Naifmvlog

Naifm vlog Gossip and News

මිනිස්සු කටකතා හදන්නේ මම ගොඩක් ෆෙමස් නිසා, ශනුද්‍රි ප්‍රියසාද්

ලංකාවේ ඉතාම ජනප්‍රිය කළා පවුලකින් වල ප්‍රියසාද් පවුලේ සුරතල් පුංචි දියණිය වන ශනුද්‍රි ගැන දැන් නොදන්නා කෙනෙක් ඉන්නවද. ඉතින් මේ දක්ෂ සුන්දර නිළිය පිළිබඳව අලුත් පුවත් දැනගන්නත් බොහෝ පිරිසක් ආසාවෙන් ඉන්නවා කියලා අපි දන්නවා. ප්‍රියසාද් පවුල කියන්නේ කොහොමත් අපේ රටේ නිතරම කතාබහට ලක්වෙන පවුලක් කියලා දන්නවනේ. දිනක්ෂි ශේෂාද්‍රි අතරින් බාලම දෝනිනේ ශනුද්‍රි කියන්නේ. ඒ විදියට ලංකාවේ ප්‍රසිද්ධම කලාකරින්යක් අතරේ සිටින ඇය ගැන විස්තර ටිකක් මේ විදියට ගෙන එන්න සිතුවා.

ශනුද්‍රිට උපතින්ම ගායන රංගන සහ නර්තන හැකියාවත් පිහිටලාම තියනවා. දෙවැනි ඉනිමෙන් ජනප්‍රිය වෙලා නොසිතු අවස්ථාවක ඇය ඉන් ඉවත් වීමක් එක්කම කාලයක්ම ශනුද්‍රිව අපිට දැකගන්න ලැබුනේ නැහැ. ඒ වගේම මේ දවස්වල ඇය රංගනයෙන් දායක වෙලා සිටින දිවි තුරා ටෙලිනාට්‍ය බොහෝ දෙනෙක් ගොඩක් ආසාවෙන් නරඹනවා කියලා ප්‍රේක්ෂකයින් පවසලා තිබුනා. රංගන කටයුතු වලට අමතරව ලස්සනම ලස්සන ෆොටෝ ශුට් වලටත් ශනු සහභාගී වෙනවා.

මේ වෙනකොට කළා ක්ෂේත්‍රය තුලත් හොඳ නමක් දිනාගෙන සිටින ඇයට ප්‍රේක්ෂක ආදරේ නම් කවදාවත් අඩුවක් වෙලා නැහැ. ඊටත් අමතරම සුන්දර රුවකටත් හිමිකම් කියන ශනුද්‍රි අද වෙනකොට ලංකාවේ ගොඩක් තරුණයින්ගේ හීන කුමරිය බවට පත්වෙලා ඉන්නවා කියලයි ආරංචි වෙන්නේ. ඒක නිසාම සමාජ මාධ්‍ය හරහාත් ඇයට ගොඩක් ආදර යෝජනා එහෙම ගලාගෙන එනවාලු. එහෙම දේවල් ජනප්‍රිය අයට ඕන තරම් එන නිසා වැඩිය ඒවා ගැන හිතන්නේ නැහැලු.

අනිත් කාරනාව තමයි කටකතා එහෙම හැදෙන ඒක. බොරු කටකතා හැදෙන නිසා ශනුද්‍රිගේ නමට ප්‍රශ්නයක් වෙනවද. එහෙම දෙයක් නැහැ මොකද මගේ අතේ වරද්දක් නැත්නම් බය වෙන්න ඕන නැහැනේ. මට ආදරේ කරන මිනිස්සු ගොඩක් ඉන්නවා, ඒ අතරින් සුළු පිරිසක් තමයි කටකතා හදන්නේ. අපි හොඳ ගමනක් යනවා කියලා දකිද්දී ඒවා නවත්වන්න එහෙම දේවල් කරනවා ඇති. අපි ගොඩක් ජනප්‍රිය නිසානේ  එහෙම දේවල් කරන්නේ.