Naifmvlog

Naifm vlog Gossip and News

මම මැරි කලෙත් ලිවින් ටුගෙදර් ඉඳලා, නිරුවත මැජික් එකක් නෙවෙයි

ලංකාවේ බිහිවූ චිත්‍රපට අතරින් මහත් ආන්දෝලනයට ලක්වූ එකක් තමයි හුස්ම චිත්‍රපටය කියන්නේ. මේකේ ප්‍රධාන චරිතය වශයෙන් රංගනයෙන් දායක වුන නිළිය සම්බන්දයෙන් විවිද කතා ලංකාව පුරාම කතාකරන්න පටන් ගත්තා. ඇය පිළිබඳව මෙතරම් කතාකරන්න පටන් ගත්තේ හුස්ම චිත්‍රපයට රංගනයෙන් දායක වීමත් එක්කයි. ඇය තමයි චමත්කා ලක්මිණි, එක්තරා මධ්යක සකච්චව්කාට එකතු වූ අවස්ථාවේ අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි.

ඒ අතරින් චමත්කා විශේෂ කරුණු කිහිපයක් ගැනත් කියලා තිබුනා. එවැනි චිත්‍රපට වලට කැමැත්තෙන්ම සහභාගී වන බවත් පැවසු චමත්කා මෙවනි සිනමා නිර්මාණ වලට යාමෙන් පෞද්ගලික ජීවිතේට ඇතිවෙන තත්වය ගැන කිව්වේ මෙහෙම දෙයක්. බිරිඳක් සහ මවක් විදියට රංගනය කියන භූමිකාව ඇතුලේ කරන දේවල් එලියට ගෙනියන්නේ නැහැ. රංගනය සහ මගේ පෞද්ගලික ජිවිතේ පවත්වාගෙන යන්නේ කොහොමද කියල මම දන්නවා. නෑදෑයන්ට වඩා මම ආශ්‍රය කරන්නේ යාලුවෝ, නෑදෑයෝ ආශ්‍රය කරන්නේ හරිම අඩුවෙන්.

ඒ නිසා මගේ ජිවිතේ කනගාටු වෙන්න තරම් දේවල් ගොඩක් නැහැ. සිනමාවේ විතරක් නෙවෙයි නිරු, වත කියන දේ අපේ රට ඇතුලේ මැජික් එකක් වෙලා කියලා හිතෙන්නේ. හුස්ම චිත්‍රපටයේ රඟපෑමෙන් පස්සේ මට ගොඩක් මිනිස්සු බනින්න පටන් ගත්තා. ඒකට මගේ පවුලෙනුත් කිසිම ප්‍රශ්නයක් ආවේ නැති නිසා අනිත් මිනිස්සු කොහොම හිතවාද කියන දේ අදාළ නැහැ. අපේ මියුසික් වීඩියෝ ලෝකෙම බලනවා නම් අපේ ෆිල්ම්ස් ඇයි එහෙම ජාත්‍යන්තරය යවන්න බැරි.

හැම කෙනෙක්ගෙම ඇඟේ ආර්ට් කියලා දෙයක් තියනවා. ඒක අල්ලගත්තානම් මේක ලේසියි කියලා මගේ අම්මා මට කියලා තියෙන්නේ. තවත් අය අහනවා දරුවා ලොකු වුනාම චිත්‍රපටය දැක්කොත් මොනවා හිතාවිද කියලා. මගේ මහත්තයා තේරුම් අරන් ඉන්නවා වගේ දරුවත් ලොකු වුනාම ඒවා තේරුම් ගනීවි. මේවා දිහා මැජික් එකක් විදියට බලන්න හොඳ නැහැ මම විවහා වුනෙත් ලිවින්, ටුගේ, දර් ඉඳලා. කොහොම වුනත් චමත්කා කියන විදියට මිනිස්සු හිතන විදිය වෙනස් කරනවාන් නම් හොඳි කියලයි ඇය පවසන්නේ.