Naifmvlog

Naifm vlog Gossip and News

ඔබගේ පෙම්වතියව සතුටින් තියන්න ටිප්ස් 6ක්

ඔයාගේ කැමැත්ත ගිය කෙල්ලව අමාරුවෙන් කොහොමහරි කැමති කරගත්තා කියමුකෝ. හැබැයි මේ සම්බන්දෙ ඉස්සරහට ගෙනියන්න නම් ඔයාට පොඩ්ඩක් කැප වෙන්න වනවා.මොකද ඔයා හැම වෙලාවේම එයාව අඬවනවා නම් එයාව සතුටින් තියන්න උත්සාහ කලේ නැත්තන් වැඩි දවසක් යන්න කලින් එයාට ඔයාව එපා වෙන තත්වෙකට එන්න පුළුවන්. ඒ නිසා ඔයා එයාට ඇත්තටම ආදරේ කරනවා නම් එයාව Marry කරන්න හිතාගෙන ආශ්‍රය කරනවා නම් එයා ගැන ගොඩක් හිතන්න ඕන. මොකද කෙල්ලෙක් කැමති තමන් ගොඩක් ආදරේ කරන තමන්ගේ පෙම්වතා එක්ක හැම වෙලාවේම සතුටින් ඉන්න. ඒකෙන් දෙන්නා අතර තියන බැඳීම තවත් ශක්තිමත් වෙනවා. ඉතින් අපි අද කියන්න යන්නේ ඔයාගේ සම්බන්දෙ Breakup වෙන්නේ නැතුව ලස්සනට තියාගන්න එයාව සතුටින් තියන්න කොහොමද කියලා.

#1.  කවදාවත් විශේෂ දවස් අමතක කරන්න එපා.

කොල්ලෙක්ට ගොඩක් වෙලාවට විශේෂ දවස් මතක තියාගන්න එක ගොඩක් අමාරු වැඩක්. සමහර විට තමන්ගේ birthday එක කවදද කියලා වත් මතක නැති ඇය ඉන්නවනේ. හැබැයි එයාගේ Birthday එක තියන දවස, ඔය දෙන්නා පළවෙනියටම මුණ ගැහුන දවස එහෙමත් නැත්තන් ඔය දෙන්නා යාලු උන දවස ඒ කියන්නේ Love Anniversary එක වගේ දේවල් අමතක කරලා දැම්මොත් එයා නම් සමාවක් දෙන එකක් නැහැ. ඔයාට තියන වැඩත් එක්ක ඔයාට ඒ දවස් මගහැරිලා අමතක වෙලා යන්න පුළුවන්. මොකද කෙල්ලෙක් වගේ ඕක මතක තියාගෙනම ඉන්නේ නැහැනේ. හැබැයි මේ දවස් අමතක නොකර ඉන්න ඕනෑතරම් විසඳුම් තියනවා. ඔයාගේ Smart Phone එකට Reminder app එකක් දාගන්න. හැබැයි තියන දවසට දවසකට කලින් Remind වෙන්න මේක දාගන්න. මොකද ඔයාට Gift එකක් ගන්නත් කල් තියෙන්න ඕනනේ. එයාට ඒ ගැන කියන්න යන්න එපා. ඔයාට ඒ දවස හොඳට මතකයි කියලා පෙන්නන්න මේක හොඳ ක්‍රමයක්. ඉතින් මේ විදිහට ඔයාට එයා වෙනුවෙන් Surprise Party එකක් ලෑස්ති කරලා එයාව ගොඩක් සතුටින් තියන්න ඔයාට පුළුවන්.

#2.  හැම වෙලාවේම ආදරෙන් කතා කරන්න.

කොල්ලොන්ට තරහ යනවා කියන එක ඉතින් වෙලාවක් කලාවක් නැහැනේ. ඕන දේටයි එපා දේටයි හැම එකටම බොරුවට තරහ ගන්න එක කොල්ලෝ කරන නරක දෙයක්. හැබැයි ඔයාගේ කෙල්ලට ඔයා තරහෙන් කතා කරනවා නම් එයා ඒකට පොඩ්ඩක් වත් කැමති නැහැ. සමහරවිට ඔයා ඉන්න Situation එකත් එක්ක ඔයාට තරහ යන්න පුළුවන්. Office එකේ වැඩ කරන අස්සේ එයා Call කලොත් තියන Stress එකට තරහ එයාගේ පිටින් යවන්න නම් හදන්න එපා. එතකොට එයාට ඔයාව ඉක්මනට එපා වෙයි. මොකද එයා හිතන්නෙ එයා තමයි පලවෙනි තැන ඉන්න ඕන කියලා. ඒ නිසා ඒ වගේ අවස්තාවක ඔයා එයාට ආදරෙන් තේරුම් කරලා දෙන්න. එතකොට එයා ඒක තේරුම් ගනියි. ඔයාගේ වැඩ ටික ඉවර උනාම විනාඩි 5කට හරි එයාට කතා කරලා එයාව මතක් උනා කියලා කියන්න. එයාට ඒක ගොඩක් සතුටු හිතෙන කාරණයක් වෙයි.

#3.  එයාට හොඳින් ඇහුම්කන් දෙන්න.

ඔයා එයාගේ පෙම්වතා වගේම හොඳම යාලුවත් වෙන්න ඕන. එයා කියන දේවල් ගණන් ගන්නේ නැතුව ඇහෙන්නේ නැතුව ඉන්න නම් හිතන්න එපා. මොකද එයා දන්නවා ඔයා එයා කියන දේවල් හරියට අහගෙන ඉන්නවද කියලා. දුකක් කරදරයක් ආවම එයාව තනි නොකර එයා එක්කම ඉන්න. ඒක එයාට ලොකු ශක්තියක්. ඒ ගැන හිතලා එයාට සතුටු වෙන්න පුළුවන්.

#4.  එයා කැමති අකමැති දේවල් හොඳින් අඳුනගන්න.

එයා කැමති ඇඳුම්, එයා කැමති කෑම බීම, එයා යන්න ආස තැන වගේ දේවල් ඔයා හොඳට මතක තියාගන්න ඕන. මොකද එයාට ඔයා මොනා හරි අරන් දුන්නත් කෑමකට එක්කගෙන ගියත් ඒ වෙලාවට එයා කැමති අකමැති දේවල් අඳුනගෙන ඉන්න එක වැදගත් වෙනවා. එයා ආස හැම දෙයක්ම ඔයාට මතකයි කියලා එයා දැනගත්තම එයා එකෙන් ගොඩක් සතුටු වෙනවා. ඔයාට එයාගේ තියන ආදරේ තවත් වැඩි වෙන්න එක හේතුවක් වෙනවා.

#5.  වෙනස් විදිහට ආදරේ කරන්න.

ආදරෙයි කියලා කටින් කියනවට වඩා දැනෙන්න දෙන්න ඕන. ඒ නිසා එයාව පුදුම කරන පොඩි පොඩි දේවල් එයා කැමති දේවල් කරන්න. කවදාවත් සැක කරන්න එපා. සැකය කියන එක නම් ඔයාගේ සම්බන්ධතාවය අවසන් වෙන්න හේතුවක්. හේතුවක් නැතුව එයාව සැක කරන්න එපා. සැකය කියන දේ ඔයාලා අතරට ගෙන්න එපා.