Naifmvlog

Naifm vlog Gossip and News

අම්මාගේ තීරණවලට මම ඇඟිලි ගහන්නේ නැහැ – කාවින්ද්‍යා

“මොන ප්‍රශ්නය ආවත්, අම්මා ලෝකෙත් එක්ක හිනාවෙලා, අපිව බලාගත්තා… , අම්මා කියන්නේ කලා ක්ෂේත්‍රයේ තරුවකට එහා ගිය සැබෑ ජීවිතේ මා දුටු දේවතාවියක්.. , අපි අපේ ජීවිත ගැන තප්පරයෙන් තප්පරය වෙන්නේ මොනවද කියලා කියවා ගන්න යන්නේ නැහැ..” කාවින්ද්‍යා හෙවත් “කවී”, අතුල – සමිතා යුවළගේ ආදරණීය දියණියයි. මව සහ පියාගෙන් මෙන්ම පරපුරෙන් උරුම වූ ලායන හා සංගීත හැකියාව උපතින්ම උරුමකර ගත්තද, කවි යනු රංගනයෙන් ද අපූරු දක්ෂතා ඇති තාරුණ්‍යයේ ශිල්පිනියක්. මේ ඇය ගැනයි….. 1).  කාවින්ද්‍යා කියන්න ද? කවි කියන්නද ? ගොඩක් අය නම් මට කතා කරන්නේ “කවී” කියලා.. 2).  කොහොමද කවී ජීවිතේ… ?  සුන්දරව සතුටින් ගත කරනවා.. 3).  ඒකට විශේෂ හේතුවක් තියනවද ? නෑ ඉතින්… කොහොමටත් මම හරි සතුටින්නේ ඉන්නේ. මොන ප්‍රශ්නයක් ආවත්, සතුටට හේතුවක් හොයා ගන්නවා. විශේෂයෙන් කියලා හේතුවක් නැහැ. මේ ඉන්න විදිහ හොඳයි. ඒ ඉන්න විදියත් එක්ක සතුටු වෙනවා. අම්මගෙන්, මල්ලිගෙන්, රසික – රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය එක්ක සතුටින් ඉන්නේ..

4).  ඒ හැර ‘විශේෂ’ වූ ආදරයක් නැහැ..? නැහැ. 5).  කවීගේ ජීවිතය කවියක් වගේ ද ? නැත්තම් ගීතයක් වගේද ? ඒ දෙකම වගෙයි. හැල හැප්පීම් මැද්දේ ජීවිතය ගලාගෙන යනවා. 6).  හැල හැප්පීම් එහෙම ආවාම ඒ වගේ දේට මුහුණ දෙන්නෙ කොහොමද ? මගේ ජීවිතේ තේරෙන වයසේ ඉඳලාම බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන් කෙනෙක්. ඒ කාලයේදී මට ජීවිතේ බරපතළකමක් ගැන එච්චර තේරුණේ නැහැ. ඒත් බොහෝ දේට මුහුණ දීමත් එක්ක ජීවිතේ ලොකු පන්නරයක් ලැබුවා. බොහෝ දේ ඉගෙන ගත්තා. ඒත් කිසි දෙයක් ගැන ලොකුවට හිතන්නේ නැහැ. අද දවස සතුටින් ඉඳලා හෙට දවස ගැන හිතලා ජීවත්වන කෙනෙක්. 7).  ඒ කියන මතුපිටින දකින ‘කවීට’ වඩා ඇතුළාන්තයෙන් වෙනස් කෙනෙක් ? බාහිරව මගේ දිහා බලන අය හිතන්න පුළූවන්. මම හරි සෙල්ලමට විනෝදයට බර කෙනෙක්. ඒ මම ඉන්න විදියයි. ජීවිතය ගැන මම දවස ගානේ ඉගෙන ගන්නේ අපේ අම්මාගෙන්. එයා හරි ශක්තිමත් කාන්තාවක්. ජීවිතේ ඕනෑම දෙයකට මුහුණ දීමේ ශක්තිය අද මට තියෙනවා.

8).  පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඔබගේ මව සහ පවුල ගැන විවිධ ආරංචි පැතිරුණා. කවී ඒ ගැන හිතන්නේ කොහොම ද? මොනවද මේ කියන කතා ? අද සමාජ මාධ්‍යයේ තියෙන නිදහස නිසා ඒ නිදහස ප්‍රයෝජනයට ගෙන ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් පළ කරන්න පුළුවනි. එකක් මතක තියාගන්න. අපේ පරපුර ගත්තොත්, කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය පවුලක්, අම්මාගේ පැත්තෙන් ගත්තත්, තාත්තගේ පැත්තෙන් ගත්තත් එහෙමයි. ඒ නිසා රටේ ජනප්‍රිය පවුලක් ගැන සමාජ මාධ්‍ය හෝ අනෙකුත් මාධ්‍ය නිතර කතාබහ කිරීම අරුමයක් නෙවෙයි. රටේ සාමාන්‍ය පවුල්වල අයගේ ජීවිත ගැන මිනිස්සු හොයන්නේ නෑනේ. ඒ නිසා මට නම්, ඔය කියන දේ ගැන එච්චර හිතන්නේ නැහැ. අපි හොඳ දෙයක් කළොත් හොඳයි. නරක දෙයක් කළොත් නරකයි. ඒත් එකම දේ අපි ‘හරි’ නම් එච්චරයි. අපි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනෙ. ඔය එක එක දේවල් කරන අය ඒවා පළ කරලා ලොකු සතුටක් ලබනවා ඇතිනෙ. 9).  ඔබ කියන්නේ ඒවා කිසිම පදනමක් නැතුව පළවූ දේ කියල ද ? ඔව් ඉතින් අපේ ජීවිත ගැන දන්නේ අපිනේ. අපි කරන දේ මාධ්‍ය මඟින් රටේ ජනතාව දැනගන්නවා. ඒත් අපේ ජීවිතවල ඇතුළාන්තය ගැන දන්නේ අපි විතරනේ. අපි අපේ ජීවිත ගැන තප්පරයෙන් තප්පරය වෙන්නේ මොනවද කියලා කියවා ගන්න යන්නේ නැහැ. ඒත් සමාජ මාධ්‍යයේ ඔය වගේ දේ පළවෙනවා.

10).  ‘කවීට’ අම්මා ගැන හැඳින්වීමක් කරන්න කිව්වොත් ? සමහර අම්මලා ළමයි දාලා යනවා. එහෙම ගියාට පස්සේ ළමයි ගැන ඇහැක් ඇරලා බලන්නේ නැහැ. ඒත් අපේ අම්මා කියන්නේ කලා ක්ෂේත්‍රයේ තරුවකට එහා ගිය සැබෑ ජීවිතේ මා දුටු දේවතාවියක්. මොන ප්‍රශ්නය ආවත්, අම්මා ලෝකෙත් එක්ක හිනාවෙලා, අපිව බලාගත්තා. අපිව අතහැරියෙ නැහැ. මොන දුෂ්කරතා ආවත්, මල්ලියි මාවයි හොඳ සුව පහසු පරිසරයක් තනා දීලා අපිව ආදරයෙන් බලා ගත්තා. හැබැයි එයා ගන්න තීරණවලට මම ඇඟිලි ගහන්න ගියේ නැහැ. මටයි මල්ලිටයි අපේ අම්මා මේ විශ්වය තරමට වටිනවා. 11).  විවේකයක්-නිදහසක් ලැබුණාම කොහොමද කාලය ගත කරන්නේ ? බොහෝ වෙලාවට වැඩි පුර නිදාගැනීම තමයි කරන්නෙ. එක්කෝ කෑමකට එළියට යනවා. 12).  කවීට ගෙදරට වැඩත් පුළුවනිද ? අපොයි ඔව්. අම්මා මට ඒවා ඔක්කොම උගන්නලා තියෙන්නේ. ගැහැනු ළමයකු වුණාම කසාඳ බැන්ඳත් ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් විදිහේ ශක්තියක්, හඳුනාගන්න කියලා තමයි අම්මා මට කියලා තියෙන්නේ. ඒ කියන්නේ කාගෙන්වත් යැපෙන්නේ නැතිව ජීවත් වෙන්න කියන ශක්තියයි. ඒ ශක්තිය මට උපරිමයෙන් තියෙන කෙනෙක්. 13).  ඔයාගේ අම්මා මොන වගේ කෙනෙක් කියලද හිතන්නේ ? අපේ අම්මා එයාගේ පවුලේ එකම ළමයා ලෙස හුරතලයට හැදුණ කෙනෙක්. දුක් විඳි කෙනෙක් නෙවෙයි. අදටත් අම්මා හරි හුරතල් චරිතයක්. පවුලක එකම ළමයා ලෙස හැදෙන අයව එහෙම වෙන්නැති. එයා සතුටින් ඉන්න කෙනෙක්. ප්‍රශ්නයක් ආවාම මම නම් ටිකක් ඉක්මනට වැටෙනවා. ඒත් අපේ අම්මා එහෙම නැහැ. එයා හොඳට ‘ඉවසන’ කෙනෙක්. මම අම්මාගෙන් ඉගෙන ගත්ත ලොකුම දේ ඒ ඉවසීමේ ගුණයයි !