Naifmvlog

Naifm vlog Gossip and News

කවදාවත් මේ ස්ථාන වල නම් හදිසියකදි මුදල් සගවන්න එපා

මුදල් තැන්පත් කිරිමට බැංකුවක් භාවිතා නොකිරීමට සමහර අයට ප්‍රශ්න තියෙන්න පුලුවන්. ඒ වෙනුවට ඔවුන් ඔවුන්ගේ නිවසේම මුදල් සැගවීමට කටයුතු කරනවා. නමුත් එසේ නිවස වටා, මේ අපි කියන ස්තානවල මුදල් සැගවීම ආරක්ෂිත වෙන්නෙ නැහැ. ඔබත් මේ තැන් වල මුදල් තැන්පත් කරනවා නම් අදම එයින් වැලකෙන්න.

#1.  පිලිකන්නේ.

ඔබේ නිවස පිටුපස පිලිකන්නේ මුදල් සැගවීම සුදුසු වෙන්නේ නැත්තෙ ඇයි කියලා අපි හේතු 3 ක් කියනවා. (1) ඔබේ අසල්වැසියාට ඔබ සගවන ආකාරය පෙනෙන්නට පුලුවන්. (2) ඔබේ සුරතල් සතුන් කුහර සෑදීමට කැමති නම්, පහසුවෙන් මුදල් එලියට එන්න පුලුවන්. (3) බිම තැනපත් කර ඇති විට වැසි ඇදවැටුනහොත් නම් ඔබේ මුදල් විනාශ වී යන්නට පුලුවන්.

#2.  මෙට්ටය යට.

ඔබ මෙට්ටය යට මුදල් සැගවීමට පුරුදු වී සිටිනවා නම්, එය සාමාන්‍යයෙන් හැමෝම අතර ප්‍රසිද්ධ රහසක්. ඒ වගෙම මුදල් මෙට්ටය යට සගවා එය මත ඔබ නිදාගෙන සිටීමද ආරක්ෂිත වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ගෙදර නොසිටින වෙලාවක වුනත් සොරුන් සෝදිසි කරන පලමු තැන ඔබේ මෙට්ටය යට වෙන්න පුලුවන්.

#3.  ශොපින් බෑග් තුල.

සොරුන් ඔබ ශොපින් බෑග් තුල මුදල් සගවා ඇතැයි සිතන්නේ නැහැ. ඔබ සිතන්නෙ එහෙමනෙ. නමුත් ඔවුන් නිවසෙන් එකතු කර ගත් දේ රැගෙන යාමට හදිසියේ ශොපින් බෑගයක් සෙව්වොත්. හිතා ගන්න පුලුවන්නේ..

#4.  පැරණි පසුම්බි සහ අත්බෑග් තුල.

පැරණි පසුම්බි සහ අත්බෑග් තුල මුදල් තැන්පත් කිරීම කිසිම විටක සුදුසු වෙන්නේ නැහැ. ඔබ ඒවා භාවිතා නොකරනවා යන්නෙන්, එය මුදල් තැන්පත් කිරීමට සුදුසු තැනක් කියලා අදහස් වෙන්නෙ නැහැ.

#5.  සෝදන රෙදි බකට් වල.

සේදීමට රෙදි දමන බකට් කිසිවෙකුට ස්පර්ෂ කිරීමට අවශ්‍ය නොවන නිසා ඒවා තුල මුදල් සැගවීම සුදුසුයි කියලා ඔබට හිතෙන්න පුලුවන්. නමුත් සොරා ගත් භාණ්ඩ ප්‍රවාහනය කිරිමට එවැනි බකට් බොහෝ විට භාවිතා කරනවා. ඒ නිසා එය අනාරක්ෂිත ක්‍රමයක් වෙනවා.

#6.  පින්තූරයක් හෝ රාමුවක් පිටුපස.

මෙයත් පොදු රහසක් වෙනවා. ඒ වගෙම චිත්‍රපටි වලද එවැනි දර්ශන තිබෙන නිසා සොරුන්ද ඒවා දැක තියෙන්න පුලුවන්. ඒ නිසා එවැනි ස්තානද පරික්ෂා කිරීමට ඔවුන් පසුබට වෙන එකක් නැහැ.

#7.  යතුරු දමන සේප්පු.

සොරුන්ට එය රැගෙනයා හැකි නම් සේප්පුව කුඩා හෝ විශාලද යන්න වැදගත් වෙන්නෙ නැහැ. නමුත් එය ගෙන යාම හා ඉවත් කිරීම අපහසු නම් එහි සුරක්ෂිත භාවය පිලිබද ඔබට සෑහිමකට පත් වෙන්න පුලුවන්. ඒ වගෙම බිත්ති, බිම, ගෘහ භාණ්ඩ පවා මේ ආකාරයට නම් සුදුසු වෙනවා.

#8.  ලාච්චු සහ කැබිනට්.

වසා දැමූ ලාච්චු හා කැබිනට්ද ඔබට මුදල් සැගවීම සදහා සුදුසු වෙන්නෙ නැහැ. මොකද සොරුන් තුල ඉස්කුරුප්පු නියන් වට්ටෝරු තියෙන්නට පුලුවන් වගෙම වසා තිබෙන දේවල් පිලිබදව ඔවුන්ගේ අවදානය මුලින්ම යොමු වෙන්න පුලුවන්.ඔබට ද මේ ස්තාන මුදල් සැගවීම සදහා සුදුසු වෙන්නෙ නැහැ කියලා හිතෙනවා නම්, පහත ක්‍රම අත්හදා බලන්න පුලුවන්.

(1) ඔබේ මුදල් ප්ලාස්ටික් බෑගයක ඔතා, මුළුතැන්ගෙයි මේසයේ යට හෝ දරුවාගේ සෙල්ලම් බඩු පෙට්ටිය පතුලේ ඇලවිය හැකියි.(හොදම විකල්පය වෙන්නේ එයට සාවද්‍ය පතුලක් නිර්මාණය කිරීමයි).

(2) ඔබේ ශිතකරණයේ හෝ අධි ශීතකරණයේ ජලය කාන්දු නොවන ලාච්චුවක මුදල් තැන්පත් කරන්නට පුලුවන්. මතක තියා ගන්න එය අයිස්ක්‍රීම් වගේ දෙයක් නොවුනොත් සොරුන් වෙනත් දෙයක් උත්සාහ කරන්න පුලුවන්.

(3) බොත්තම්, නූල් හා වෙනත් මැහුම් උපාංග තැන්පත් කර තිබෙන තැනක ඔබේ මුදල් සගවන්න. එවැනි තැන් බොහෝ විට සොරුන්ගේ අවදානයට යොමු නොවෙන්න පුලුවන්.

(4) පැරණි සපත්තු, ඇදුම් හා පරිඝනකයක්ද මුදල් සැගවීම සදහා සුදුසු වන නමුත් ඒවා ඔබ ඉවත් නොකරන ලෙසට හෝ කුණු ගොඩක් නොවන ලෙසට පෙනෙන්නට තියන්න.

(5) ඒ වගෙම මතක තියා ගන්න, සාමාන්‍ය නොවන, පොදු රහසක් නොවන ස්තානයක මුදල් සැගවීමට සොයා ගැනීම වඩා හොද උපක්‍රමයක් වෙනවා කියලා.