Naifmvlog

Naifm vlog Gossip and News

දිනක්ෂිගේ බබා ආසම දේ මොකක්ද කියලා ඔයාල තාම දන්නේ නැද්ද

ප්‍රියසාද් පවුල කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කතාකරන ලංකාවේ ප්‍රසිද්දම පවුලක් කියලා අපි දන්නවානේ. ඒ අතරින් පවුලේ ලොකු දියණිය දිනක්ෂි ගැන ලඟදි ඉඳලා වැඩිපුර පුවත් මවෙන්න පටන් අරගෙන තියෙන්නේ ඇය මව් පදවිය ලැබූ නිසයි. ප්‍රියසාද් පවුලේ දියණියන් තුන්දෙනා වන දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි තුන්දෙනා ගැනම අපේ රටේ ගොඩක් කතාකරනවා වගේම ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා.

ඒ වගේම දිනක්ෂි විවහා වෙලා සිටින ඇයගේ සැමියා සාරංග කියන්නෙත් කළා පවුලකින්ම පැමිණෙන දක්ෂ කලාකරුවෙක්. ඔහුගේ පියා සංගීතවේදියෙකු වන නාරද දිසාසේකර, ඒවගේම මව තමයි නිවේදන ශිල්පිනියක් වන තිලකා රණසිංහ. කොහොම වුනත් දිනක්ෂි සහ සාරංග දෙදෙනාගේ විවාහය කියන්නෙත් ලංකාවේ ගොඩක් කතාබහට ලක්වුණා විවාහයක් වුනා. ඊටත් වඩා මේ පවුල ගැන සමාජ මාධ්‍ය වල ගොඩක් කතාකරන්නේ පවුලට අලුතෙන් එකතු වුන පුංචි දියණිය නිසා. පුංචි කැදැල්ලේ සිදුවෙන විශේෂ දේවල් ප්‍රේක්ෂකයින් එක්ක බෙදගනත් ඔවුන් අමතක කරන්නේ නැහැ.

මේ හැමදෙයක්ම එක්ක සාරංග විසින් පුංචි දියණියගේ වීඩියෝවක් සමාජ මාධ්‍යට එකතු කරමින් බබා කැමතිම දෙය මොකක්ද කියලා සඳහන් කරලා තිබුනා. චූටි දෝණි කතන්දර අහන්න හරිම ආසයිලු, කතන්දර පොතක් අරගෙන බබාට ඇහෙන්න කියෙව්වම හරිම අසාවෙන් අහගෙන ඉන්නවාලු. ඉතින් මේ පවුලට ආදරේ කරන හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ ඔවුන්ගේ අලුත් තොරතුරක් මොනවද කියලා දැනගන්නනේ. විවේකයක් ලැබුණු හැම වෙලාවකම ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් සහ යුටියුබ් එකෙත් රසිකයින්ගේ අදහස් වලට ප්‍රතිචාර දක්වනවාලු.

ඔයාලටත් මතක ඇති නේද දියණිය ලැබෙන්න ඉන්නවා කියලා දැනගත් දින ඉඳලාම ඔවුන්ට රට පුරාම සිටින හැම කෙනෙකුගෙන්ම සුභ පැතුම් ලැබුනා. දැන්නම් හැම දෙයකටම වඩා දියණිය වෙනුවෙන් තමයි දිනක්ෂි වැඩිම වෙලාවක් වෙන්කරලා තියෙන්නේ. මවක් වුන දවසේ ඉඳලා වචනෙන් කියන්න බැරි තරම් වෙනස්ම හැඟීමක් දැනෙනවා කියලයි දිනක්ෂි පැවසුවේ. සාරංග දිනක්ෂි යුටියුබ් චැනල් එකෙත් පවුලේ ලස්සනම වීඩියෝ එකතු කරලා තියනවා.