Naifmvlog

Naifm vlog Gossip and News

ජනප්‍රිය ගායක මනේජ් සංජය උතුම් පිය පදවිය ලබයි

හිරු ස්ටාර් වේදිකාව තුලින් රටක් හඳුනාගත් දක්ෂ ගායකයෙක් තමයි මැනේජ් සංජය කියන්නේ. පණට නමක් කියලා කිව්වත් මුලින්ම මතක්වෙන්නේ මනේජ්ව තමයි. වර්තමානය වන විට මැනේජ් ලංකාවේ ජනප්‍රියම ගායකයින් අතරට පැමිණිලා ඉන්නවා. ගීත ගණනාවක්ම ගයනා කරලා තියන ඔහුගේ ගීතයක් එළිදකිවුනාට පස්සේ දින කිහිපයකින් අපේ රටේ මිලියන ගණනක් ඒක නරඹනවා කියලාත් ඔයාලා දන්නවා ඇති. දැන්නම් ටීවී සහ රේඩියෝ වලට වැඩ ගීත නිර්මාණ ජනප්‍රිය වෙන්නේ ෆේස්බුක් සහ යුටියුබ් වලින්නේ.

ඉතින් මනේජ් කියන්නේ අද වෙනකොට ලංකාවේ ගායකයෙක් විදියට තමන්ගේ අනන්‍යතාවය ගොඩනගාගෙන සිටින කෙනෙක්. තමන්ගේම ගීත වලට අමතරව ටෙලිනාට්‍ය පසුබිම් ගීත ගයනා කිරීම සඳහාත් අද නැතුවම බැරි කෙනෙක් බවට ඔහු පත්වෙලා ඉන්නවා. රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ ජෝඩු කරගෙන කියන ගීතය නිසාත් වර්තමානයේ ඔහු ගොඩක් ජනප්‍රිය වෙලා සිටින කෙනෙක්. සංගීත වැඩ කටයුතු වලට අමතරව මනේජ්ගේ සැබෑ ජිවිතේ ගැනත් දැනගන්න ඔහුට අදරෙ කරන ප්‍රේක්ෂකයින් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.

පසුගිය දවසක ඔහුගේ මුහුණු පොතෙන් අලුත්ම ආරංචියක් අපිට දැනගන්න ලැබුනා. ඒ තමයි ඔහු තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා, its a girl” කියලා තමයි ඔහු සටහන සඳහන් කරලා තිබුනේ. මනේජ් විවාහා වෙලා දැන් වසරකටත් වැඩි කාලයක් ගත වෙලා තියනවා. ගායකයෙක් විදියට ඉක්මනින් ජනප්‍රිය වෙලා රටෙම් ආදරේ දිනාගත්තා වගේම මේ ආරංචිය දැනගත්ත වෙලාවේ ඉඳලත් ඔහුට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිස සුභපතලා තිබුනා.

ඒවගේම ඔහුගේ බිරිඳත් එක්ක ලස්සන ෆොටෝ ශුට් එකකුත් කරලා මුහුණු පොතට එකතු කරලා තියනවා දකින්නත් ලැබුනා. වගේම ඔහුට ආදරේ කරන රසික රසිකාවියන් දහස් ගණනක් මේ චයරුප පෙලට ප්‍රතිචාර දකිවමින් සුභපැතුම් සහ ආශිර්වාද කරාලා තිබුනා. ඉතින් මනේජ් සංජයගේ අලුත් ජීවිතේට එකතු වෙන්න සුදානමින් සිටින අලුත් සාමාජිකයාට සහ පවුලටම අපිත් හදවතින්ම සුභපැතුම් එකතු කරන ගමන්ම ඔවුන්ගේ ආනාගත බලා පොරොත්තුත් ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.