Naifmvlog

Naifm vlog Gossip and News

හස්බන්ඩ් කියන්නේ මන් වගේ ලස්සන බිරිඳක් ලැබුනේ වාසනාවට කියලා

ඕෂදී හේවාමද්දුම කියන්නේ අපේ රටේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් කියලා දන්නවානේ. පුංචි තිරයේත් සිනමාවේත් වගේම රියලටි වේදිකාව තුලත් එකසේ දස්කම් දක්වන ඇය කලක් දේශපාලන වේදිකාව තුලත් ප්‍රසිද්ද වෙලා සිටිය චරිතයක් වුනා. ඒ විදියට ඕනෑම චරිතයක් දක්ෂ ලෙස රඟපාන්න හැකියාව තියන ඇය දකින ඕනම කෙනෙක් වශී වෙන තරමටම ලස්සන රුවකටත් හිමිකම් කියනවා. විශේෂයෙන්ම ඕෂදීගේ සුදු වීමේ රහස ගැනත් බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තිබුනා.

ඒ හැමදෙයකටම සහ ඕෂදීගේ පවුලේ ජිවිතේ විස්තර ගැනත් කියලා තිබුනේ මෙහෙමයි. කලාවෙන් ටිකක් ඈත් වෙලා මම රට වෙනුවෙන් දේශපාලනය කළා. ඒත් ලඟදි නම් අලුත් නිර්මාණ වලට මම දායකත්වය ලබාදුන්නේ නැහැ. මන් ගොඩක් සුදු නිසා ඒක ගැන සමහරු මගේ නම කැත වෙන විදියට ප්‍රචාර කරලා තිබුනා. සුදු වෙන්න දේවල්  පාවිච්චි කරලා කියලා කිව්වා. මම කොහොමත් ඉස්සර ඉඳලා මගේ රුව ගැන ගොඩක් හිතන නිසා ස්වභාවික දේවල් විතරයි පාවිච්චි කරන්නේ.

ලස්සන වෙන්න ගොඩක් මහන්සි වෙන්න ඕන, කොහොම වුනත් පුංචි තිරයේ දඟකාර හැඩකාර මේ යුවතිය වසර කිහිපයක නිහැඩි යාවෙන් පස්සේ නැවතත් අලුත් නිර්මාණ වලින් දකින්න ලැබෙනවා. සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයේත් දැන් ඇය ඉන්නවා ඔබ දැකලා ඇති. මෙගා නාට්‍ය ගැනත් ඇය කියලා තිබුනේ මෙහෙම දෙයක්. මට මෙගා නාට්‍ය එපා වෙන්න හේතුව වුනේ මුලින්ම කලාවට එද්දිම ලැබුනේ ටෙලිනාට්‍යක්. පෞද්ගලික ජිවිතේ ගොඩක් දේවල් ටෙලිනාට්‍ය නිසා අතපසු වුනා.

අපි විවහා වුනාට පස්සේ එක ගෙදරක පදිංචියට යන්නත් බැරිවුනා. ටෙලිනාට්‍ය දහයකට ආරාධනා ලැබුනොත් එතනින් නවයක්ම ලැබුනේ පෙම්වතියගේ චරිතය. මගේ වයසට පෙනුමට ගැලපෙන චරිත ලබුනිත් කැමැත්තෙන් බාරගන්නවා. හැමදේකටම වඩා මගේ පවුල් ජිවිතේ සතුට සමගිය වටිනවා. මගේ සැමියා කවදාවත් නී, ති දාන්නේ නැහැ, එයා කියන්නේ මන් වගේ බිරිඳක් ලැබුනේ වාසනාවට කියලා. ඒ නිසා හැමදේකටම වඩා මුල්තැන දෙන්නේ පවුලට.