Naifmvlog

Naifm vlog Gossip and News

ජනප්‍රිය ගායිකා අදිත්‍යාගේ අලුත්ම විලාසිතාව ගැන රටේම කතාබහට

සිරස වොයිස් ටින්ස් වේදිකාව තුලින් ලංකාවේ ජනප්‍රිය වුන දක්ෂ ගායිකාවක් තමයි ආධිත්යා වැලිවත්ත කියන්නේ. ගීත ගයනා කිරීමට උපතින්ම දක්ෂතාවයක් ලැබිලා තියන ආදිත්‍යා වොයිස් ටින් වැඩසටහන හරහා ඇයගේ දක්ෂතාවය රටටම පෙන්වූවා පමණක් නොවෙයි ඇයගේ හැකියාවත් තවත් වැඩි දියුණු කරගත්තා. නමුත් සමහර කාලවල් වලදී ජනප්‍රියත්වය වැඩිවීමත් එක්කම විවිද කතා හැදෙන්නත් පටන් ගත්තා. එම නිසා සමාජ මාද්‍ය වලින් අදිත්යා ගැන ගොඩක් පුවත් පලවෙන්න පටන් ගත්තා.

ඉතින් ඇය මාධ්‍ය සාකච්චාවකට එකතු වූ වෙලාවක කියලා තිබුනේ මෙහෙම කතාවක්. මට වැඩියෙන්ම තියෙන්නේ බැනුම් අහපු මතක තමයි. වොයිස් ටින් වැඩසටහනේ ඉන්න කාලේදී ගොඩක් විවේ චන මට එල්ල වුනා. ඒ හැමදේකින්ම අලුත් දෙයක් මම ඉගනගත්තා, හැබැයි ගොඩක් දුක හිතුනු වෙලාවල් තිබුනා. මොකද මම ක්ෂේත්යට අලුත් කෙනෙක් නිසා එහෙම දේවල් කලිත් අත්විඳලා නැහැ. ඒවා මතක් වෙනකොට දැන්නම් සතුටක් දැනෙනවා, කලින් හිටියට වඩා තැනකට එන්න මට උදව් වුනෙත් ඒ ශක්තියම තමයි.

වොයිස් වේදිකාවෙන් ඉවත් වුන දවස තමයි මගේ ජිවිතේ මතක් කරන්නත් අකමැතිම දෙය. මිනිස්සු මට කතා හදද්දී අම්මත් එක්ක ඒවා කියලා තියනවා. සින්දු කියන එකත් නතර කරන්න හදද්දී අම්මා මට බන්නේ නැහැ. මිනිස්සු කියන දේවල් නිසා ඔයාගේ ගමන නතර කරන්න එපා කියලා එයා මට කිව්වා. අම්මා නිසා තමයි මගේ හිතේ ශක්තිය ඇතිවුනෙ, සමහර දේවල් කරන්න ගිහින් වැරදුනාම මතක් වෙනවා මේක ගැන අම්මා කලින් කිව්වා නේද කියලා.

මම ගායන කරපු නොමිලේ දුන් නිසා ගීතය හිතුවෙවත් නැති විදියට ජනප්‍රිය වුනා. දිනනවට වඩා අලුත් දෙකට සහභාගී වෙලා අත්දැකීමක් ගන්න හිතාගෙන මන් වොයිස් ටීන් එකට ආවේ. අම්මා තාත්තා වගේම මල්ලිත් මගේ හැම දෙකටම ගොඩක් උදව් කරනවා. ඒවගේම භාතිය සර් උමාරා මිස් සහ උමාරියා මිස්ව මතක් කරන්න ඕන. පාසල් යන කලෙත් මම හැමදේකටම සහබාගි වෙන කෙනෙක්.