Naifmvlog

Naifm vlog Gossip and News

ලංකාවේ ලස්සනම නිවුන් සහෝදරියන් දෙදෙනාගේ සැබෑ ජීවිතය

අපේ කළා ක්ෂේත්‍රය තුලට කාලෙන් කාලෙට විවිදාකාරයේ චරිත අලුතෙන් එකතු වෙනවා කියලා අපි හැම කෙනෙක්ම දන්නවානේ. ඒ විදියට මෑත කාලයේදී කලාවට එකතු වුනු අලුත්ම චරිත දෙකක් සිටිනවා. විශේෂත්වය වෙන්නේ මේ දෙන්නගෙම රුව එකවගේ වීමයි, ඒ කියන්නේ ලංකාවේ ලස්සනම නොවුන් සහෝදරියන් දෙදෙනා කිව්වොත් හරි. මේ ලස්සන සහෝදරියන් දෙදෙනා තමයි අනුශ්කි සහ කනුශ්කි. අක්කා තමයි අනුශ්කි කියන්නේ එතකොට නංගි කනුශ්කි.

මේ දෙන්නා සමාජ මාධ්‍ය තුලින් සහ රූපවාහිනියෙන් රටේම ප්‍රසිද්ද වීමත් එක්කම කළා ක්ෂේතයට පමිනේන්නත් ඔවුන්ට හැකිවෙලා තියනවා. මුලින්ම ටෙලිනට්‍යකින් පුංචි තිරය ඔස්සේ අනුශ්කි සහ කනුශ්කි අපිට හමුවෙන්නේ මල් පිපෙන කාලේ ටෙලිනාට්‍ය තුලින්. මේකෙත් අක්කගේ සහ නංගිගේ චරිතයක් තමයි කරන්නේ. නිල්නෙතු සහ පිණිමුතු කියන චරිත දෙක ඔස්සේ දැකගන්න ලැබෙනවා. මේකෙත් සැබෑ ජිවිතේ අක්කා අනුශිකි තමයි නිල්නේතු, කනුශ්කි තමයි පිණිමුතු චරිතය කරන්නේ.

රංගනයට වගේම නර්තනයටත් මේ දෙන්නා ගොඩාක් දක්ෂයි කියලා රටම දන්නවා. ඒවගේම නිරන්තරයෙන් අලුත් විදියේ ෆොටෝ ශුට් වලටත් මේ දෙන්නව සහභාගී කරගන්නවා. මුලින්ම දෙන්නා කලාවට දෙන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේ සීසන් 5 හරහායි. ඊට අමතරව තවත් නර්තන තරඟ බොහොමයකින්ම ඔවුන් ජයග්‍රහණය කරලා තියනවා කියලත් කිව්වා. දෙන්නගෙම අරමුණ වෙලා තියෙන්නේ නර්තන අංශයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරියන් වීමලු.

ඒ විතරක් නෙවෙයි අනුශ්කිගේ සහ කනුශ්කිගේ නමින් ඩාන්සින් ස්ටුඩියෝ එකකුත් පටන් අරගෙන තියනවාලු. පෙනුම වගේම දෙන්නාගේම සිතුම් පැතුම් එකවගේ නිසා ඇඳුමක් ගන්න ගියත් කෑමක් කන්න ගියත් එකටමයිලු යන්නේ. ඇඳුම් ගන්න ගියත් දෙන්නාම තෝරන්නෙ එකම ඇඳුමලු. හැබැයි අක්කාට වඩා නංගි ටිකක් කටකාරයි කියලා කියනවා. කොහොම වුනත් මේ වගේ අලුත් චරිත කළා ක්ෂේත්‍රය පැමිණීම ගැනත් අපි සතුටු වෙනවා. ඉතින් අනුශ්කිගේ සහ කනුශ්කිගේ වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගෙන හොඳ ගමනක් යන්න ලැබෙන්න කියලා අපිත් ප්‍රර්ථනා කරනවා.