Naifmvlog

Naifm vlog Gossip and News

දැන් කලාවෙන් විතරක් ජීවත් වෙන්න බෑ, මට පොඩි අදායම් මාර්ගයක් තියනවා

ටෙලිනාට්‍ය වලින් සහ සිනමා නිර්මාණ කිහිපයක් ඔස්සේම අපට දැකගන්න ලැබුණු ජනප්‍රිය නිලියක් තමයි මේනකා මදුවන්ති කියන්නේ. දැන් ඇය රඟපෑම් කටයුතු වල නිරත වෙන්නේ නැති වුනත් ඇයට ආදරේ කල ප්‍රේක්ෂක පිරිස තාමත් සිටිනවා. ජිවිතේ ලස්සනයි, කොලඹ සන්නිය රිටර්න්ස් වැනි ජනප්‍රියම වූ චිත්‍රපට තුලින් ඇයගේ රංගනය අපට දකින්න ලැබුනා. ඊට අමතරව මියුසික් වීඩියෝ වලට සහ නිරුපන ක්ෂේත්‍රයේත් වෙළඳ දැන්වීම් වලත් නිරන්තරයෙන් දැකපු මේනකා අද වෙද්දී කිසිම නිර්මාණයකින් අපිට දකින්න ලැබෙන්නේ නැහැ.

රංගනයට අමතරව කොහොමත් ඇය පොඩි ව්‍යාපාර කටයුතු කිහිපයක් කරගෙන යනවාලු. ඉතින් ඇයගේ අලුත් ජිවිතේ මොනවගේද කියලා දැනගන්නත් එක්කම මේනකා එක්ක පුංචි කතාබහක නිරත වුනේ මෙහෙමයි. මන් අන්තිමට රඟපාපු චිත්‍රපටය කොළඹ සන්නිය රිටන්ස් හරහා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා. දැනටත් ඒක බලපු පිරිස මට ගොඩක් ප්‍රශංසා කරනවා. මේක පැරණි චිත්‍රපටයක් නව්‍ය කරනනය කරලා නැවත රඟපාපු නිසා පොඩි බයකුත් තිබුනා.

මොකද මේවගේ දෙකට චිත්‍රපටය වෙනුවෙන් සධාරයක් ඉටුකරන්න ඕනේ. ප්‍රේක්ෂකයින්ගේ ප්රෙතිචාරය මොනවගේ වේවිද කියලත් බයක් තිබුනා. ඒත් චිත්‍රපටය විකාශය වෙලා දින කිහිපයක් යද්දී මට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙන්න පටන් ගත්තා. මට  නිර්මාණයකට ආරාධනා ලැබුනත් ගොඩක් ඒවා ලැබෙන්නේ බටහිර පන්නයට යොමු වෙච්ච නිර්මාණ. ඒකට විශේෂ හේතුවක් කියන්න නම් මම දන්නේ නැහැ. සමහරවිට මගේ පෙනුම නිසා වෙන්න ඇති එහෙම චරිත ලැබෙන්නේ.

මම කවදාවත් කලාව ව්‍යාපාරයක් විදියටවත් වෘත්තියක් විදියටවත් කරන්නේ නැහැ. දැන්නම් කොහොමත් රඟපෑම් කටයුතු වල නිරත වෙන්නේ නැහැ. ඒකාලේ ඉඳලාම මට පුංචි පුංච් ව්‍යාපාර තිබුනා. දැන් මම මගේම කියලා ස්ථාවරයකට ඇවිත් ඉන්නවා, අදකාලේ කලාවෙන් විතරක් ජිවත් වෙනවා කියන්නේ ඇත්තටම ආමාරු වැඩක්. වෙන රටවල් වල වගේ නෙවෙයි අපේ රටේ කලාකරුවන්ට හරි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා, ඒක මගේ ජීවිතේට ලොකු ශක්තියක්. මේ දවස්වල න ටිකක් කාර්යභහුල වෙලා ඉන්නේ.