Naifmvlog

Naifm vlog Gossip and News

ඇඳ අසල වතුර වීදුරුවක් තියන්න එපා

බොහෝ වෛද්‍යවරු දිනකට වතුර වීදුරු 8 ක් පානය කිරීමට නිර්දේශ කරනවා. එම නිසා බොහෝ අය මෙම ප්‍රමාණයට වතුර පානය කිරීමට මහන්සි වෙනවා. මෙම සෞඛ්‍ය සම්පන්න පුරුද්ද දිගටම පවත්වා ගෙන යාමට මතක් කර ගැනීමට විවිධ ක්‍රම භාවිතා කරනවා. ඉන් එකක් වන්නේ රෑට නිදා ගන්නා විට ඇද අසලම වතුර වීදුරුවක් තබා ගැනීමයි. එවිට උදෑසන අවදි වූ පසු එය පානය කිරීමට මතක් වෙනවා. කෙසේ වෙතත් ඔයා හිතන තරම්ම ඇඳ අසල වතුර වීදුරුවක් තබා ගැනීම ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන්.

මේ පිළිබදව අපි බොහෝ කරුණු විමර්ශණය කිරීමෙන් පසු ඇද ළග වතුර වීදුරුවක් තබා ගනිමින් රාත්‍රිය පුරා ඉන් ටික ටික පානය කරනවාට වඩා උදෑසන අවදි වී නැවුම් වතුර වීදුරැවක් පානය කිරීම වඩා හොදයි. මේ පිළිබදව විස්තර අපි ඔයාට පැහැදිලි කරන්නයි මේ සූදානම් වන්නේ. සමහර කෑළි වතුර වීදුරුව පතුලේ තැන්පත් විය හැක.වතුර වීදුරුවක් රාත්‍රිය පුරා විවෘත කර තබන විට විවිධ සතුන් ඊට ගොදුරු විය හැක. මදුරුවන්, මැස්සන් සහ වෙනත් කෘමීන් රාත්‍රියේදී වතුර වීදුරුව තුළට වැටෙන්නට හැකි ඉඩ ප්‍රස්ථාව වැඩි වෙනවා. ඔයා නිදාගත් පසු දූවිලි හා වෙනත් කැබලි ඔයාගේ වතුර වීදුරුවට යා හැක. උදේ වරුවේ ඔයා වතුර පානය කරන විට ඔයා එය නොදකින්නට පුළුවන්.
වතුරවල රසය වෙනස් විය හැක.

ඔයා ටැප් වතුර පුරවන විට එයට විෂබීජ නාශක ලෙස එකතු කරන ක්ලෝරීන් අඩංගු වෙනවා. නමුත් ක්ලෝරීන් රාත්‍රී කාලයේදී වාෂ්ප වීමට පටන් ගන්නවා. එමනිසා වතුරවල රසය වෙනස් වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔයා නැවුම් වතුර පානය කිරීමට පුරුදු වී සිටින කෙනෙක් නම් එම වතුර ඔයාට පරණ බව සිතෙන්න පුළුවන්. ඔයාගේ වතුර වීදුරුවට විෂබීජ බෝවීම සදහා හොද අඩිතාලමක් බවට පත් වෙනවා. ඔයා වීදුරුවෙන් වතුර උගුරක් පානය කරන විට ඔයාගේ කටින් බැක්ටීරියා මිලියන ගණනක් එම වීදුරුවට මාරුවෙන බව ඔයා දන්නවාද? ඉතින් ඔයා නින්දට වැටීමට උත්සාහ කරන විට එම වීදුරුවෙන් වතුර ටිකක් පානය කිරීමට තීරණය කළහොත් ඉන් විෂබීජ ඇතුළට ගොස් උදේ වන විට එය දෙගුණ තෙගුණ වී තිබීමට පුළුවන්.

එමගින් ගිනි ගැනීමක් ඇතිවීමද අවස්ථාව ඇත.බොහෝ පුද්ගලයින් නිදා ගන්නා ඇද අසල ජංගම දුරකථනය චාර්ජ් කිරීමටද පුරුදු වී සිටිනවා. ඔයා නිදිමතෙන් වතුර වීදුරුව ගැනීමට යෑමේදී වැරදීමකින් වීදුරුව බිමට වැටීමට හැක. එහි තිබූ වතුර කරන්ට් එකට වැදීමෙන් ගිනි ගැනිමේ අවධානමකටද ලක් විය හැකි බව හොදින් මතක තබා ගන්න. වතුර තරමක් ආම්ලික වේ. වතුර වීදුරුව විවෘතව තබන විට එයට කාබන් ඩයොක්සයිඩ් කුඩා ප්‍රමාණයක් අවශෝෂණය වී එහි pH ශේෂය තරමක් වෙනස් කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වතුරේ pH අගය අඩු වීමත් සමඟ එය ආම්ලික විය හැක. එය ඔයාගේ සෞඛ්‍යයට බලපාන්නේ නැත. නමුත් වතුරවල රසය වෙනස් විය හැකි අතර එය පානය කිරීමට අකමැත්තක් ඇතිවිය හැක.

ඔයාගේ ඇඳ අසල වතුර වීදුරුවක් තබා ගැනීමෙන් නින්දට බාධාවක් ඇතිවිය හැක.ඔයාට හැම විටම වතුර වීදුරුවක් පෙනෙන විට නින්ද සමග පොර බදින ඔයාට වතුර පානය කිරීමට හිතෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට කිහිප වරක්ම වැසිකිළියටත් යන්න වෙනවා. රාත්‍රියේදී කිහිප වතාවක් එසේ කිරීමෙන් ඔයාගේ නින්දට බාධාවක් ඇති වෙනවා. ඉතින් ඔයාට හොද නින්දක් නොලැබීම නිසා උදේට වෙහෙසට පත් වෙනවා. ඔයත් වතුර බොන්න මේ වගේ සටන් කරන කෙනෙක්ද? මේ කරුණු පිළිබදව කලින් ඔයා දැනගෙන හිටියද? ඔයාගේ අදහස් දැන ගන්න අපි කැමතියි.