Naifmvlog

Naifm vlog Gossip and News

ප්‍රථම ප්‍රේමය පටන් ගනිද්දී මට 14යි, ඒවා සිද්ද උනේ නොදැනුවත් කමින්

වර්තමානය වනවිට තරුණයින්ගේ සිහින කුමරියක් බවට පත්වෙන්න තරම් වාසනාවන්ත වුන කෙනෙක් තමයි හර්ෂි රසන්ගා කියන්නේ. හර්ෂි කියනවාට වඩා සුජාතා  කියන නමින් ඇයව හැඳින්වුවොත් බොහෝ දෙනෙකුට ඇයව මතකයට එනවා ඇති. ඒකාලයේ සිරස නාලිකාවේ විකාශය වුන සුජාතා ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය වන සුජාතා කියන පුංචි කෙල්ල තමයි අද මේ විදියට රටේම ජනප්‍රිය තාරකාවක් බවට පත්වෙලා ඉන්නේ. දැන්නම් නව යොවුන් තරුණියක් වන හර්ෂි ජනප්‍රිය නිලියක්.

නව නිර්මාණ කිහිපයක් ඔස්සේම දැකගන්න ලැබෙන හර්ශිට දැන් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙනවාලු. තරු අතර, සුජාත පුත්‍ර, තාදි සහ උදුම්බරා කියන ටෙලි නිර්මාණ කිහිපයක් හරහා වගේම වෙළඳ දැන්වීම් වලටත් රංගනයෙන් දායකත්වය ලබාදීලා තියනවා. හර්ශිගේ ජිවිතයේ විශේෂම හැරවුම් ලක්ෂය වුනු තාදී ටෙලිනාට්‍ය ඇයගේ ජිවිතේ වෙනස්ම අතකට අරගෙන ගියා කියලයි හර්ෂි පැවසුවේ. සමහර වෙලාවට පුවත් පලවෙනවා දැන් හර්ෂි පෙම්වතියක් කියලා, නමුත් ඉතින් පෙම්වතා කවුද කියලා හර්ශිවත් තාම කියලා නැහැ.

ආදරේ ගැන කතාකරද්දී හර්ෂි කියලා තිබුනේ මෙහෙම කතාවක්. මගේ පලාවේදී ආදර සම්බන්දය අදටත් අමතක වෙන්නේ නැහැ. ඒක පටන් ගන්නකොට මට වයස දාහතරයි ඒක ගෙදරට අහුවෙලා අම්මගෙන් ඇතිවෙන්න බැනුම් ඇහුවා. ඒකාලේ නොදැනුවත් කමට වෙන්න දේවල් ගැන දැන්නම් පසුතැවෙනවා. දැන්නම් ගොඩක් දේවල් ගැන තේරුමක් තියන නිසා හොඳට හිතලා බලලා තමයි වැඩ කරන්නේ. විවහා වෙන්න ඉක්මන් වෙන්නෙත් නැහැ, මගේ හොඳම යාලුවා තමයි කවිඳු අයියා.

කවිඳු අයියා ගැන සහ මන් ගැනත් එක එක විදියේ කතා හදලා තිබුනා. අපි දෙන්නා ආදරේ කරනවා කියලා සමහර අය පොස්ට් ශෙයා කරලත් තිබුනා. අපි දෙන්නාගේ අතර එහෙම ආදරයක් නම් නැහැ හොඳම යාළුවො දෙන්නෙක් විදියට ආශ්‍රය කරනවා. ශුටින් යද්දිත් අම්මා හරි තාත්තා එක්ක හරි තමයි යන්නේ. කටකතා නම් කොච්චර හැදුනත් ඒවා ගණන් ගන්නේ නැහැ. විලාසිතා කරන්නත් ආසයි, ඒ නිසා මම කැමති විදියේ විලාසිතා කරනවා.