍රෝටීන් ලැබීම-ඕට්ස් වේලක් ආහාරයට ගැනීමෙන් එහෙමත් නැතිනම් ඕට්ස් මේස හැඳි 8ක් අවම වශයෙන් ආහාරයට ගැනීමෙන් පමණක් ඔබට දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 15% සපුරා ගන්නට පුළුවන්. ඒ වගේම ඕට්ස් වල අඩංගු විටමින් E , ප්‍රතිඔක්සිකාරක හා ග්ලුටමින් මගින් මාශ පටක නැවත ප්‍රකෘතිමත් කිරීමද සිදු කරනවා.

ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්-ඕට්ස් කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාරයක්. ඕට්ස් වල අඩංගු එවැනි ප්‍රබලම ප්‍රතිඔක්සිකාරයක් තමයි ඇවි-නැන්-ත්‍රිමයිඩ් කියන්නේ. එමගින් ශරීරයේ ඉදිමුම් සහගත තත්වයන් , කැසීම් හා අහිතකර රුධිර පීඩන තත්වයන් සුවපත් කිරීම සිදු කරනවා. ඕට්ස් වල අඩංගු තවත් ප්‍රතිඔක්සිකාරකයක් වන බෙටා ග්ලුකන් මගින් රුධිර සිනි ප්‍රමාණය අවම කර ගන්න පුළුවන්. මෙහි ප්‍රතිපලය විටමින් C සමග ඒකාබද්ධ වූ විට තවත් ප්‍රබල වෙන බව පැවසෙනවා. එම නිසා දියවැඩියා රෝගින්ට උදැසන ආහාරය ලෙස ඕට්ස් කෝප්පයක් හා ලෙමන් යුෂ වීදුරුවක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි

හොද ජවයක් ලැබෙනවා-ඕට්ස් කියන්නේ කබෝහයිඩ්රේට් වලින් පිරිපුන් ආහාරයක්. ටිකක් විතර වියලි ඕට්ස් කෝප්පයක් උදෑසන ආහාරය ලෙස ගන්න පුළුවන් නම් ඔබට දිනය පුරාම උනත් හොද ජවයකින් වැඩ කරන්න ශක්තිය ලබා ගන්නට පුළුවන්.

ශරීර බර අඩු වෙනවා-දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් පරිවෘත්තිය ක්‍රියාවලිය විධිමත් වී ඔබේ බර වේගයෙන් අඩු වීම සිදු වෙනවා. කාලයක් තිස්සේ උදෑසන ආහාරය ලෙසට ඕට්ස් අනුභව කරන්නට පුරුදු වීම මගින් අනවශ්‍ය ලෙස ශරිරය තුලට අමතර කැලරි ලබා ගැනීම වැලකි යනවා. මෙම ක්‍රියාව මගින් අපිට අනාගත ලෙඩ රෝග කන්දකින් වැලකී සිටින්නට හැකියාව ලැබෙනවා. මොකද ස්ථුලතාවය කියන්නේ ලෙඩ රෝග ගොඩක ආරම්භයක් නිසා.

කොලොස්ටරෝල් අඩු කරනවා-ඕට්ස් වල අඩංගු ලිනෝ – ලෙයික් අම්ල හා දියවන සුළු තන්තු මගින් රුධිරයේ ට්‍රයි-ග්ලිසරයිඩ් හා නරක කොලොස්ටරෝල් අඩු කිරීම සිදු කරනවා. මෙම පෝෂක මගින් රුධිර නාලයන්හි බිත්ති වල මේද තැන්පත් වීම වළක්වා , හෘදයාබාධ හා ආඝාතය වැනි දරුණු රෝග වලින් අපව ආරක්ෂා කරනවා.

හදවත නිරෝගී කරනවා-ඕට්ස් තුල හදවතට හිතකර සෞඛ්‍ය සම්පන්න මේද අම්ල රාශියක් අඩංගු වෙනවා. මෙම මේද අම්ල මගින් හදවත් සෛල වල නිරෝගී තාවය හා රුධිර සංසරණ පද්ධතියේ නිරෝගිතාවය නිරතුරුවම ආරක්ෂා කරනවා. ඕට්ස් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක බලය නිසා නිදහස් අණු මගින් , රුධිර නාල වල බිත්ති වලට හානි කිරීම අවම කර අනාගත හදවත් රෝග අවධානම අවම කරනවා.

ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්න අවම කරනවා-ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහමින් පවත්වා ගැනීමට නම් දිනකට තන්තු ග්‍රෑම් 25ත් – 35ත් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගත යුතු බව වෛද්‍යවරුන් පවසනවා. උදෑසන ආහාරය ලෙස ඕට්ස් සුළු ප්‍රමාණයක් අනුභව කිරීමෙන්ම පමණක් මෙම තන්තු අවශ්‍යතාවයෙන් පහෙන් එකක්ම සම්පුර්ණ කර ගන්නට පුළුවන්. ඉතින් ඔබටත් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහමින් පවත්වා ගෙන , මල බද්ධය වැනි අපහසුකාරී රෝගයන්ගෙන් බේරිලා ඉන්න අවශ්‍ය නම් , එකට කරන්න තියෙන හොදම දේ තමයි ඕට්ස් කන්න පුරුදු වෙන එක

හරි අපි දැන් ඕට්ස් ගැන ගොඩක් දේවල් කතා කරානේ. දැන් අපි බලමු උදේට කන්න ඕට්ස් කොහොමද හදා ගන්නේ කියලා

ඕට්ස් කෝප්ප භාගයක් සමඟ කිරි කොප්පයක් හෝ මිලි ලීටර් 250ක කිරි ප්‍රමාණයක් මිශ්‍ර කර සාස්පනක දමා රත් කර රසවත් ආහාරයක් ලෙස සකසා ගන්න. මෙසේ සකසා ගත් ඕට්ස් මතට කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගත හැකියි. එසේ ම, උදෑසන ආහාරය සඳහා ඕට්ස් සමඟ යෝගට් ආහාරයට ගැනීමට ද පුළුවන. මේ සෑම දෙයකින්ම උදරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොමඳව ලබා ගැනීමට හැකි වන අතර, ශරීරයේ බර ප්‍රමාණය ඉක්මවා නොයයි. ඕට්ස් ධාන්‍යයෙහි ඇති විශේෂත්වය වන්නේ මෙයයි.

ඔබ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ හදවත් රෝගී අයෙක් නම් සම්පූර්ණ යොදය සහිත කිරි එක්ක ඕට්ස් කන එකෙන් වාසියක් ලබාගන්න බැහැ. ඒකට මේද රහිත කිරි පාවිච්චි කරන්න. ඒ වගේම හදවතට ගුණදායක නිවිති, අලිගැට පේර වැනි ආහාර සමඟ ඕට්ස් ආහාරයට එක් කර ගැනීමෙන් වැඩි වාසි ලබාගන්න පුළුවන්.