Naifmvlog

Naifm vlog Gossip and News

ජනප්‍රිය නිවේදක නදීක අලුත් ටීවී චැනල් එකත් එක්ක උපන්දිනය සැමරූ හැටි

අද වනවිට ප්‍රවීන නිවේදකයෙක් බවට පත් වෙලා සිටින නදීක කරුණානායක ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයෙක් විදියට රටේම ආදරේ දිනාගෙන සිටින කෙනෙක්. ඒ වගේම ගොඩක් නිහතමානි ආදරණිය චරිතයක් වන ඔහු එම නාලිකාව තුලින් හදිස්සියේම ඉවත් වීම සම්බන්දයෙක් රටේම ලොකු කතාබහක් ඇති වුනා. කොහොම වුනත් මෙවැනි දක්ෂ නිවේදකයෙකු ටීවී චැනල් එකකින් ඉවත් කරනවා කියන්නේ ලොකු පාඩුවක්. විශේෂයෙන් ඔහුගේ නිවේදනය හැකියාව සහ ආදරණිය අයුරින් ජනතාව ඇමතීම නිසාම නදීකට ආදරේ කරන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා.

ඉතින් පසුගිය දවසක නදීකගේ උපන්දිනය යෙදිලා තිබුනා. මේ උපන්දිනය සමරුවේ ඔහුගේ අලුත් ටීවී චැනල් එකේ පිරිසත් සමඟයි. දැන් ඔහු ප්‍රවෘත්ති නිවේදන කටයුතු කරන්නේ ත්‍රිවිද ටීවී කියන රුපවාහිනී නලිකාවෙයි. අද රෑ නිව්ස් එක කියවලා ආපහු නිව්ස් රූම් එකට එනකොට මගේ වස්තූන් ටික මාව පිලිගත්තු විදිහ. Thriwidha24 මගේ දරුවෝ ටික ආදරෙයි හැමෝටම. කියලා නදීක විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබලා තිබුනා.

ඉතින් අපිත් ඔහුට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරන ගමන්ම නදීක මාධ්‍ය සාකච්චාවක එකතු වෙමින් කියූ කතාවක් මේ විදියට අරගෙන ආවා. මගේ ගම තමයි කුරුණෑගල පන්නල කියන ප්‍රදේශය. මොනතරම් වැඩ රාජකාරි එක්ක හිටියත් මගේ ගම අමතක කරන කෙනෙක් නෙවෙයි. ගමේ තියන නිදහසට සුන්දරත්වයට මන් ගොඩක් ආදරෙයි. මම කොහොමත් පොලවේ පයගහලා ජිවත් වෙන කෙනෙක්, මට නැති දෙයක් තව කෙනෙක්ට තිබුනා කියලා ලැබුනා කියලා හිතකින්වත් ඉරිසියා කරන්නේ නැහැ.

මට හරියනවා නම් මාත් මේ ඉන්න හැම මනුස්සයෙක්ටම හරියන්න ඕන කියන මතයේ මම ඉන්නේ. පවුලේ මම ඇරුනම වැඩිමහල් සහෝදරයෙක් සහ තවත් සහෝදරියන් දෙදෙනෙක්. ඒවගේම නදීක තාමත් විවාහ වෙලත් නැහැ, විවාහයක් කරගන්න නම් තාම අදහසක් නැහැලු. ජිවිතේ වටිනාම දෙයක් තියනවා නම් ඒ අම්මා තමයි කියලා නදීක කිව්වා. අනාගත බලාපොරොත්තුවක් විදියට තියෙන්නේ අම්මාගේ ජිවිතේ තියනකන් අම්මටත් සලකාගෙන හොඳ මනුස්සයෙක් වගේ ඉන්න එක කියලා ඔහු කියලා තිබුනා.