Naifmvlog

Naifm vlog Gossip and News

කොරියන් කෙල්ලෝ ඉටි රූප වගේ ලස්සන වීමේ රහස් ක්‍රම කිහිපයක්

අවුරුදු 50ක විතර කොරියන් ගැහැනු පිරිමි දෙපක්ෂයම අවුරුදු 30ක විතර පෙනුමකින් ඉන්නෙ කොහොමද කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා ඇති. ඔවුන්ටම ආවේනික වූ විශේෂිත රහස් ක්‍රම වලින් තමයි ඔවුන් තමන්ගේ රූපය රැක ගන්නෙ. ඔන්න අපි ඒ රහස්, ලස්සන වෙන්න කැමති අය වෙනුවෙන්ම ඉදිරිපත් කරනවා.

#1.  තත්පර10 නීතිය

ඔබේ සම පිරිසිදුව, සෞඛ්‍ය සම්පන්නව හා නැවුම්ව තබා ගැනීමට ස්නානය කිරීමෙන් තත්පර 10කට පසු මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප කරන්න. සිදු වෙන්නේ කුමක්ද? : ස්නානය කිරීමෙන් පසු සමේ සිදුරු විවෘත වන නිසා, ක්‍රීම් හොදින් අවශෝෂණය කර ගනියි.

#2.  උණුසුම් තුවා සම්බාහනය

මෘදු තුවායක් ගෙන උණුසුම් වතුරේ පොගවා, පිරිසිදු මුහුණ මත අතුරන්න. ඔබේ මුහුණෙ සම්බාහන රේඛා දිගේ සම්බාහනය කරන්න. මිනිත්තු 15කින් පසුව එය ඉවත් කර ස්වභාවික පෝෂණීය තෙල් මුහුණේ ආලේප කරන්න. සිදු වෙන්නේ කුමක්ද? : මෙම ක්‍රියාවලියේදි රුධිර සංසරණය වැඩි දියුණු වන අතර, සමේ සිදුරු විවෘතවී ඔබේ සමට හුස්ම ගැනීමට ඉඩ ලබා දෙයි.

#3.  Jamsu

ඔබේ මුහුණට මේකප් හොදින් ඇල්ලීමට හා සම සුමුදු වීමට, මෙකප් දැමීමට පෙර හා පවුඩර් කිරීමට පෙර, මුහුණ සිසිල් වතුර භාජනයක තත්පර 15-30 ක් පමන ඔබා ගෙන සිටින්න. සිදු වෙන්නේ කුමක්ද? : මුහුණට එක හා සමාන කැපී පෙනෙන වර්ණවත් බවක් ලබා දෙයි.

#4.  කුරුලෑ වලට විරුද්ධව Shaving foam

ඔබේ පිරිසිදු මුහුණට පෙණ යෙදා, ඇගිලි වලින් සැහැල්ලු සම්බාහනයක් කරන්න. මිනිත්තු 5-10ක් එය තබාගෙන හිද සෝදා හරින්න. සතියකට වරක් හෝ දෙවරක් එය කරන්න. සිදු වෙන්නේ කුමක්ද? : කොරියන් කාන්තාවන් විශ්වාස කරන්නේ පිරිමි ෂේවින් ක්‍රීම් මුහුණේ කුරුලෑ මැඩලීම සදහා හොද විෂබිජකාරකයක් බවයි.

#5.  ඔබේ මුහුණ සඳහා මුහුදු පැලෑටි.

නොරි ඔබේ මුහුණේ පෝෂණ ආවරණයක් ලෙස භාවිතා කළ හැකියි. ඔබ කල යුත්තේ නොරි පත්‍ර කිහිපයක් ගෙන උණුසුම් වතුරේ පොගවා මුහුණ මත තබාගෙන හිද මිනිත්තු 15කින් පමන පසුව ඉවත් කරන්න. සිදු වෙන්නේ කුමක්ද? : මුහුදු පැලෑටිවල විටමින් හා අනෙකුත් ප්‍රතිබැක්ටිරිය සංරචක මගින් සමට රැකවරණය ලබා දෙන අතර සමේ තරුණ බවද රැකදෙයි.

#6.  ලුණු, tonicෆේෂල්

සමේ විවිධ ගැටළු සදහා මෙය කදිම විසදුමක්. මේස ලුණු මේස හැදි 1ක් උණුසුම් වතුර වීදුරුවකට දමා හොදින් කලවම් කරන්න. එයින් මුහුණ සෝදා, සෑම සේදීමකටම පසු tonic කපු පුලුන් කැබැල්ලක පොගවා මුහුණ පිස දමන්න. සිදු වෙන්නේ කුමක්ද? : මුහුදු ලුණු සමේ විෂබීජ හරණය කරන අතර ක්‍රමානුකූලව බ්ලැක් හෙඩ්ස් ඉවත් කරයි. එමගින් ඔබේ මුහුණට නැවුම් පෙනුමක් ලබා දෙයි.

#7.  Anti-pimple patch

මෙය විලාසිතා කර්මාන්තය සදහා වැඩි වශයෙන් යොදා ගන්නවා. ඕනෑම මේකප් එකක් යටට දැමීමට වගෙම කුරුලෑ සැගවීම සදහාද මේ ප්ලාස්ටරය ඔවුන් භාවිතා කරනවා. ඒ වගෙම මේ කුඩා පැලැස්තර මගින් දින දෙකකින් පමන ඕනැම කුරුලෑවක් පිරිසිදු කර දෙනවා. සිදු වෙන්නේ කුමක්ද? : එහි තිබෙන විශේෂ විෂබීජනාත්මක සංයුතිය නිසා හා කුරුලෑ එකිනෙකින් වෙන් කර තැබීම නිසා බොහෝ විට එක් රැයක් තුලදී කුරුලෑ සුව කරනු ලබනවා.

#8.  සෝයා කිරි

ආසියාවේදි, වෘත්තිමය හා නිවාස මට්ටමින් සෝයා කිරි ශාරීරික පිලියම් තුල ක්‍රියාශීලිව භාවිතා කරනු ලබනවා. ඒ සදහා බහුලව යොදා ගන්න පැරණිම හා පහසුම වට්ටෝරුව තමයි මේ: gauze pad එකක් සෝයා කිරි වල පොගවා, විනාඩි 15-20ක් පමන ඔයාගේ පිරිසිදු කල මුහුණ මත තබාගෙන ඉන්න. මෙය සතියකට වරක් හෝ දෙවරක් පමන කරන්න. සිදු වෙන්නේ කුමක්ද? : සෝයා සංරචක මේද ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කර, සම තරුණ කිරීම හා පෝෂණය කිරිම සිදු කරයි.

#9.  Silkworm cocoons

Silkworm cocoons, සමේ ගැඹුරට පිරිසිදු කිරීමේ ස්වභාවික පිලියමක් ලෙස වයස් කාණ්ඩ අනුව භාවිතා කරනු ලබනවා. ඒවා ඔබේ ඇගිලි මගින් මෘදු ලෙස සම්බාහනය කරන්න. සිදු වෙන්නේ කුමක්ද? : cocoons මගින් මැරුණු සම ඉවත් කර, සම පුනර්ජීවනය කර, බ්ලැක් හෙඩ්ස් ඉවත් කර සමේ විවරයන් සන්කෝචනය කරනවා.

#10.  ලෙමන් ඔබේ සම දීප්තිමත් කරයි.

ලෙමන් ගෙඩිය දෙකට කපා, බදුනකට යුෂ ටික මිරිකා ගන්න. කපු පුළුන් බෝලයක් භාවිතා කර, ඔබේ සම මත ආලේප කරන්න. දිනකට කිහිප වතාවක් ඔබට මෙය කල හැකියි. සිදු වෙන්නේ කුමක්ද? : ලෙමන් තුල ඇති ස්ට්‍රික් ඇස්ඩ් වල විස්තාරික ගුණය අඩංගු වන අතර එමගින් මැරුණු සම ඉවත් කර, සමෙහි පැල්ලම් ඉවත් කර,අතිරික්ත තෙල් ඉවත් කරනු ලබනවා. විටමින් සී මෙලනින් නිෂ්පාදනය වළක්වා සමේ ප්‍රතිස්ථාපනය වැඩි කරනවා. නමුත් ඔබට සන්වේදී සමක් තිබේ නම් ලෙමන් සමග ඉතා ප්‍රවේශම් විය යුතුයි.