Naifmvlog

Naifm vlog Gossip and News

දියණිය විවහා කරදීමෙන් පසුව නිල්මිණීත් විවාහ වෙන්න සුදානම් වෙයි

ලංකේය සිනමා කලාව තුල පෙම්වතිය ලෙසින් වැඩිම චරිත ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියන නිල්මිණි තෙන්නකෝන් අපේ රටේ මිනිසුන්ගේ ආදරේ නොඅඩුවම දිනාගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඇයගේ ජිවිතේ පුංචි විස්තර ටිකක් දැනගන්නත් එක්ක නිල්මිණිව සම්බන්ද කරගත්තා. මෑතකදී දෙරණ රුපවහිනියත් එක්ක අලුත් වැඩ සටහනක් කළා සිද්ධි මංසල කියලා. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට හිත හැදෙන විදියට පිළිතුරු ලබාදුන් වැඩ සටහනක්.

මගේ හිත කියනවා මම ඉපදිලා තියෙන්නේ රන්ගනයටමයි කියලා. ඒත් සමාජයෙන් ලැබුණු පිළිගනිම සහ ආදරය නිසා ලැබුණු හැම දෙයකම ගෞරවය ජනතාවට ලබාදෙනවා. ඒ නිසාම තමයි එවැනි වැඩසටන් එක්ක සම්බන්ද වෙලා ආදරණිය මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න හිතුවේ. මම නිතරම වැඩ කරලා පුරුදු කෙනෙක්, රංගන කටයුතු රූපලාවණ්‍යාගාරයේ වැඩ ගෙදර වැඩ සමාජයේ වැඩ ඔය හැමදෙයක්ම කරනවා. මගේ හිතේ යම් දුකක් දැනුන වෙලාවට පුලුවන් තරම් කාර්යභහුල වෙන එකත් මට ශක්තියක්.

පාසල් යන කාලේ ඉඳලා නිලියක් වෙන අදහස නම් තිබුනා. ඒ ආසාව ඇතිවුනේ චිත්‍රපට බලලා නෙවෙයි චිත්‍රපටවල ප්‍රදර්ශන පුවරු දැකලා. මුලින්ම අපි බලපු චිත්‍රපට වල හිටියේ මාලනි ෆොන්සේකා, ස්වර්ණා මල්වආරච්චි වගේ ප්‍රවීනයින්. එහෙම අය දකිද්දී මටත් හිතුනා ඒවගේ කෙනෙක් වෙන්න ලැබෙනවා නම් කියලා. මේක ගොඩක් මහන්සියෙන් කැපවීමෙන් ලබාගත්තු දෙයක්. ප්‍රවීන නිලියක් වෙනවා කියන්නේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මගේ කැපවීම නිසාම අද එහෙම වෙන්න පුළුවන් වෙලා තියනවා.

දැන්නම් මට ජිවිතේ වටිනාම දෙයක් තියනවා නම් ඒ තමයි මගේ දුව. එයාට අවුරුද්දක් වෙද්දී ඉඳලා කාගෙන්වත් උදව්වක් නැතුව තනියම දුව හදාගත්තා. මගේ අමම්යි, නංගියි හැරෙන්න දරුවට දෙන්න කිරිපිටි කන්න දෙන්න ගෙදර හාල් ඇටයක් තියෙනවද කියලා කවුරුත් ඇහුවේ නැහැ. දුවට කියන්නේ රටට හොඳ පුරවැසියෙක් වෙන්න කියලා, අම්මා වගේ ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕන නැහැ. කාගෙන්වත් කතාවක් අහන්නේ නතුව ඉන්නවා නම් ඇති.

මට ලොකුම වගකීමක් තියෙන්නේ දියණියගේ අනාගතේ ගැන. මගේ ජිවිතේ තියනකල් ඇයට වෙන්න ඕන යුතුකම් වගකීම් හැම දෙයක්ම මගේ අතින්ම කරනවා. මගේ ජීවිතෙත් මම වැඩියෙන්ම හිටියේ තනිකඩව, ඉතින් දුව විවහා කරලා දුන්නට පස්සේ මාත් විවාහයක් ගැන හිතනවා. මොකද ජිවිතේ ඉස්සරහට යද්දී තමන්ටම කියලා කෙනෙක් ඉන්න ඕන.