Naifmvlog

Naifm vlog Gossip and News

ප්‍රසිද්ධ මෝටර් රථ වලට නම් ලැබුන හැටි

ලෝකයේ සුප්‍රසිද්ධ මෝටර් රථ වල නම් අපි කොච්චර දැනගෙන හිටියත් ඒවායේ නම් ඒවාට ලැබුණු හැටි ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඇතැම්විට මේවා එම මෝටර් රථ නිෂ්පාදකයන්ගේ නමින් ප්‍රසිද්ධ වන අතර ඇතැම් ඒවා පසුපස වෙනත් තේරුම් තිබෙනවා. ඉතින් මේ ලිපියෙන් අද අපි කියන්නේ මේ විදිහට ලෝකය බොහෝ ප්‍රසිද්ධ වුන මෝටර් රථ වලට ඒවායේ නම් ලැබුණු හැටි.

01. මර්සිඩීස් බෙන්ස් ( Mercedes – Benz) මේ නමේ එක් අර්ධයක් ඇති වුණ විදිහ නම් බොහොම පැහැදිලිය.මේ මෝටර් රථය පළමුවරට නිපදවූ කාල් බෙන්ස්ගේ නමින් තමයි මේ මෝටර් රථයේ නමේ එක් කොටසක ඇති වී තිබෙන්නේ. ඔහු 1833දි තමයි ඔහුගේ බිරිඳ බර්තා සමග මේ මෝටර් රථය නිෂ්පාදනය කර තිබෙන්නේ. නමුත් මෙම මෝටර් රථ මුලින් හඳුන්වා තිබෙන්නේ Benz & Cie යන නමින්. එහෙනම් මර්සිඩීස් කියන නම ආවේ කොහෙන්ද?

මේ කාලෙදිම moniker Daimler-Moteren-Gesellschaft (DMG) යන නාමය යටතේ Gottlieb Daimler යන ජර්මානු පුද්ගලයෙක්ද මෝටර් රථ නිෂ්පාදනයෙහි යෙදුනා. 1897දි Emil Jellinek නම් ඔස්ට්‍රියානු ව්‍යාපාරිකයෙක් ඩේම්ලර්ගේ පළමු පාරිභෝගිකයා වුනා. ඉන්පසු දිගටම මෙම ආයතනය සමඟ සබඳතාව පවත්වා ගත් ඔහු තව තවත් වේගයෙන් යා හැකි අලූත් මෝටර් රථ නිපදවීමට ඔහුව උනන්දු කලා. ක්‍රමයෙන් ඩේම්ලර්ගේ අවධානය මෝටර් රේස් තරග සඳහා යොමු කරවූ එමිල්, “මර්සිඩීස්” යන අන්වර්ථ නාමය යටතේ තරඟ වැදීමට ඔහුව පෙළඹෙව්වා. මර්සිඩීස් යනු ඔහුගේ දියණියගේ නාමයයි.

1900දි ප්‍රථම ඩේම්ලර් – මර්සිඩීස් රථය නිපදවුණු අතර රේස් තරඟ වලදී එය අන් කිසිවකට නැවැත්විය නොහැකි අති විශිෂ්ට ගණයේ රථයක් වුණා. ක්‍රමයෙන් මර්සිඩීස් නාමය ප්‍රචලිත කරමින් එම මෝටර් රථය ප්‍රසිද්ධ වුණා. පළමු ලෝක යුද්ධයෙන් පසු ඩේම්ලර්ගේ DMG සහ Benz & Cie යුද්ධයෙන් පසු සිදුවන ආර්ථික හානිය වලක්වා ගැනීමට Daimler -Benz AG නම් ආයතනය ඇතිකරමින් අලුත් සුසංයෝගයක් සාදා ගත්තා. මෙම ආයතනයේ වෙලඳ නාමය ලෙස ඩේම්ලර් භාවිතා කළ අන්වර්ථ නාමය වන මර්සිඩීස් යන්න යොදාගත්තා.

02. අවුඩි (Audi) අවුඩි මෝටර් රථයේ ආරම්භකයා වුනේ August Horch නැමැති පුද්ගලයෙක්. ඔහු මුල් කාලයේ බෙන්ස් මෝටර් රථය නිපදවූ කාල් බෙන්ස් යටතේ සේවය කළ තැනැත්තෙක් වුණත් පසුවත් තමාගේම නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුව ඇතිව ඔහු එතැනින් ඉවත් උනා. ඔහු A. Horch & Cie නම් ආයතනයක්‌ ආරම්භ කළ ඔහු වසර 10ක්‌ ගතවීමේදී එය අසාර්ථක වීම නිසා ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන්ගෙන් නැවතත් වෙන් උනා.

ඉන්පසුව ඔහු ජර්මනියේ තවත් මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් ආරම්භ කලත් මේ වන විට ඔහුගේ පැරණි ආයතනය විසින් ඔහුගේ නම භාවිතා කරන නිසා ඔහුට මීට පිළියමක් අවශ්‍ය වුනා. ඔහුගේ නමේ තේරුම වන ඇහුම්කන්දීම ( Horch =Listen) යන්නෙහි ලතින් තේරුම ඇති අවුඩි යන්න මේ සඳහා ඔහු භාවිතා කළා. අවුඩිහි දක්නට ලැබෙන වෙළදනාම සංකේතය වන එකිනෙක හා බැඳුණු මුදු හතරක සංකේතය ආවේ, 1932 දී ජර්මනියේ ප්‍රධානම මෝටර් රථ නිෂ්පාදන කරුවන් හතර දෙනකු එකතු වී ඇතිකරගත් Auto Union නම් සංගමයක් නිරූපණය කිරීමටයි.

එහිදී Audi, Horch, DKW and Wanderer යන ආයතන හතර නිරූපණය කිරීමට මෙම මුදු හතර යොදා ගත්තා. නමුත් දෙවන ලෝක යුද්දෙන් පසු මෙම එකමුතුව බිඳවැටුණා. නමුත් නැවත 1964දි වොක්ස්වැගන් ආයතන විසින් මෙම ඔටෝ යුනියන් ආයතනයෙහි පාලනය භාරගත් අතර, ඔවුන් විසින් ඔටෝ යුනියන් යන නාමය අතහැර අවුඩි සමාගම සමඟ පමණක් ඉදිරියට යන්නට තීරණය කළ අතර ඔවුන්ගේ මුදු හතරේ සංකේතය එලෙසම තබා ගැනීමට තීරණය කළා.

03. ඇල්ෆා රෝමියෝ ( Alfa Romeo) Anonima Lombarda Fabbrica Automobil (Anonymous Lombard Automobile Factory) නම් ඉතාලියානු ආයතනය 1910 දී ආරම්භ කළ අතර මෙම ආයතනයේ මුල් අකුරු හතර වන A, L, F saha A මගින් බොහෝ දෙනා දන්නා Alfa (ඇල්ෆා) යන නාමය නිර්මාණය උනා. ඉතාම ඉක්මනින් සාර්ථකත්වයට පත්වුන මෙම ආයතනය 1915දී නිකොලා රෝමියෝ නම් තැනැත්තෙකු විසින් මිලදී ගත් අතර එහිදී ඔහු යුද්ධය සමග අත්වැල් බැඳ ගනිමින් මෙම ආයතනය පළමු ලෝක යුද්ධයට අවශ්‍ය යුධ රථ වාහන නිපදවීමට යෙදෙව්වා. නමුත් 1918දී යුද්ධය අවසාන වූ පසු නැවතත් සාමාන්‍ය මෝටර් රථ නිපදවීමට මෙම ආයතනය යොදා ගැනීමට සිදුවුනා. මෙහිදී අලුත් වෙළඳ නාමයක් අවශ්‍ය වූ අතර නිකොලා රෝමියෝ ඔහුගේ නාමය ලබා දීමට කැමැති වුණා. ඒ අනුව අපි අදටත් දන්නා ඇල්ෆා රෝමියෝ මෝටර් රථ එතැන් සිට බිහිවුණා.

04. වොක්ස්වැගන් ( Volkswagen ) වොක්ස්වැගන් හි ආරම්භක කතාන්දර නම් බොහෝ දෙනෙක් දන්නා කතාවක්. නමුත් මෙහි බොහෝ දෙනෙක් දන්නෙ නැති දෙයක් තමයි මේ Volks – Wagen කියන ජර්මානු වචනයෙහි තේරුම “People’s car” /මිනිසුන්ගේ කාරය යන්න බවයි. එකල වොක්ස්වැගන් නිපදවීමේ අරමුණ වුනේ ඕනෑම මිනිසකුට මිලදී ගැනීමට හැකි ආකාරයේ වාහනයක් නිපදවීමයි.
එකල ජර්මනියේ සිටි ඒකාධිපතියා වූ හිට්ලර් විසින් ඕනෑම මිනිසකුට දැරිය හැකි ආකාරයේ කාරයක් නිපදවීමට අණකළේය.

විවිධ ආයතන විසින් විවිධ ආකාරය සැලසුම් ඉදිරිපත් කළ අතර, එයින් කුරුමිනියෙකුගේ හැඩය ගත් එකක් පමණක් හිට්ලර්ගේ සිත්ගන්නා ලදී. ඉන්පසු එම සැලසුමට අනුව මෝටර් රථ ඉදිකිරීමට Wolfsburg නම් ආයතනයක් වෙනමම ඉදි කළ අතර පසුව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ යුද්ධය ඇතිවීම නිසයි. යුද්ධයත් සමඟ මෝටර් රථ නිපදවීම පසෙකලා එම ආයතනය යුධමය කටයුතු සඳහා යොදා ගන්නා ලදී. යුද්ධය අවසාන වි හිට්ලර් මියයාමත් සමග Wolfsburg ආයතනය බ්‍රිතාන්‍යන් විසින් පාලනයට ගෙන එම ආයතනය විසින් මෝටර් රථ නිපදවීම ආරම්භ කලා. පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් ජර්මානු රජයට නැවතත් එම ආයතනය බාර දීමෙන් පසු අපි අදටත් දන්නා වොක්ස්වැගන් කාර් නිපදවීම සිදු වෙනවා.

05. ඇස්ටන් මාර්ටින් (Aston Martin) Bamford & Martin Ltd was founded ආයතනය 1913දි රොබර්ට් බැම්ෆොර්ඩ් සහ ලයනල් මාර්ටින් (Robert Bamford and Lionel Martin ) ගේ එකතුවෙන් ආරම්භ වුණා. එකල ප්‍රසිද්ධ මෝටර් රේස් තරගයක් වූ Aston Hill Climbහි තිබු තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු එම මෝටර් රථ වලට ඇස්ටන් මාටින් යන නම තබන ලදී. පළමු ඇස්ටන් මාටින් මෝටර් රථය 1914 විකුණුනු අතර එදා සිට අද දක්වා මෝටර් රේස් ඉතිහාසයේ නැතුවම බැරි නාමයක් ලෙස ඇස්ටන් මාටින් තවමත් වැජඹෙනවා.

06. වොල්වෝ (VOLVO) අවුඩි වල මෙන්ම වොල්වෝ ආයතනයක් තමන්ගේ නම ලබා ගත්තේ ලතින් තේරුමක් ඇතිවයි. ස්වීඩන් බෝල් බෙයාරින් ආයතනයක් වන Svenska Kullagerfabriken (SKF) ආයතනය විසින් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයට ඇතුළුවීමට අවශ්‍ය වූ අතර එහිදී ඔවුන්ට අලුත් වෙළඳනාමයක් අවශ්‍ය වූ අතර ඔවුන්ගේ ball bearing ආයතනයටම ගැලපෙන පරිදි “I roll” යන්නෙහි ලතින් තේරුම ඇති වොල්වෝ යන නම යොදා ගන්නා ලදී.

07. ටොයෝටා (Toyota) බොහෝ අවස්ථාවලදී මෙන් ටොයෝටා ආයතනයටත් එහි නම ලැබුනේ Kiichiro Toyoda නම් එහි ආරම්භකයාගෙ නමින්. නමුත් ඔහුගේ නම ටොයෝඩා වන බැවින් ආයතනයට ටොයෝටා යන නාමය ලැබුණේ කෙසේද?
ජපානය ටොයෝඩා ආයතනය මගින් ඇමරිකාවට වැඩි වැඩියෙන් මෝටර් රථ අපනයනය කරන ලද අතර එහිදී ජපන් භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් දෙකෙන්ම භාවිතා කළ හැකි අලුත් වෙළඳ නාමයක් අවශ්‍ය විය. මේ සඳහා තරඟයක් පැවැත්වූ අතර එහිදී යෝජනා 27000ක්‌ පමණ ඉදිරිපත් වුණා. අවසානයේ ජයග්‍රහණය කලේ මේ ටොයෝටා යන නාමයයි. එයට හේතුව ජපන් කටකනා භාෂාවෙන් ටොයෝටා යන්න ලිවීමට පින්සල් පහරවල් අටක් පමණක් වැය වෙද්දි ටොයෝටා යන්න ලිවීමට පින්සල් පහරවල් දහයක් අවශ්‍යවීමයි. ජපානයේදී 8 යනු සුබ ඉලක්කමක්‌ වීම නිසා ඔවුන් ටොයොටා යන්න තෝරා ගන්නා ලදී.