Naifmvlog

Naifm vlog Gossip and News

විවාහ සංවත්සරය දවසේම උතුම් පිය පදවිය ලැබූ අමාත්‍ය නාමල් රාජපක්ෂ

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ උතුම් පිය පදවියට අද දිනයේදී පත්වුණා. එය ඔහුගේ පළමු විවාහ සංවත්සරය සමරන අවස්ථාවේදී සිදුවීමත් විශේෂත්වයක්. මේ බව අමාත්‍යවරයාගේ සමීපතමයෙකු සිය මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙලෙසින්… “පළමු විවාහ සංවත්සරය දා උතුම් පිය පදවිය ලැබූ නාමල් රාජපක්ෂ ඇමතිතුමන්ට උණුසුම් සුබ පැතුම් …! එසේම නාමල් රාජපක්ෂ, ලිමිනි සමඟ විවාහ ජීවිතයට එක්වී අදට වසරක් සපිරෙනවා. ඒ්, බව සඳහන් කරමින් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ, ලිමිනි සමඟ ඔහු සිටින ඡායාරූපයකුත් එක් කරමින්. එම සටහන පහතින්… “ගෙවී ගිය අප දෙදෙනාගේ ජිවිතයේ සුන්දරම වසරේදි, ඇතැම් අසීරු දිනයන්හිදී එම අසීරු බව ඔබේ ආදරණීය බව තුළ මග හැරුණා.විවාහ සංවත්සරය යෙදී ඇති අද,ආදරණීය බිරිද ලිමිනි,ඔබට තෙරුවන් සරණ හා සියලු දෙවි රැකවරණය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.අපේ ආදරයට ඉදිරි ජිවිතය ද සුන්දරව ගත කිරීමට වඩා පහසු වේවි…”

#1

#2

#3

#4

#5