Naifmvlog

Naifm vlog Gossip and News

විවාහා වුනා කියලා හැමදේම එකට කරන්න ඕන කියලා දෙයක් නැහැ

නතාෂා පෙරේරා කියන්නේ ලංකාවේ අපිට නම් කිසිදා අමතක නොවන හැමදාමත් ප්‍රේක්ෂක හදවත් තුල නවාතැන් අරගෙන සිටින දක්ෂ කලාකාරිනියක් කියලා අපි දන්නවා. ඒ හැමදේකටම වඩා ගායිකාවක් විදියට නතාෂා ලංකාවේම ආදරේ දිනාගන්නවා. ඒවගේම සුන්දර රුවකටත් හිමිකම් කියන නතාෂා සුදු වීමේ රහස ගැනත් කියලා පහුගිය දවස්වල ප්‍රශ්නයක් ඇතිවුනා මතක ඇති. නතාෂා කිව්වේ ඇය මෙහෙම සුදු වුනේ කහ සුදු හඳුන් වගේ දේවල් පාවිච්චි කරලා කියලයි.

මේක දැකපු පියුමි හංසමාලි කිව්වේ කහ සුදු හඳුන් ගාලා මෙහෙම සුදු වෙනවා නම් මොනවා කරන්න බැරිද කියලා. කොහොම වුනත් මෑතකදී නම් නතාෂා අලුත් නිර්මාණ වලින් දැක්කේ නැහැ. ඒ වගේම ඇය අලුත් නිර්මාණයක් කරලා තියනවා දැක්කෙත් නැහැ. ඒත් ඉතින් නතාෂා හැමද්දාම ප්‍රේක්ෂක හදවත් වල ආදරේ දිනාගෙන ඉන්නවා කියල දේ නම් රහසක් නොවෙයි. ඇය පුංචි කාලේ ඉඳලා කරපු නිර්මාණ තාමත් මිනිස්සුන්ට මතක තියෙන්නේ ඒ ආදරේ නිසාම තමයි.

සුළඟක් වී මන් යනවා, දඟ මල්ල වැනි නිර්මාණ වලින් ගොඩක් ජනප්‍රියත්වයට පත්වෙන්න නතාෂා වාසනාවන්ත වුනා. දැන්නම් ඇය සංගීත විශාරදවරියක්, රංගන ශිල්පිනියක්, නීතීඥවරියක් පමණක් නොවෙයි සැබෑ ජීවිතයේදී ආදරණිය බිරින්දක්ද වෙනවා. නතාෂා විවහා වුනේ කාත් එක්කද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඔහුත් ලංකාවේ සිටි දක්ෂ ගායකයෙක් වන ප්‍රිහාන්. නතාෂා සහ ප්‍රිහාන් විවහා වෙලා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට යනවා. මොකද ප්‍රිහාන්ගේ ව්‍යාපාර වැඩ හැමදෙයක්ම තියෙන්නේ ඔස්ට්‍රේලියවෙලු.

ඉතින් නතශාගේ ජිවිතේ අලුත්ම තොරතුරු ගැන අපිට කිව්වේ මෙහෙමයි. ප්‍රිහාන් සහ මම විවහා වුනා කියලා නීති දාගෙන නැහැ දෙන්නට දෙන්නා නිදහසේ වැඩ කරගෙන ඉන්නවා. සමහරු කියලා තිබුනා අපි දෙන්නා දැන් දික්කසාද වෙලා කියලා. එහෙම වෙනකල් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවද කියලා දන්නේ නම් නැහැ. අපි දෙන්නා නිතරම හම්බ වෙලා පින්තුර එහෙම දන්නේ නැති නිසා මිනිස්සු එහෙම හිතනවා ඇති. බැන්දට පස්සේ එකට ඉඳලා නිර්මාණ කලෙත් නැහැ. විවහා වුනා කියලා හැමදෙයක්ම එකටම කරන්න ඕන කියලා දෙයක් නැහැනේ.