Naifmvlog

Naifm vlog Gossip and News

සංගීත සංදර්ශන ඉවර වෙලා දිමංක වෙල්ලාලගේ මහා රෑ පොලිසියට යන්නේ ඇයි ?

මේ සින්දුව නම් කරලා තියෙන්නේ අංගාර කුමරි කියලා. ගීතය සංගීතවත් කරලා දුන්නේ කසුන් කල්හාර. ඒක තමයි මට මේ සින්දුවේ තියෙන විශේෂත්වය. මම මීට ප්‍රථම කසුන් අයියාගෙන් සින්දුවක් හදාගෙනම නැහැ. ඔහු ලෙහෙසියෙන් එහෙම ගීත නිර්මාණය කරන කෙනෙක් නෙවෙයිනේ. අංගාර කුමරි ලිව්වේ උමා අසේනි. දැන් ගීතය අවුට් කරලා සති කිහිපයක් වෙනවා. ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.  1). ඩිමංක දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද? අවුරුදු අටක් විතර.  2). මේ කාලය දෙස ආපහු හැරිලා බලපුවාම මොකද හිතෙන්නේ? වින්ද වේදනා, කාපු කට්ටවල් තමා මතක් වෙන්නේ. ඒවායේ ප්‍රතිඵල තියනවා. මම හිතන්නේ ටිකයි මම මේ ගමන ඇවිත් තියෙන්නේ. තව ලොකු ගමනක් යන්න තියෙනවා.  3).අද ගායන රියැලිටි තරඟ රැසක් තියෙනවා. ඩිමංක කොහොමද මේවා දකින්නේ? මේවා හොඳයි. සැඟවිච්ච අය කොතරම් ඉන් එළියට ආවද. මට නිතරම ඔය රියැලිටි තරගවලට ගිය මල්ලිලා නංගිලා මුණගැසෙනවා. මම ඒ අයට කියන්නේ එක දෙයයි. පුළුවන් තරම් ඉක්මනට අනුන්ගේ සින්දු කියන එක නවත්වන්න. විශේෂයෙන් තරගයෙන් ඉවත් වුණාම. තමන්ගේම දෙයක් කරන්න. එතකොට කැපිලි එනවත් අඩුයි.

4).වෘත්තීය ගායකයකු විදිහට කොරෝනා වසංගතය කොහොමද ඔබට දැනුණේ?  කොරෝනා වසංගතය නෙවේ මොන වසංගත ආවත් ඒ වගේ ඒවා එනවා කියලා සිහියේ තියාගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අවස්ථාවන්වලට මුහුණ දෙන්න පෙර සූදානමක් තියෙන්න ඕනේ. මම එහෙම හිතාගෙන තමයි ජීවත් වුණේ. ඒ නිසා ඒ මොහොතේදී යථාර්ථවාදීව මුහුණ දුන්නා.5).සංදර්ශන සංවිධායකවරු මුදල් නොදී මඟහැරපු අවස්ථා ඕනෑ තරම් ඇති. ඒ වෙලාවට මොකද කරන්නේ?  ඒ වගේ වෙලාවන් අනන්තයි. පොලිසියට යන වෙලාවලුත් තියෙනවා. ඒත් කෑකෝ ගහගන්න යන්නේ නැහැ. සමහර වෙලාවට මුකුත් නොකරම අල්ලලා දාලා යන වෙලාවලුත් තියෙනවා.  6).ඉස්සරට වඩා ඩිමංකගේ මිල ගනන් ඉහළද දැන්?  අපොයි නැහැ. අපි හැමෝටම වැඩ අඩු වුණා පහුගිය කාලේ. එහෙමයි කියලා ලැබෙන වැඩවලත් මිල ඉහළ දමන්න බැහැනේ. මම හිතන්නේ මේ වෙලාවේ අපි සාධාරණ විය යුතුයි.