Naifmvlog

Naifm vlog Gossip and News

කොළ කැඳ වලට ගත හැකි කොළ වර්ග

අතීතයේ සිටම කොළ කැඳ සෑදීමට කොළ වර්ග එකක් හෝ බොහෝ විට කොළ වර්ග කිහිපයක් එක් කොට කලවම් කොළ කැඳක් ලෙස සාදා පානය කිරීම සිදුකරනවා. එකම කොළ වර්ගයකින් සාදාගත් කොළ කැඳක් නිරතුරුවම පානය කිරීම සුදුසු වන්නේ නැහැ.
කොළ කැඳ භාවිතා කිරීමෙන් කුසගින්න, පිපාසය දුරුකිරීම. ශරීරගත වාතය සමනය කිරීම, ආමාශය ඇතුලු අන්ත්ර පෙදෙස් පිරිසිදු කිරීම, හා මලබද්ධ මුත්රාබද්ධ දුරුකර පහසුවෙන් බහිශ්රාව්ය පිටකිරීම ඔසු කැඳ මඟින් සිදු කෙරෙනවා. එසේ ම විෂ හරණය, ශක්ති වර්ධනය, දාහය නිවීම, සම පැහැපත් වීම, ධාරණ ශක්තිය වැඩිවීම වැනි වාසි ගණනාවක් සිරුරට අත්වෙනවා.ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ බොහෝ දෙනෙක් නොදන්නා කොළ කැඳ වලට ගත හැකි සියලු කොළ වර්ග ගැනයි .

                                                                                                 ගොටුකොළ

                                                                                            හාතාවාරිය කොළ

                                                                                         පොල්පලා කොළ

                                                                                                    කරපිංචා කොළ

                                                                                                වැල්පෙනල කොළ

මොනරකුඩුම්බිය කොළ

ඉරමුසු කොළ

වැල් තිබ්බටු කොළ

රණවරා කොළ

එළබටු කොළ

කුප්පමේනියා කොළ

නිල් කටරොළු දළු කොළ

නෙලුම් දළු කොළ

දියබෙරලිය කොළ

කීකිරිඳිය කොළ

ලුනුවිල කොළ

හීං බෝවිටියා කොළ

දිවුල් කොළ

කෝන් කොළ කොළ

කිරි අගුණ කොළ

සුදු කටරොළු කොළ

මුකුණුවැන්න කොළ

කතුරුමුරුංගා කොළ

යකිනාරං කොළ

බෙහෙත් අනෝදා කොළ

තැල් කොළ

හීන් උඳුපියලිය කොළ

කෝවක්කා කොළ