Naifmvlog

Naifm vlog Gossip and News

ජනප්‍රිය නිලි නයනා කුමාරි පාටි නැතුව සරලව උපන්දිනය සැමරූ හැටි

වසර ගණනාවක්ම ලංකාවේ ජනප්‍රිය තලයක සිටිමින් රටේම ආදරේ දිනාගත් නිලියක් තමයි නයනා කුමාරි කියන්නේ. ඇය කල කක්ෂේත්‍රයට පැමිණි දිනයේ ඉඳලා අද වෙනකල්ම අමතක නොවෙන කළා ශිල්පිනියක් තමයි නයනා කියන්නේ. ඒ විතරක් නෙවෙයි පුංචි තිරයට නැතුවම බැරි වුනු දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වුනත් වර්තමානයේදී නම් නයනා එතරම් දකින්න ලැබෙන කෙනෙක් නෙවෙයි. රංගනයෙන් ඉවත් වුනත් ඇයගේ ව්‍යාපාර කටයුතු වල නිරත වෙමින් ඉන්නවා කියලයි දැනගන්න ලැබුනේ.

මනාලියන් හැඩගැන්වීම ඇතුලු රුපලවන්යාගාර කිහිපයක්ම ඇය සතුවා සිටිනවා වගේම නයනාගේ යටතේ බොහෝ පිරිසක් සේවය කරනවා. ඉතින් ඒ විදියට හැමදාම මිනිසුන්ගේ මතකයේ රැඳිලා ඉන්නත් නයනා වාසනාවන්ත වෙලා තියාවා. ඒ වගේම පසුගිය දවසක ඇයගේ උපන්දිනයත් සමරලා තිබුනේ හරිම සරල විදියට. සාමාන්‍ය විදියට කේක් එකක් කපලා චාම් ආකාරයට උපන්දිනය සමරලා තිබුනා. බොරු වියදම් කරලා රාජකීය උපන්දින සාදා නම් අරගෙන තිබුනේ නැහැ.

කොහොම වුනත් මේ දවස්වල නම් නයනා ගොඩක් කාර්යභහුල වෙලාලු ඉන්නේ. මොකද වෙඩින් එහෙමත් එක දිගටම තියන නිසා සැලෝන් එකේම තමයි වැඩි වෙලාවක් ගතකරන්නේ. රංගනයට නැවතත් එනවද කියලා අහපු ප්‍රශ්නයට නයනා උත්තර දුන්නේ මෙහෙමයි. අදකාලේ කොහොමත් රඟපෑමෙන් විතරක් ජිවත් වෙන්න බැහැනේ. වර්තමානයේ තියන වියදම් එක්ක බැලුවම ලංකාවේ ජිවත් වෙන එකත් ලෙහෙසි වැඩක් නෙවෙයි. අපිනම් රඟපාන්න ආවේ කලාව කියන දේ හොඳින් හදාරලා දැනුමක් එක්ක. දැන් ලංකාවේ තියන ටෙලිනාට්‍ය වලට සුදුසුකමක් බලන්නේ නැහැ.

හිතවත්කමක් හරි වෙන විදියකින් හරි ඉස්සරටහ යන්න බලාගෙන පිරිසක් ඉන්නවා. අපි වගේම ප්‍රවීන කලාකරුවන් වුනත් කියන්නේ දැන් ලංකාවේ කලාව කියන දේ පිරිහිලා තියෙන්නේ කියලා. ටෙලිනාට්‍යක් වුනත් එකම තේමාවක් අවුරුදු ගානක අරගෙන යනවා. අලුත් නළු නිලියන් අනිවාර්යෙන්ම එන්න ඕන, එහෙමයි කියලා කිසිම දැනුමක් නැතුව ක්ෂේත්‍රය නැති කරන්න එන පිරිසක් ඉන්නවා. පෙනුම විතරක් තිබුනට වැඩක් නැහැ හැකියාව සහ තවත් ගොඩක් දේවල් බලපානවා.