Naifmvlog

Naifm vlog Gossip and News

උදාරිගේ බුරියේ උඩට සතේ කාසියක් තියලා ගැට ගැහුවේ ඇයි

උදාරි වර්ණකුලසූරිය කියන්නේ පුංචි තිරයේ සහ සිනමාවත් ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ කළා ජිවිතේ වගේම සැබෑ ජිවිතයේ බොහොමයක් තොරතුරු ගැන නිතරම අහන්න දකින්න ලැබෙනවා. ටෙලිනාට්‍ය හරහා රංගනයට පැමිණි උදාරි සිනමාවේත් ප්‍රධාන චරිත තුලින් දකින්න ලැබුනා. තම දක්ෂතාවයෙන් ක්ෂේත්‍රයේ ඉහලටම පැමිණි උදාරි වර්තමානයේදී නිර්මාණ තුලින් නිතර දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් ඉතින් ඇයගේ ප්‍රේක්ෂකයින්ට නම් තාමත් ඇයව අමතක වෙලා නැහැ.

1988 වර්ෂයේදී උපත ලබන උදාරිගේ සම්පුර්ණ නම වන්නේ උදාරි චමිලා වර්ණකුලසූරිය, ඇයගේ මව චිත්‍රා පුෂ්පකාන්ති වන අතර පියා ග්‍රේෂන් ප්‍රනාන්දු. පාසල් යන කාලයේ ඉඳලා ඉගනීමට වගේම බාහිර වැඩ වලටත් ගොඩක් දක්ෂ කෙනෙක්ලු. කලාවට සේම සංගීත සහ ක්‍රීඩා කටයුතු වලටත් දක්ෂතා දැක්වූ කෙනෙක්. පාසල් යන කාලයේදී නෙට්බෝල්, ක්‍රිකට්, එල්ලේ සහ වොලිබෝල් කණ්ඩායම් වල ඉඳලා තියනවා. එදෙවල් වලට වගේම අධ්‍යාපනයටත් ගොඩක් දක්ෂ උදාරි උපාදි ධරිනියක්ද වෙනවා.

පාසල් අධ්‍යාපන අවසන් කිරීමෙන් පසු ඇමරිකානු විශ්ව විද්‍යාලයකින් මනෝ විද්‍යාව පිළිබඳ උපාධයක්ද ලබාගෙන තියනවා. දැනට නම් උදාරි කළා ක්ෂේත්‍රයේ නිරත වෙන්නේ නැහැ. පවුලේ අයත් එක්ක වෙනත් රටක පදිංචි වෙලා ඉන්නේ. උදාරි විවහා වෙලා ඉන්නේ වෛද්‍යවරයෙක් වන සුජිත් ඉන්දීවර විජේරත්න සමගයි. රංගනයට අමතරව නිරුපන ක්ෂේත්‍රයේ සහ වෙළඳ දැන්වීම් රැසකට දායක වෙලා තියනවා. ලෝක රූ රැජින තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය සහභාගී වුනේ 2007 වර්ෂයේදීයි.

උදාරි කියන්නේ ජනප්‍රිය වුනා කියලා ක්ෂේත්‍රයේ නිතරම දකින්න ඕන නැහැ කියලා. ඒ එක්කම උදරිගේ සතේ කාසියේ කතාවක් ගැනත් සමාජ මාධ්‍ය තුල කතාබහට ලක් වෙනවා. ඒ කතාව ගැන ඇය මෙහෙම කියලා තිබුනා. මම නිලියක් වෙලා ලංකාවේ ජනප්‍රිය වෙනවා දකින්න මටත් වඩා මගේ තාත්තා ආස කළා. පුංචි කාලේ මගේ බු, රිය උඩට එද්දී තාත්තා සතේ කාසියක් තියලා කියනවලු ගැටහලා කියනවලු මාව කවදා හරි මිස් ශ්‍රී ලංකා කරනවා කියලා.