Naifmvlog

Naifm vlog Gossip and News

ටීනා තාමත් ඉන්නේ කුලී ගෙදරකලු, ගමනක් යන්නේ ත්‍රීවිල් එකේලු

ලංකාවේ ප්‍රසිද්ධම නිරුපන ශිල්පිනිය සහ ජනප්‍රිය නිලියක් වන ටීනා ශනෙල් කියන්නේ අපේ රටේ නිරන්තරයෙන් කථා බහට ලක්වෙන කෙනෙක් කියලා දන්නවනේ. නිරුපන ක්ෂේත්‍රය තුල වැඩිම මුදලක් අයකරන කෙනෙක් කියලත් දැනගන්න ලැබෙනවා. ගීත නිර්මාණ බොහොමයකටත් සම්බන්ද වෙලා සිටින ටීනා අපේ රටේ ජනප්‍රියම ගීතයක් වුනු මිලියන ගණනක් නැරඹු නිල්වන් මුහුදු තීරේ ගීතයට රංගනයෙන් දායක වුනේද ඇයයි. ඒ ගැන වගේම ටිනාගේ අලුත් විස්තර ගැන ඇය කියලා තිබුනේ මෙහෙමයි.

මම කරන හැම වැඩක්ම අනිවාර්යෙන් ලංකාවේ ප්‍රසිද්ද වෙනවා. ඕනෑම දෙයක් කරන්න මගේ උපරිමය කරනවා මහන්සි වෙලා කම වෙලා වැඩ කරන්නේ මම ගන්න මුදලට සාධාරණයක් කරන්න. ඒ නිසා අද වෙද්දී මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිපලයක් ලබාගෙන තියනවා. වැඩක් බාරගන්න ඒක කරන්න පුළුවන් දෙයක්නම් විතරයි. වචනයක් දීලා මග අරින පහත වැඩ මගේ නැහැ. මන් ගැන කතා හදන මිනිස්සුන්ට වඩා මාත් එක්ක වැඩ කරන මිනිස්සු දන්නවා ටීනා කියන්නේ කොයිවගේ කෙනෙක්ද කියලා.

අද මම යම් තැනක ඉන්නවා නම් ඒ සාර්ථකත්වයට හේතුවත් හරියට වැඩ කරන එක තමයි. මට වැඩකට කතාකරන්නේ වටිනාකමට හොඳම දෙයක් බලාපොරොත්තුවෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් සීයට දෙසීයක් වටිනාකමක් දෙන්න මම උත්සාහා කරන්නේ. පාඩුවේ මගේ වැඩටික කරගෙන ඉන්නවා, අනිත් අය ගැන හොයන්නේ නැහැ එහෙම හොයන්න මට වෙලාවකුත් නැහැ. කවදාවත් මට මේ ක්ෂේත්‍රය ඇතුලේ වැඩ නැතිවෙලා නැහැ. දැන් අවුරුදු දහයකටත් වඩා මම ක්ෂේත්‍රය ඇතුලේ ඉන්නවා.

ඒත් මගේ බලාපොරොත්තු ඉටු කරගන්න තරම් දෙයක් තාමත් කරලා නැහැ. හොඳ ගෙයක් හදාගන්න වහනයක් ගන්න කවුද අකමැති, මාත් ඒවගේ මටම කියලා ගෙදරක් හදාගන්න හීනයක් තියනවා. මගේම කියලා ලොකු වාහන නැහැ, ළඟකට යනවා නම ත්‍රිවිල් එකකට කතාකරගෙන  යනවා. දැන් වුනත් බස් එකක නැගලා ඕනම තැනකට යන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් මම. ළඟ නැති දේවල් තියනවා කියලා ලෝකෙට පෙන්නලා ප්‍රසිද්ද වෙන්න ඕන කමක් නැහැ.