Naifmvlog

Naifm vlog Gossip and News

ටික කලකට පෙර සය නිවුන් දරුවන් බිහිවූ පුංචි පවුල දැන් ගෙවන ජීවිතය

මීට ටික කාලෙකට කලින් ලංකාවේ ප්‍රථම සය නිවු, න් දරු උපත සිදු වුනා ඔබට මතක ඇති. දැන් මේ දරුවන් හයදෙනාම හොඳම සවුක්ය තත්වයෙන් ඉන්නවා කියලත් අපිට ආරංචි වුනා. ඒ එක්කම දරුවන් සයදෙනාගේ වාසනාවන්ත දෙමව්පියන් කියලා තිබුනේ මෙහෙම කතාවක්. විවාහයෙන් පස්සේ ඉක්මනින්ම දරුවෙක් හදන්න ඕන කියලා අපි දෙන්නම හිතාගෙන හිටියේ දරුවෙක්ගේ මුහුණ බලන තියන ආසාව නිසා. අපේ පවුලට දරුවෝ කිහිපදෙනෙක්ම ඉන්න ඕන කියලයි අපි දෙන්නා නිතරම කිව්වේ.

ඒ ප්‍රර්තනවත් එක්ක හැමවෙලාවෙම හිතුවේ සංසාරේ අපිට උරුමවෙලා තියන දරුවෝ ලැබේවි කියලා. වෛද්‍ය උපදෙස් ලබාගන්න ගමන්ම ආගම දහම එක්ක ඉඳලා ඒ ආශිර්වාදයත් ලබාගන්නවා. අපි දෙන්නා පන්සල් ගියාම ප්‍රර්ථනා කරන්නේ අපේ එක දරුවෙක් හරි බුද්ධ ශාසනේට පුජා කරලා බණ අහලා ඒ පිනෙන් සංසර ගමනෙන් එතෙර වෙමු කියලා. අපිට ලැබුණු දරුවන්ගෙන් තුන්දෙනෙක් පිරිමි ළමයි අනිත් තුන්දෙනා ගැහැණු ළමයි.

මෙලෙසින් දරුවන් සය දෙනෙකුගේ මවක් වෙන්න වාසනාව සහ ශක්තිය ලැබුණු ඇය දිලිනි වාසනා දයානන්ද. දිලිනි ඇයගේ සැමියා එක්ක විවහා වෙන්න කලින් ඉඳලම කාලෙක ඉඳලා දෙන්නම හිතවත්. විවහා වෙන වයසත් ලංවෙද්දි අම්මා කිව්වා පුතේ ඔයාට විවහා යෝජනාවක් ගෙනාවා කැමතිද කියලා ඇහුවා. හොඳම වැඩේ කියන්නේ අම්මාලා ඒ විදියට යෝජනා කරලා තියෙන්නෙත් දිලිනිව. අපි දෙන්නට දෙන්නා කොහොමත් කැමැත්තෙන් තමයි හිටියේ.

අපි දෙන්නා හිතන විදියත් එකවගෙමයි, කාලයක් ආශ්‍රය කරලත් තිබුණු නිසා එකට ජිවත් වෙන එක ප්‍රශ්නයක් වුනේ නැහැ. අපිට බබාලා ලැබෙන්න ඉන්නකොට මුලින්ම හිතුවේ දෙන්නෙක් වෙන්නැති කියලා. ටෙස්ට් එකෙන් පස්සේ දැනගන්න ලැබුනේ හයදෙනෙක් ඉන්නවා කියලා. එහෙම දෙයක් ගැන අහලවත් තිබුනේ නැති නිසා ඒක ඇහුවම අපි දෙන්නට ටිකක් බයත් හිතුනා. වයිද්‍ය වරුන්ගේ දක්ෂතාවය නිසා අම්මත් දරුවොත් දැන් හොඳින් ඉන්නවා. බබාලා හයදෙනා එක්කම අම්මත් හොඳින් ඉන්නවා කියලා දැනගන්න වෙලාවේදී දැනුනු සතුට කියන්න වචන නැහැ කියලයි දිලිනිගේ සැමියා කිව්වේ.