Naifmvlog

Naifm vlog Gossip and News

ප්‍රවීන නිලි වීනා ජයකොඩි කලාවෙන් ඉවත්වී දැන් ගෙවන ජීවිතේ

ලංකේය සිනමාවේ කුඩා දැරියගේ, පෙම්වතියගේ චරිතයේ ඉඳලා මවගේ චරිතය දක්වාම දශක ගණනාවක ඉඳලා කළා ක්ෂේත්‍රය තුල නමක් රැන්දු චරිතයක් තමයි වීනා ජයකොඩි කියන්නේ. මවගේ ආභාෂයෙන් සිනමාවට පැමිණි මේ දක්ෂ රංගන ශිල්පිනිය හොඳම නිළිය වශයෙන් ජනාධිපති සම්මානයටත් පාත්‍ර වූ කෙනෙක්. 1982 වසරේදී රෑ මනමාලී චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනය වෙනුවෙන් ඇයට හොඳම නිලිය ලෙස ජනාධිපති සම්මානය ලැබුනා.

අහංකාර ස්ත්‍රී චිත්‍රපටය තුලින් රංගනයට පිවිසෙන වීනා මුලින්ම රඟපාන්නේ වයස අවුරුදු 12දීයි. ඒ වගේම ඇයගේ මව රෝහිනී ජයකොඩි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්ද  වෙනවා. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද හැංගි ​හොරා චිත්‍රපටයේ නර්තන ශිල්පිනියක් විදියට වීනා ජයකොඩි දායක වෙලා සිටියා. අපි ඒ විදියට කතාකලේ ඇයගේ කළා ජිවිතේ ගැන වුනත් වීනා දැන් ගෙවන ජිවිතේ ගැන කියලා තිබුනේ මෙහෙමයි.

මේ දවස්වල නම් වැඩියෙන්ම නිවසට වෙලා කාලය ගතකරනවා. මගේ මිනිබිරිය එක්ක තමයි දවසේ වැඩි වෙලාවක් ගතවෙන්නේ. දැන්නම් ටෙලිනාට්‍ය වලට සම්බන්ද වෙන්න කොහොමත් අදහසක් නැහැ. කොච්චර ආරාධනා ලැබුනත් බාරගන්නේ නැහැ, දැන් තියන ටෙලිනාට්‍ය කිසිම අරුතක් නැති නිර්මාණ තියෙන්නේ. ඒවා දැක්කම කොහොමත් සම්බන්ද වෙලා රඟපාන්න හිතෙන්නේ නැහැ. ගෙදරට වෙලා දරුවන්ගේ දෙකට උදව්වක් කරගෙන ඉන්න එක ඊට වඩා හොඳයි කියලා හිතෙනවා.

අධ්‍යක්ෂක වරු නිෂ්පාදකවරුන්ගේ ඉඳලා කිසිම දැනුමක් නැති බොළඳ අදහස් තියන පිරිසක් බිහිවෙලා ඉන්නේ. හොඳ ඇය නැත්තේ නැහැ, හරිහැටි දැනුමක් නැති අයත් ටෙලිනාට්‍ සහ චිත්‍රපට නිර්මාණයට සම්බන්ද වෙලා  ඉන්නවා. නිර්මාණයක් කරද්දී අදාළ චරිතයට ගැලපෙන කෙනෙක් තොරගන්නවට වඩා හිතවත් කම් වලට වෙනත් සම්බන්ද නිසා නළු නිලියන් තෝරාගන්නවා.

අපි රංගනයට එනකාලේ මෙහෙම ජනප්‍රිය වෙන්න ලෙහෙසියෙන් බැහැ. මම ගොඩක් කැපවීම් කරලා ඉස්සරහට ආපු කෙනෙක්, කාටවත් පන්දම් අල්ලලා වෙන යෝජනා වලට කැමති වෙලා නෙවෙයි සම්මාන ගත්තේ. ගාමිණී ෆොන්සේකා වගේ ප්‍රවිනයින්ගෙන් අපි ගොඩක් දේවල් ඉගනගත්තා. මගේ සැබෑ ජීවිතෙත් කතාවක් වගේ, ආදරේ කරලා මුලින්ම විවහා වුනා එකෙන් ප්‍රශ්න ඇතිවෙලා වෙන් වුනාට පස්සේ නැවතත් විවාහා වුනා. එකෙනුත් අසාර්ථක වෙලා දරුවන්ගේ කැමැත්තත් අරගෙන තුන්වෙනි වරටත් විවහා වුනා. දැන් ඔහුත් ජිව, තුන් අතර නැහැ.