Naifmvlog

Naifm vlog Gossip and News

නාඩගම්කාරයෝ කතාවේ හැමදාම ගුටිකන බින්දුගේ සැබෑ ජිවිතේ

ධර්මප්‍රිය ඩයස් කියන්නේ ලංකාවේ සිටින ප්‍රවීනතම නලුවන්ගෙන් එක්කෙනෙක් කිව්වොත් හරි. ඔහුගේ ප්‍රතිභාපුර්ණ රංග ශෛලිය පිළිබඳව ඕනෑම කෙනෙක් නොදන්නවා වෙන්න බැහැ. සිනමාව වගේම ටෙලිනාට්‍ය සහ වෙදිකනාට්‍ය වලටත් නැතිවම බැරි දක්ෂ චරිතයක් තමයි ධර්මප්‍රිය කියන්නේ. මෑත කාලයේදී නම් ඔහු ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නේ දෙවනි ඉනිමේ ආනන්දගේ චරිතයෙන් සහ නාඩගම්කාරයෝ කතාවේ බින්දුසිරි කියන චරිතය හරහායි. ඉතින් ඔහු සමඟ විස්තර කතාබහ කරමින් සුහද කතාබහක නිරතවුනේ මෙහෙමයි.

ටෙලිනාට්‍ය වලට වඩා මම කැමති චිත්‍රපට වලට වුනත් මම අඩුම දායකත්වයක් ලබාදීලා තියෙන්නේ සිනමාවට. මේක නලුවෙක් වෙන්න බලාගෙන ආපු ගමනක් නෙවෙයි, නලුවෙක් වෙන්න සිද්ද වුනා හැබැයි අධ්‍යක්ෂක වරයෙක් වෙන්න තාම හැකිවුණේ නැහැ. ඒ ගැනත් හිතලා ඒක වෙනුවෙන් වැඩ කරගෙන යනවා. හැමදේකටම වඩා වේදිකාව තරමක් අභියෝගාත්මකයි, වේදිකා නාට්‍යයක චරිතය අවබෝධ කරගන්න එක ඉතා වැදගත්. වේදිකාවෙන් ඉගනගන්න ගොඩක් දේවල් තියනවා මම ගොඩක් අභ්‍යාසගත වෙන්න ලැබිලා තියෙන්නෙ වේදිකාවෙ.

ටෙලිනාට්‍ය ගත්තම අපේ රටේ දැන් ඒක ව්‍යාපාරයක් බවට පත්කරගෙන කළා රසය නැති කරගෙන තියනවා. ඒක සරල කරගත යුතු දෙයක් නෙවෙයි දැන් ඒක ව්‍යාපාරයක් විදිහට කරගෙන සරල කරගෙන තියෙනව. නළුවෙක් වුනත් අධ්‍යක්ෂකවරයෙක් වුනත් ඕනම දෙකින් පෘප්තිමත් නොවෙන තරමට තමයි හොඳ දේවල් කරන්න පුළුවන්. අභියෝගාත්මක විවිධ චරිත ලැබෙනවා නම් තමයි මම කැමති. හොඳ නිර්මාණයක් කරලා සමාජයට දෙනවා නම් ප්‍රේක්ෂකයින් ඒක කැමැත්තෙන් බාරගන්නවා.

මගේ කළා කටයුතුත් එක්ක නිවසේ වැඩ වලට ගොඩක් කයල වෙන් කරන්න වෙන්නේ නැහැ. ඉතින් හැමදෙයක්ම හොයලා බලලා කරන්නේ ආදරණීය බිරිය අනෝජා මිලන්ති. ඇයගෙන් ඒ වගේ සහයෝගයක් නොලැබුනානම් මට කිසිම දෙයක් සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේම පුතාලා දෙන්නෙකුත් ඉන්නවා, ලොකු පුතා ස්වර්ණ රාවණ පොඩ්ඩා ප්‍රවර භාෂණ. බිරිඳගේ සහයෝගය මට ගොඩක් වටිනවා හෙවනැල්ලක් වගේ ලඟින් ඉන්නවා. තම සැමියා ගැනත් අනෝජාට තියෙන්නේ මහත් ආඩම්බරයක්. ධර්මප්‍රිය වගේ සැමියකු ලබන්න මා ගොඩක් වාසනාවන්තයි කියලා ඇය කියනවා.