Naifmvlog

Naifm vlog Gossip and News

නාන කාමරය පිරිසිදුව තබාගන්න ක්‍රම

නාන කාමරයක් කියන්නේ නිවසේ ඇති ඉක්මනින්ම අපිරිසිදු වන ස්ථාන වලින් එකක්. අපිරිසිදු වූ කණ්නාඩි, කුණු බැඳුණු ටයිල්, හිසකෙස් හා සබන් හිරවුණු වතුර බසින ස්ථාන, අපිරිසිදු දුගඳ හමන වැසිකිලිය ආදී බොහෝ දේවල් නිසා ඔබේ නානකාමරය අප්‍රසන්න තැනක් බවට පත් වෙනවා. නමුත් එය ඔබ විශේෂයෙන්ම පිරිසිදුව ප්‍රසන්නව තබා ගත යුතු තැනක්. මොකද එයින් බොහෝ විට වෙනත් පුද්ගලයන් ඔබගේ සෞඛ්‍යය හ පිරිසිදුකම පිළිබඳ තක්සේරු කරනවා. මේ නිසා අදින් පසු ඔබගේ නාන කාමරය ඉතා පිරිසුදුව හා ප්‍රසන්නව තබා ගැනීමට පහතින් දැක්වෙන අපූරු උපක්‍රම 7 අනුගමනය කරන්න.

01. කන්නාඩිය පිරිසිදු කරගැනීමට.

වතුර හා සබන් විසි වීම නිසා නාන කාමරයේ ඇති කණ්නාඩි වල බොහෝ විට සුදු පැහැති බේරුණු සලකුණු සටහන් වී තිබෙනවා ඔබ දැක ඇති. ඉතින් මෙවන් සුදු පැල්ලම් මකා ගැනීම සඳහා ඔබ වෙළෙඳපොලේ ඇති අහිතකර රසායන ද්‍රව්‍ය වලින් පිරුණු මිල අධික පිරිසිදුකාරක යොදා ගැනීමට අකමැති නම් ඒ සඳහා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ බේකින් සෝඩා මිශ්‍රණයක් භාවිතා කරන්න. එම මිශ්‍රණයෙන් ටිකක් වීදුරුව මතට ස්ප්‍රේ කර ස්පොන්ජ් එකක් ආධාරයෙන් හොඳින් පිස දමන්න. මේ අමුද්‍රව්‍ය 2 සොයා ගැනීමට නැතිනම් රැවුල කැපීමට ගන්නා ශේවින් ක්‍රීම් යොදාගෙන කණ්නාඩි පිරිසිදු කරන්න. එමගින් ඔබගේ කන්ණාඩිය පිරිසිදු වනවා පමණක් නොවෙයි මීළඟ උණුසුම් ස්නානයෙන් පසු එහි වාෂ්ප බැඳීමත් වළක්වනවා.

02. නාන බේසම සඳහා.

නාන බේසම එහෙම නැත්නම් බාත් ටබ් එක පිරිසිදු කර ගැනීම සඳහා විනාකිරි කෝප්ප 1/2ක් සහ පිරිසුදු කිරීමේ මද්‍යසාර(Rubbing alcohol) කෝප්ප 1ක්, වතුර කෝප්ප 1/4ක් සමඟ මිශ්‍රකර සාදාගත් මිශ්‍රණය උණු වතුර කෝප්ප 16ක ප්‍රමාණයක් සමග මිශ්‍ර කරන්න. ඉන්පසු එය ඔබගේ නාන බේසම පුරා හොඳින් වත්කර මිනිත්තු 15ක් තිබෙන්නට හරින්න. ඉන්පසු සෝදා හරින්න.

03. වැසිකිලිය සඳහා.

ඔබගේ දත් හා මුඛය පිරිසුදු කිරීමට යොදා ගන්නා මවුත් වොෂ් දියරය හෝ දන්තාලේප ජලය සමඟ හොඳින් මිශ්‍ර කර එය ඔබේ වැසිකිළි පෝච්චියට වත්කරන්න. එය එසේම තිබෙන්නට හැර මිනිත්තු 30කට පසු වැසිකිලි බුරුසුවක් ආධාරයෙන් හොඳින් මැද සෝදා හරින්න.

04. ටයිල් පිරිසිදු කර ගැනීමට.

 

නාන කාමරයේ නිතර අපිරිසිදු වන දේවල් වලින් එකක් තමයි ටයිල් කියන්නේ. මේ සඳහා ඔබට සාමාන්‍ය ඔක්සිජන් බ්ලීචින් භාවිතා කරන්න පුලුවන්. අත්වැසුම් පැලඳු අත් වලින්, බ්ලීචින් වල පෙඟවූ තරමක් ලොකු පුළුල් කැබලි හෝ මෘදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් හොඳින් ටයිල් මදින්න. එමගින් ටයිල් මත ඇති වූ කුණු සහ පැල්ලම් ඉවත් වෙනවා. ඒ වගේම ඔබට මේ සඳහා කලින් උපක්‍රමයේ භාවිතා කළ ආකාරයෙන්ම ජලයේ මිශ්‍රිත මවුත් වොෂ් හෝ දන්තාලේපත් භාවිතා කරන්න පුළුවන්.

05. මලකඩ පැල්ලම් ඉවත් කිරීමට.

ඔබ සිතනවාට වඩා නානකාමරයේ ඇතිවන මලකඩ පැල්ලම් ඉවත් කිරීම පහසුයි. මේ සඳහා එවන් ප්‍රදේශයකට ලුණු දමා තරමක් අතුල්ලා ඉන්පසු එයට දෙහි යුෂ ටිකක් වත් කරන්න. දෙහි මගින් මලකඩ හා ප්‍රතික්‍රියා කර ඒවා ඉවත් කරන අතර ලුණු මඟින් ඉවත් වූ මලකඩ අවශෝෂණය කෙරෙනවා. මෙම මිශ්‍රණය රාත්‍රී කාලය පුරා එසේම තිබෙන්නට හැර උදෑසන සෝදා හරින්න.

06. දුහුවිලි රහිත සිවිලිමක් සඳහා.

නිවසේ වහල කෙතරම් පිරිසිදු කරත් බොහෝ දෙනකුට නාන කාමරයේ වහළය මගහැරී යනවා. මේ නිසාම බොහෝ විට ඒවායේ දුහුවිලි විශාල වශයෙන් රැඳී තියෙනවා. මේ සඳහා ඔබ විනාකිරි කොටස් එකක් උණු වතුර කොටස් එකක් සමග මිශ්‍රකර එම මිශ්‍රණයේ මොප් එකක් පොඟවා ඒ මොප් එක ආධාරයෙන් හොඳින් වහල පිස දමන්න. මෙය සිදු කිරීමේදී ආරක්ෂක කණ්ණාඩි පැළඳ ගැනීමටත් අමතක කරන්න එපා.

07. ස්නානය කරන ස්ථානය ආවරණය කෙරෙන තිර සඳහා.

ඔබ ස්නානය කරන ෂවර් එක හෝ නාන බේසම ඇති ස්ථානය ආවරණය කිරීම සඳහා ඇති තිර රෙදි එහෙමත් නැත්නම් ෂවර් කර්ට්න්(Shower curtain) පිරිසිදු කර ගැනීම සඳහා ස්ප්‍රේ බෝතලයකට බ්ලීචින් 500ml හා සාමාන්‍ය බඳුන් සෝදන සබන් දියර මේස හැදි 2ක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එය කර්ට්න් එකට හොඳින් ස්ප්‍රේ කර මිනිත්තු කිහිපයකට පසු හොඳින් සෝදා හරින්න.