Naifmvlog

Naifm vlog Gossip and News

හදිසියකදී ඔබේ වාහනයේ අනිවාර්යෙන් තිබිය යුතු දෑ 5ක්

තමන්ගේ වාහනය කියන්නේ අපේ කොල්ලන්ට නම් ජීවන නාලය හා සමාන දෙයක්. එතරම් ආදරය කරන වාහනයේ නැඟලා රවුම් ගහන්න අපි හැමෝම කැමතියි. නමුත් මෙහෙම රට වටේ යද්දී මාර්ග අනතුරු වගේ හදිසි අවස්ථාවන් බොහෝමයකට මුහුණ දෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. එහෙව් අවස්ථාවකට මුහුණ දෙන්න පෙර සිටම සූදානම් වී සිටීම නුවණට හුරුයි. කොහොමත් අවදානමට වඩා සූදානම හොඳයි කියලා කතාවකුත් තියෙනවානේ. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ හදිසි අවස්ථාවකදී ඔබේ වාහනයේ තිබිය යුතුම ආයුධ සහා තවත් භාණ්ඩ කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න.

#1.  අමතර යතුරක්

වාහන අයිතිකාරයෝ තමන්ගේ ජීවිතයේ එක වතාවක් හරි යතුර වාහනයේ දාලා බැහැලා ගිහින් තියෙනවා. මෙහෙම අවස්ථාවකදී දොර ඇරගන්න බැරිව හරිම අකරතැබ්බයකට තමයි ඔබට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් එවැනි සිදුවීම් වලක්වා ගන්න ඔබේ වාහනයේ අමතර යතුරක් හැම විටම සාක්කුවේ තබා ගැනීම නුවණට හුරුයි.

#2.  අමතර ටයරයක්

රෝද වල හුළං යෑම කියන්නේ බොහෝ දෙනෙක් නිරන්තරයෙන් පත්වන හදිසි අවස්ථාවක්. එවැනි දෙයකට බය නැතුව මුහුණ දීම සඳහා තමයි අනිවාර්යයෙන්ම ඔබේ වාහනයේ අමතර රෝදයක් තබා ගත යුත්තේ. මතක ඇතුව ඔබේ අමතර රෝදයේ හුළං තත්වය පිලිබඳව මසකට වරක් වත් පරීක්ෂා කර බලන්න. නැත්නම් ඔබට වෙන්නෙත් ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් තමයි.

#3.  ප්‍රථමධාර කට්ටලයක්

වාහනය ඇතුලේ මෙන්ම පිටදීත් ඔබ අනතුරු රාශියකට පත් වීමේ අවදානමක් තියෙනවා. එවැනි අවස්ථා වල ඔබේ උදව්වට එන්නේ ප්‍රථමාධාර කට්ටලයක්. මාර්ග අනතුරකදී ඔබට මෙන්ම තුවාල සිදු වූ තවත් පුද්ගලයින්ගේ සහායට මෙවැනි ප්‍රථමාධාර කට්ටල ඉතාම වැදගත්. මේ නිසා ඔබේ වාහනයටත් කුඩා ප්‍රථමාධාර පෙට්ටියක් එකතු කර ගන්න අමතක කරන්න එපා.

#4.  ආයුධ කට්ටලයක්

ඔබේ වාහනයේ හදිසි අලුත් වැඩියා කටයුතු සඳහා නිතරම අවශ්‍ය වන දෙයක් තමයි ආයුධ. ඒ නිසා ඉස්කුරුප්පු නියන් සහා යතුරු කිහිපයක් වැනි භාණ්ඩ අඩංගු ආයුධ කට්ටලයක් වාහනය තුළ තබා ගැනීම ඔබට පහසුවක්. වාහනය මහ මඟ නතර වුණු වෙලාවක ලඟ පාත ගරාජයක් සොයා ගැනීමට නැති නම් පොඩි රෙපෙයාර් එකකට එහෙම මේ ආයුධ කට්ටලය බෙහෙවින් උපකාරී වේ.

#5.  විදුලි පන්දමක්

තරමක් විශාල විදුලි පන්දමක් හදිසි අවස්ථාවකදී වැඩ කිහිපයක් සඳහාම භාවිතා කළ හැකියි. ඒ වගේම තමයි රාත්‍රී කාලයේ ගමන් බිමන් වල යෙදෙන විට ඔබේ වාහනය අතරමඟ කැඩුණොත්, මේ විදුලි පන්දම තමයි ඔබේ සහායට තියෙන්නේ. ඒ නිසා අදම ඔබේ වාහනයටත් විදුලි පන්දමක් එකතු කර ගන්න අමතක කරන්න එපා.

#6. ජම්ප් ස්ටාටර්

#7.  ගිනි නිවන උපකරණ

#8.  වායු පොම්පය

ඉතින් අපි මේ සඳහන් කරපු භාණ්ඩ කිහිපය ඔබේ වාහනය තුළ තබා ගැනීමෙන් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා මුහුණ දීමට ඔබට සූදානමෙන් සිටිය හැකියි. එවිට කිසිදු විටක පාර මැද අතරමං වීමට ඔබට සිදු නොවනු ඇති.