Naifmvlog

Naifm vlog Gossip and News

දවස පුරාම සුවඳවත්ව සිටීමට නිවරදිව සුවඳ විලවුන් භාවිතා කරන ක්‍රම 5ක්

අප සෑම කෙනෙක්ම කැමති දෙයක් තමයි දවස පුරාම සුවඳවත්ව ඉන්න එක, අප කරන රාජකාරිය හෝ වෙනත් කටයුත්තක් නිසා අපගේ ශරීරය වෙහෙසට පත්වීම තුලින් ශරීරයෙන් දහඩිය පිට වීම සිදුවේ. එම පිටවන දහඩිය දුගඳ තමන්ගේ ආත්ම ශක්තියට වගේම තමාගේ පුද්ගලික පෞරුෂත්වයට බොහෝ සේ බලපාන කරුනකී. අපේ ශරීරයෙන් එන දහඩිය දුගඳ නැති කර ගැනීමට අපට විවිධ සුවඳ විලවුන් භාවිතා කිරීමට සිදුවන අතර කුමන වර්ගයේ සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කලත් එය භාවිතා කරන ක්‍රමය අනුව එහි සුවඳ පවතින්නා වු කාලය තීරණය වේ. ඔබ මිලෙන් අධික ඉතා උසස් සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කලත්, එය නිසි ආකරයට භාවිතා නොකලොත් එහි උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබට නොහැකි වේ.

ගොඩක් අය මෙම සුවඳ විලවුන් භාවිතා කරන්නේ ඉතාම වැරදි ආකාරයටයි, දවස පුරාම සුවඳ පවතී යැයි සිතා විශාල ලෙස මෙම සුවඳ විලවුන් ශරීරය මතට ඉස ගත්තද එය පැය කිහිපයකින් නැති වී යයි. මිලෙන් ඉතා අධික සුවඳ විලවුන් වර්ගයක් වුවත් ඔවුන් කිසි විටෙක එම සුවඳ මුලු දවස පුරාම තිබෙන බවට සහතික නොකරයි. මෙම කාරනයට ප්‍රධන හේතුව වන්නේ ශරීරයේ වැරදි ස්ථන වලට සුවඳ විලවුන්
ඉසීමයි. පහත පෙන්වා දෙන්නේ ඔබ නොසිතනා ආකාරයට සුවඳ විලවුන් වල ඇති සුවඳ දවස පුරාම තබා ගත හැකි ක්‍රම පිළිබදවයි.

1 ). ඔබේගේ මැණික් කටුව ඇතුළතට

මැණික් කටුව ඇතුළතට අත තබා අපගේ ශරීර ස්පන්දනය මැන ගැනීම හැකි බව අප බොහෝ දෙනා දන්නා කරුනකි. ඒ වාගේම අපගේ මැණික් කටුව ඇතුළත ස්පන්දන ලක්ෂ්‍යක් ලෙසද සැලකෙන අතර එම ප්‍රදේශය අවට නිතරම තාපය පිටවේ, එම නිස මෙම ස්ථානයට සුවඳ විලවුන් ඉසීමක් සිදු කලේ නම් එම සුවඳ විලවුන්වල සුවඳ තීව්‍රව දවස පුරාම සක්‍රීයව පැවතීමට විශාල ඉඩක් ඇත. ඒවගේම ඔබගේ දෑත් වල මැණික් කටුව ඇතුළතට සුවඳ විලවුන් ඉසීම මගින් ඔබගේ දෑත් චලනය වන විට සුවඳ අන් අය වෙත යාම ඉක්මනින් සිදුවේ.

2).  ඔබේගේ කන් පිටුපසට

මැණික් කටුව මෙන්, ඔබේ කන් පිටුපස ප්‍රදේශය ද නහර සමට ආසන්නව ඇති ස්පන්දන ලක්ෂ්‍ය ලෙස සැලකේ. කන් පිටුපස ප්‍රදේශයෙන්ද තාපය ජනනය කරන අතර එමඟින් ඔබේ සුවඳ විලවුන්වල සුවඳ තවත් වැඩි කරයි. ඔබේ සුවඳ විලවුන් මෙම ස්ථනයට ඉසීමෙන්ද දිගු කලක් එහි සුවඳ තබා ගත හැකි වේ.

3). ඔබේගේ දණහිස් පිටුපසට

මෙය නම් ඔබ ඇසු පමණින් ටිකක් වියවුල් සහගත කරුණක් යැයි ඔබට සිතුනද, මෙම ස්ථනයත් පෙර සදහන් කල ස්ථාන මෙන්ම ශරීරයේ පීඩන ලක්ෂ්‍යයකි. ඔබේ දණහිස් පිටුපස මෘදු ප්‍රදේශයට සුවඳ විලවුන් ඉසීම ඉතාමත් සාර්ථක ක්‍රමයකි. මෙම ප්‍රදේශය වඩා උණුසුම් හා මෘදු වන අතර එමඟින් ඔබගේ සුවඳ දිගු කාලයක් ග්‍රහණය කර තබා ගැනීමට හැකිවේ. තවද ඔබගේ පාදයේ චලනයන් සමගත් ඉසින ලද සුවඳ විලවුන් වල සුවඳ ශරීරය පුරාම පැතිරී යා හැකිය.

4). ඔබේගේ ගෙල ප්‍රදේශයේ පහල කොටසට

ඔබගේ ප්‍රියතම සුවඳ විලවුන් වර්ගය ගෙල ප්‍රදේශයේ පහල කොටසට ඉසීම තුලින්ද එහි සුවඳ දිගු කලක් පවත්වා ගැනීමට ඔබට හැකිවේ. මෙම ප්‍රදේශය තරමක් බෑවුම් ලෙසට පිහිට ඇති නිසා ඔබේගේ සුවඳ විලවුන්වල සුවඳ වැඩි කාලයක් රඳවා ගැනීමට හැකිවේ. ගෙල ප්‍රදේශයේ පහල කොටසට සුවඳ විලවුන් ඉසීමෙන් ඇති වන තවත් වාසීදායක කාරනයක් වන්නේ ඔබ ගෙලේ මාලයක් හෝ යම් පලදනාවක් පලදින විට එම ආභරණ වල මෙම සුවඳ විලවුන් තැවරීම තුලින් ඔබට දවස පුරාම සුවඳවත්ව සිටීමට හැකි වීමයි.

5 ඔබේගේ වැලමිට ඇතුළත ප්‍රදේශය

ඔබගේ සුවඳ විලවුන් වල සුවඳවත් බාවය ඔබට දවස පුරාවටම තබා ගැනීමට අවශය නම් ඔබ කල යුතු සුදුසුම දෙය වන්නේ, ඔබගේ වැලමිට ඇතුළත ප්‍රදේශයට සුවඳ විලවුන් ඉසීමයි. ඉහත සදහන් කල අනෙක් ස්පන්දන ලක්ෂ්‍යයන්ට වඩා මෙය තරමක් උණුසුම්ය, එයින් අනිත් ලක්ෂ්‍යයන්ට වඩා සුවඳ ඉවතට ඇදී ඒමක් සිදුවේ. වැලමිට ඇතුළත ප්‍රදේශය වලා කාර හැඩයක් ඇති නිසා එම ප්‍රදේශය තුලද හොදින් සුවඳ විලවුන් තැන්පත් වේ. ඔබගේ සුවඳ විලවුන් වලින් උපරීම ප්‍රයෝජනයක් ලබා ගැනීමට ශරීරයේ සුදුසුම ස්ථනය මෙය වේ. ඔබ වැලමිට ඇතුළත ප්‍රදේශයට සුවඳ විලවුන් ඉසීමට පෙර සමේ තෙතමනය තබා ගැනීමට moisturize ආලේපනයක් භාවිතා කරන්න

දිගු කල් පවතින සුවඳක් ලබා ගැනීමට, සුවඳ විලවුන් ආලේප කළ යුත්තේ කොතැනදැයි ඔබ දැනටමත් දන්නා බැවින් එය උත්සාහ කර බලන්න. එය දිගු කලක් නොපවතිනු ඇතැයි සිතා කරදර නොවී දවස පුරාම හොඳ මිහිරි සුවඳක් විදගැනීමට උත්සහ කරන්න.