Naifmvlog

Naifm vlog Gossip and News

දෙවනි ඉනිමෙන් දෙව්මි ඉවත් වෙයි, තරුණයින් තුන්වේලම නොකා හඬයි

නයනතාරා වික්‍රමාරච්චි එහෙමත් නැත්නම් රටක් ආදරේ කරන දෙව්මිගේ චරිතය ගැන අද වෙද්දී හැම කෙනෙක්ම දන්නවානේ. මේ චරිතයට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිස කෙතරම් ඉන්නවද කියනවා නම් ජනප්‍රියම නිලියට හිමි සම්මානය එක පිට කිහිප වරක්ම දිනගන්නත් නයනතාර වාසනාවන්ත වෙනවා. මේ විදියට ඇයට වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්නේ දෙවැනි ඉනිම නිසා කියන දේ රහසක් නොවෙයි. සමහරක් තරුණයින්ට සිහිනෙනුත් පෙනෙන කුමරියක් වුන නයනතාරා වැඩිම ජනප්‍රියත්වයක් ලබා ගත්තේ දෙව්මි කියන චරිතය නිසයි.

ටෙලිනාට්‍ය වලට අමතරව සිනමාවටත් එකතු වෙලා ඇයගේ දක්ෂතා වලින් ඉදිරියට යන්නත් නයනතාරාට පුලුවන් වෙලා තියනවා. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන පියාඹන මුනිස්සම් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් නයනතාරාව දකින්නත් ලැබෙනවා. හංස පිහාටු, මීදුමෙන් එහා, සමනලුන්ට එන්න කියන්න ඇය රංගනයෙන් දායක වුන නිර්මාණ කිහිපයක්. 2016, 2017 සහ 2018 අවුරුදු තුනේම එකපිට රයිගම් ටෙලි සම්මාන දිනාගන්නේ ජනප්‍රියම නිළිය විදියටයි.

නයනතාරත් පෞද්ගලිකව දෙවැනි ඉනිමේ දෙව්මිගේ චරිතයට ගොඩක් ආදරේ කරනවාලු. මොකද එම චරිතය ලැබුනේ නැත්නම් මෙහෙම රටක් ආදරේ කරන ජනප්‍රිය කෙනෙක් වෙන්න මේ තරම් එක්මනින් ලැබෙන්නේ නැහැ. නමුත් එකම චරිතයක් ඇතුලේ කොටුවෙලා ඉන්නත් ඇය අකමැති නිසා දෙව්මි වගේ චරිත නැවත ලැබුනත් කරන්නේ නැහැලු. ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ආදරේ ගොඩක් දැනෙනවා, මිනිස්සු ආදරේ කරන චරිතයක් වෙන්න ලැබීමත් කොච්චර වටිනවාද. තව ඉගනගන්නත් දේවල් ගොඩක් තියන නිසා අවා වගේම හෙමින් ගමනක් යනවා.

තව කෙනෙක් අභෝයෝගයක් කරගන්නවාට වඩා ක්ෂේත්‍රයේ ඉන්න හැම කෙනෙක්ම එක්ක ඉස්සරහට යන්න තමයි මම ආස. නයනතාරා දෙවනි ඉනිම ටෙලින්ට්‍යයෙන් ඉවත් වෙනවද. එහෙම ඉවත් වෙනවා කියලා තාමත් හරියටම කියන්න හේතුවක් නැහැ ඉස්සරහට ඉවත් වෙන්න ඕන කියලා හිතුනොත් තීරණයක් ගන්නවා. ඇය එහෙම කිව්වත් දෙව්මි කියන කෙනා දෙවනි ඉනිමෙන් අයින් වෙනවට අකමැති ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා නේද. ඔව් මට ආදරේ කරන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තමයි හැමදාම වෙනස් චරිත වලින් එන්න උත්සාහා කරන්නේ. නැත්නම් මිනිස්සුන්ටත් එකම චරිතය හැමදාම දැකලා එපවෙනවනේ.