Naifmvlog

Naifm vlog Gossip and News

මගේ පරිප්පුව කන්න තමයි හැමෝම ආස, අශිකා මතසිංහ

අශිකා මතසිංහ ලංකාවේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙන්නේ කොහොඹ සබන් වෙළඳ දැන්වීම හරහායි. එතනින් පස්සේ හැම කෙනෙක්ම ඇයට ආමන්ත්‍රණය කලේ කොහොඹ කෙල්ල කියන නමින්. ඉන් පසුව අශිකාට ටෙලිනාට්‍ය වගේම වෙළෙඳ දැන්වීම් බොහොමයකම දායක වෙන්න අවස්තාව ලැබෙනවා. දැන්නම් ඇය කළා ක්ෂේත්‍රය තුල දකින්න නොසිටියත් ඇයට ආදරේ කල ප්‍රේක්ෂකයින්ට නම් අශිකාව අමතක වෙලා නැහැ. විවාහයත් එක්කම ගෙදර වැඩ කටයුතු සහ ආදරණිය මවක් විදියට දරුවන් තිදෙනෙකුගේ වැඩ රාජකාරි එක්ක කාර්ය භහුල වෙලා සිටිනවා.

දැනට රඟපෑම් කටයුතු වල නිරත නොවුනත් ඇය රංගනයෙන් දායක වුන හැම චරිතයක්ම මිනිසුන්ගේ හදවතේ තාමත් ඉන්නවා. රංගනයට පමණක් නොවේ බිරිඳක් මවක් ලෙසින් සහ ගෘහනියක් විදියට රසට කෑම උයන්නත් ඇයට පුලුවන් කියලා කිව්වා. ඇයත් එක්ක සාකච්චාවකට එකතු වූ වෙලාවේ අශිකාගේ ජිවිතේ අලුත් විස්තර ගැන අදහස් දැක්වුයේ මෙහෙමයි. මොනතරම් කාර්යභහුල වුනත් දුවගෙයි පුතාලා දෙන්නගෙයි වැඩ වගේම නිවසේ සියලු දේයි කෑම බීම පිළියෙල කරන එකයි මගේම අතින් කරන්නේ.

දවසේ වැඩ ටික කරගන්න ඕන නිසා උදේ පහ විතර වෙද්දී අවදි වෙනවා. නැගිට්ට ගමන් එලියට දුවන්න කලින් රාත්‍රී අඳින ඇඳුම් මාරු කරනවා. මම කියවපු ලිපියක තිබුනා රාත්‍රී ඇඳුම් එක්කම දවසේ වැඩ ආරම්භ කරන එක අසුභයි කියලා. මන් වගේම දරුවන්ටත් ඒ හොඳ පුරුද්ද පුංචි කාලේ ඉඳලාම පුරුදු කරලා තියෙන්නේ. රොටී, පොල් රොටී, චිකන් කරිය වගේම ගෙදරම හදන ඉඳිආප්ප, පිට්ටු, බිත්තර රොටී වගේ දේවල් කඩෙන් ගන්නේ නැහැ මම ගෙදරම හදනවා.

පරිප්පුව තෙම්පරාදු කරද්දී මම පුංචි රහසක් කියලා දෙන්නම්. සීනි පොඩ්ඩක් දානවා ඒක තමයි රහස හදලා බලන්නකෝ. පාන් ඉදිආප්ප පිට්ටු වගේ දේවල් එක්ක හොඳට ගැලපෙනවා. මගේ පවුලේ අය වෙනුවෙන්නේ හැමදෙයක්ම කරන්නේ, ඒ නිසා මහසියක් දැනෙන්නේ නැහැ. මහත්තා නම් ගෙදර ඉන්න කාලය අඩුයි, එයා ගුවන් හමුදාවේ සේවය කරන්නේ. මන් හදන කෑම වලිනුත් කන්න ආසම අර කලින් කියපු පරිප්පු ව්‍යංජනය.