Naifmvlog

Naifm vlog Gossip and News

සුදු ඇඳුම් වල සුදු පැහැය දිගටම තියාගන්න විදිය

ඔබේ ඇඳුම් වල සුදු පාට කාලයත් එක්ක අවපැහැ ගැන්වෙන එක,කහපාට වෙන එක සාමාන්‍ය දෙයක්. ඒවායේ සුදුපාට දිගටම තියාගන්න නම් දැන් ඔබට ඕනෑ වෙන්නෙ ගෙදර එදිනෙදා භාවිතා කරන පුංචි දේවල් ටිකක් විතරයි. අපි මේ කියලා දෙන්න යන්නේ ඉතාම සාර්ථක වගේම පහසු ,ලාභදායී ක්‍රම කීපයක්.

1. තද පැල්ලම් ඉවත් කරගැනීම-ඔයාට මේකට වුවමනා වෙන්නෙ සබන් කුඩු,දෙහි,ලුණු සහ වතුර පමණයි. මුලින්ම ලොකු භාජනයකට වතුර ලීටර් 2ක් පුරවලා නටනකන් රත් කරන්න. ඒකට දෙහි ගෙඩි 3ක ඉස්ම මිරිකලා දාලා ලුණු මේස හැන්දකුත් ඒකටම දාන්න. ඊටපස්සෙ ඒකට සබන් කුඩු කෝප්ප 1/4ක් දාලා,අවපැහැ ගැන්වුණු රෙදි මිනිත්තු 40ක් පමණ පෙඟෙන්න තියන්න. ඊටපස්සෙ 2,3න් වාරයක් හොඳ වතුරෙන් සෝදලා වේලෙන්න තියන්න. මේ ක්‍රමය ඇඳුම් වල අත්‍ යට,බෙල්ල වගේ තැන් වල තියෙන දාඩිය පැල්ලම් මකන්නත් අපූරුයි.

2. සුදු ඇඳුම් වල සුදු පැහැය වැඩිදියුණු කරගැනීම-මේකට නම් ඕන වෙන්නෙ දෙහි සහ බේකින් සෝඩා විතරයි. ඔයා කරන්න ඕනෙ සුදු ඇඳුමෙ අවපැහැ වුණු හැමතැනකටම කෙලින්ම බේකින් සෝඩා මේසහැන්දක් බැගින් දාලා,කපපු දෙහි බෑයකින් ඒ තැන් හොදින් පිරිමදින එකයි. මිනිත්තු 15ක් තියලා සමාන්‍ය උණු වතුරෙන් සෝදලා දැම්මට පස්සෙ ඔයාගෙ ඇඳුම් වල කහ ගතිය නැති වෙලා තියෙනවා ඔයාට දැකගන්න පුලුවන්.මේ ක්‍රමයත් ඇඳුම් වල අත් යට,කොලර් වල දාඩිය පැල්ලම් යවන්න යොදාගන්න පුලුවන්. ඔයාට කැමති නම් බේකින් සෝඩයි,දෙහියි එකට දාලා පෙස්ට් එකක් හදාගෙන භාවිතා කරන්නත් පුලුවන්.

3. බහුකාර්‍ය බ්ලීචින් (bleach)-මේ බ්ලීචින් දියර හදාගන්න ඕන වෙන්නෙ දෙහි සහ වතුර විතරයි. දෙහි ගෙඩි කිහිපයක් මිරිකලා නටන වතුරට එක් කරන්න. ඔයාගෙ සුදු ඇඳුම් ඒකට දාලා මිනිත්තු 40ක් විතර පෙඟෙන්න තියලා සාමාන්‍ය විදිහට රෙදි සෝදන යන්ත්‍රයකින් සෝදාගන්න. දෙහි භාවිතා කරන්න බය වෙන්න එපා.ඒවා ඇඳුම් පිරිසිදු කරනවා පමණයි.ඇඳුමට හානි කරන්නෙ නෑ.

4. මටසිළුටු ඇඳුම් සේදීම-මේකට ඔයාට ඕනවෙන්නෙ සබන් කුඩු,හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ ජලය පමණයි. ඔයා භාවිතා කරන ඩිටර්ජන්ට් වර්ගයෙන් කෝප්ප 1/4ක් ,හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප 1/4ක් සමග වතුර කෝප්ප 8ක් වගේ ප්‍රමාණයක් එක්ක මිශ්‍ර කරගන්න. මේ දියරයේ මිනිත්තු 30ක් පමණ රෙදි පෙඟෙන්න තියලා හොදින් සෝදලා ගන්න.රෙදි වල තත්වය පවත්වා ගන්න නම් ඔයා තෝරාගන්න ඩිටර්ජන්ට් වර්ගය ගැන සැලකිලිමත් වෙන්න. මේ ක්‍රමය වඩාත් සුදුසු වෙන්නෙ වූල් සහ වෙනත් මෘදු,මටසිළුටු රෙදි වලින් නිමවූ ඇඳුම් සදහා.

5. තද, ප්‍රබල සේදීමක් සදහා-මේ ක්‍රමයට ඕනෑ වෙනවා ඇමෝනියා දියර,හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ ජලය. මුලින්ම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප 1/4කට ඇමෝනියා දියර බිංදු කිහිපයක් එකතු කරලා, ඒක වතුර කෝප්ප 4 ක් එක්ක මිශ්‍ර කරගන්න. මිනිත්තු 10ක් පමණ රෙදි පෙඟෙන්න තියලා හොදින් සෝදාගන්න.  තද සේදීම් සදහා යොදාගන්න නිසා මේ මිශ්‍රණය අනිත් ඒවාට වඩා සැරයි.ඒ නිසාම භාවිතා කරද්දි අත්වැසුම් පළදින්න අමතක කරන්න එපා.

6. ස්වභාවික රෙදි මෘදුකාරක (softners)-සුදු විනාකිරි සහ වතුර විතරයි මේකට ඕනෑ වෙන්නෙ. උණු වතුර කෝප්ප 4ක් සමග සුදු විනාකිරි කෝප්ප 1/2ක් එකතු කරලා ඔයාගෙ රෙදි මිනිත්තු 40ක් විතර ඒකෙ පෙඟෙන්න දාලා සෝදාගන්න. ඇඳුම් වල පැල්ලම් ඉවත් කරගන්න ඕනෙ නම් පැල්ලම් ඇති තැනට විනාකිරි දාලා එතන සබන් කෑල්ලකින් පිරිමදින්න. විනාකිරි රෙදි සුදු කරනවා විතරක් නෙවෙයි ස්වභාවික රෙදි මෘදුකාරකයක් ලෙස ක්‍රියා කරනවා.

7. ලිනන් රෙදි සේදීම-තරමක් ඇඹුල් වූ කිරි එකක ලිනන් ඇඳ රෙදි ආදිය පැයක් දෙකක් පෙඟෙන්න තියලා සමාන්‍ය විදිහට සෝදාගන්න.අවශ්‍ය නම් නැවත නැවත ඇඹුල් කිරි වල පොගවමින් සෝදන්න.මේ ක්‍රමයෙන් ඇද රෙදි කල්පවතිනවා පමණක් නෙවෙයි ඒවා සුමුදු බවට පත් කරමින් සමට ප්‍රසන්න අත්දැකීමක් එක් කරනවා.