Naifmvlog

Naifm vlog Gossip and News

අදම අයදුම් කරන්න, පියුමිගෙන් තරුණ තරුණියන්ට ඇරයුමක්

පියුමි හංසමාලි කියන්නේ මෑත කාලයේදී ගොඩක් ප්‍රසිද්ද චරිතයක් බවට පත්වෙලා සමාජ මාධ්‍ය වල නිතරම පුවත් මවන්න පටන් අරගෙන තියන කෙනෙක්. දුටුවන් වශී කරන රුවකටත් හිමිකම් කියන ඇය නිරුපන ක්ෂේත්‍රය තුලත් ඉහලින්ම සිටින අයෙකු වෙනවා. පසුගිය කාලය පුරාවටම පියුමි ගැන විවිදාකාරයේ කතා බහ ඇතිවෙන්න පටන් ගත්තා. පියුමිගේ හොඳම යහළුවන් දෙන්නෙක් තමයි රන්ජන් රාමනායක සහ චන්දිමාල් ජයසිංහ කියන්නේ. රන්ජන් වෙනුවෙනුත් පියුමි ගොඩක් හඬ නැගලා තියනවා.

ඊටත් අමතරව චන්දිමාල්ගේ උපන්දින පාටි වලත් විශේෂම තැනක් පියුමිට ලැබෙනවා. පියුමි රට යන්න සුදානමක් තියනවා කියලත් ටික දවසකට කලින්  මාධ්‍ය වල පළවුනත් තාමත් එහෙම දෙයක් ගැන වෙන රටකට යන දිනයක් ගැන  නම් පවසලා නැහැ. දැනට රඟපෑම් වල නිරත වෙලා හිටියත් දිගටම රඟපාන්නේ නැහැ කියලත් ඇය කිව්වා. ඔන්න ඉතින් පියුමිගෙන් අපේ තරුණ තරුණියන්ට අලුත් ආරාධනාවකුත් තියනවා. ඒ තමයි ලඟම එන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් කරන්න යන වැඩක්.

ඇයගේ ෆේස්බුක් එකේ වීඩියෝවක් පළකරමින් කියලා තිබුනේ CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය ඔබද, 26 වෙනිදා උදේ 8 ට එන්න වෝටර්ස් එජ් එකට අපි එදාට හම්බවෙමු කියලා. එදෙවලුත් එක්කම පියුමිගේ අලුත් තොරතුරුත් කිව්වේ මෙහෙමයි. හැමදාම මම හිතන දෙයක් තමයි දිගටම රඟපාන්නේ නැහැ කියලා. ලංකාවේ මිනිස්සු හරිම කුහකයි තව කෙනෙක් ලස්සනට අන්දලා කරලා හොඳින් ඉන්නවා බලාගෙන ඉන්න බැහැ. මොනදේ කලත් මගේ පුතාගේ පාසලට එහෙම යන්න ඕන වුනත් ඒ තැනට ගැලපෙන විදියට යනවා.

සමහරු කියනවානේ අම්මා කෙනෙක් විදියට හැදියාවක් නැහැ කියලා. පාසලට පන්සලට යද්දී නම් දිග ගවුමක් හරි ඩෙනිම් එක හරි තැනට ගැළපෙන විඳියට ඇඳලා තමා යන්නේ. සාමාන්‍යයෙන් ගෙදර ඉද්දි එලියට යද්දී කැමති විදියට ෆැෂන් කරනවා. කාත් එක්කවත් මගේ හිතේ කිසිම තරහක් නැහැ, කොහොමත් ඕවා හිතේ තියාගෙන ඉන්නේ නැහැ මම. අපි හෙට ඉඳීද කියන්න බැරි එකේ මම කැමති සතුටින් ජීවිතය ගෙවන්න.