Naifmvlog

Naifm vlog Gossip and News

බන්දුගේ පුත් කාංචන ලංකාවේ ලස්සනම කැම්පස් කෙල්ල එක්ක යුග දිවියට

බන්දු සමරසිංහ කියන්නේ ලංකේය සිනමාවේ කිසිදා අමතක නොවෙන නමක් රැන්දු රටක් ආදරේ කරන ප්‍රවීන කලාකරුවෙක් බව අමුතුවෙන් කියන්න අවශ්ෂ්‍ය නැහැ. රංගනයෙන් රටම හිනැස්සු හාස්‍ය රංගන ශිල්පියෙක් තමයි බන්දු කියන්නේ. ලොකු පොඩි බේදයක් නැතුව හැම කෙනෙක්ගේම මුහුණු සිනහවෙන් පුරවන්නට ඔහුට හැකිවෙලා තියනවා. බන්දුට ලොකු දරුවෝ ඉන්නවා කියලා ගොඩක් අය තාමත් දන්නේ නැතුව ඇති. සමාජ මාධ්‍ය වල සැරිසරන තරුණ පිරිස හැරුනම ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නේ නැහැ.

මොකද බන්දු සමරසිංහට ලොකු පුතෙක් ඉන්නවා, ඔහු වැඩිය ජනප්‍රිය වෙන්න උත්සාහා කරන්නේ නැති නිසා ඔහු ගැන වැඩිය කතාකරන්නේ නැහැ. ඉතින් බන්දුගේ ආදරණිය පුත්‍රයා තමයි කාංචන සමරසිංහ කියන්නේ. බන්දු වගේ රඟපාන්නේ නැති වුනාට කාංචනත් කළා ක්ෂේත්‍රයේ සිටින කෙනෙක්. හැබැයි ඒ රඟපෑම තුලින්නම් නෙවෙයි, ඔහුට ලස්සනට ගීත ගයනා කරන්න පුලුවන්. ඉතින් අපිට දැනගන්න ලැබුනා කාංචන පසුගිය දවසක විවහා වුනා කියලා.

ඔහුගේ පෙම්වතියත් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්. ලංකාවේ ලස්සනම කැම්පස් කෙල්ල කිව්වම ඇය ගැන බොහෝ දෙනෙක් දන්නවා. ඇයට එහෙම වෙන්න වාසනාව උදා වෙන්නේ 2016 වර්ෂයේ වර්ල්ඩ් මිස් යුනිවසිටි තරඟයට පෙනිසිටිමින් එහිදී ඇය රටවල් හැත්තෑවකින් විසින් 6 වැනි ස්ථානය දිනාගන්නවා. දැනට ඇය උපදිධරිනියක් සේම නිරුපන ක්ෂේත්‍රය තුලත් වැඩ කටයුතු කරනවා. නමුත් නිරුපනය සිදුකරන්නේ විනෝදාංශයක් හැටියටලු. ඉතින් බන්දුගේ පුත් කාංචනගේ අත ගන්න වාසනාවන්ත වුනු මේ සුරූපිනිය තමයි ප්‍රමොදී කෞශල්‍යා.

ඒ වගේම කන්චනත් පුවත්පත් සාකච්චාවකට එකතු වෙමින් මේ වගේ පුංචි විස්තරයක් කියලා තිබුනා. තාත්තා වගේ මම නම් රඟපාන්නේ නැහැ, ඒත් විනෝදාංශයක් විදියට සින්දු කියන්න ආසයි. මම පොඩිකාලේ ඉඳලා තාත්තා එක්ක ගිටාර් එක ප්ලේ කරන්න ආසයි. මම හිතන්නේ නැහැ තාත්තාට වගේ රංගන දක්ෂතාවයක් මට තියනවා කියලා. රඟපෑවත් තාත්තට තරම් දෙයක් කරන්න මට පුලුවන් වෙන්නේ නැහැ. එයා මට නිතරම කිව්වේ හැකියාව තියන පැත්තකින් ඉස්සරහට යන්න කියලා.