Naifmvlog

Naifm vlog Gossip and News

ෂෙරිල් සහ රුවන් එක්ව පවත්වාගෙන යන ව්‍යාපාරයක් ගැන හෙළිවෙයි

ෂෙරිල් ඩෙකර් කියන්නේ ටෙලිනාට්‍ය නිලියක් ලෙසින් සහ රංගනයෙන් නර්තනයෙන් සහ මියුස්ක් වීඩියෝ වලින් ජනප්‍රිය වුන දක්ෂ නිලියක්. කොහොම වුනත් විවාහයෙන් පස්සේ නම් මෑත කාලය දක්වාම ෂෙරිල් කළා ක්ෂේත්‍රය තුල දකින්න ලැබුනේ නැහැ. ඒ නිසාම බොහෝ දෙනෙක් කියලා තිබුනා ඇය රංගනයෙන් ඉවත් වෙලා ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා. ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි එක්ක විවහා වුන ෂෙරිල් දික්කසාද වුනා කියලත් කට කතාවක් ගියා. ඒ හැමදේකටම ෂෙරිල් උත්තර දීලා තිබුනේ මෙහෙමයි.

සුරුරුදු විදියට වැඩ කටයුතු කරගෙන සාමාන්‍ය විදියට ජිවත් වෙනවා. වසර කිහිපයකින් නිර්මාණ වලට නම් සම්බන්ද වෙන්න බැරිවුනා. ලැබෙන හැම වැඩක්ම මම බරගේන්නෙත් නැහැ, හොඳ දෙයක් තිබුනොත් විතරයි යන්නේ. සමහර වෙලාවට අපේම පිරිසගෙන් ක්ෂේත්‍රයේ ඉන්න ඇයට කැපිල්ල දාලා අයින් කරන්න උත්සාහා කරන අයත් ඉන්නවා. සුදුසුකම් දක්ෂතා වලට වඩා වෙනත් දේවල් කරලා ඉස්සරහට යන කට්ටියක් ඉන්නවා.

මම රංගනයට ඇවිත් වසර හපලවකටත් වැඩියි, ඒත් නිර්මාණ ගොඩකට දායක වෙලා නැහැ. ඒත් කාලයේ කරපු දේවල් වලට හොඳ ප්‍රතිචාර ලැබිලා තියනවා. ඒ චරිත අදටත් මිනිස්සුන්ට මතකයි ඒ නිසා තමයි ආදරය තාමත් ලැබෙන්නේ. රුවන් වුනත් හැමදාම සින්දු කරන්නේ නැහැ, කාලයක් ඉඳලා හොඳම දෙයක් එලියට දානවා. සංගීතයට අමතරව ඔහු පන්තිත් කරනවා, මගේ ව්‍යාපාර සහ රුවන්ගේ ව්‍යාපාර තියන නිසා මුදල් ප්‍රශ්නනම් වැඩිය නැහැ. ඇඳුම් ව්‍යාපාරයක් තමයි ෂෙරී කරගෙන යනවා කියලා දැනගන්න ලැබුනේ.

අපි දෙන්නා අතරෙන් පුංචි පුංචි ප්‍රශ්න ඇතිවෙලා තියනවා. ඒවා ඩිවෝස් වෙන්න තරම් දුර ගියපු ඒවා නම් නෙවෙයි. සමහරු කියලා තිබුනා අපි දෙන්නා දික්කසාද වෙලා ඉන්නේ කියලා. අපි දෙන්නා යන එන තැන් කරන දේවල් ප්‍රදර්ශනය කරන්නේ නැති නිසා සහමරු හිතන්නේ අපි වෙන්වෙලා ඉන්නවා කියලා. මම කොහොමත් පාඩුවේ ඉන්න කැමති කෙනෙක්, රුවනුත් එහෙමයි අපි දෙන්නාම නිහඬ චරිතනේ. කාටවත් ප්‍රශ්න ඇති කරන්නේ නැහැ පාඩුවේ ඉන්නවා.