Naifmvlog

Naifm vlog Gossip and News

පෙබරවාරි මාසේ නැවත විවාහා වෙනවා කියූ උමාලිට මොකද වුනේ

අපේ රටේ බොහෝ රසිකයින් පිරිසකගේ ආදරේ දිනාගෙන සිටින උමාලි තිලකරත්න පිළිබඳව මෑතකදී ගොඩක් ලොකු කතාබහක් ඇතිවෙලා තිබුනා.ඇය අතිනත ගැනීමට සුදානමින් සිටින්නේ මනෝ විද්‍යා උපදේශක වරයෙක් බවත් මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ විවාහ වෙනවා කියලත් ගොඩක් පුවත් මිට ටික දවසකට කලින් පළවුනා. ඒ වගේම උමාලිගේ පියා විසින් ඇයට තෑග්ගක් වශයෙන් විශාල නිවසක් සාදා තිබෙන බවත් සඳහන් කරලා තිබුනා,

නමුත් ඉතින් දැන්නම් පෙබරවාරි මාසේ පසුවෙලා ගොඩක් දවස් වෙනවා. උමාලි නැවත විවහා වීමක් ගැන නම් දැනගන්න ලැබෙන්නේ නැහැ. උමාලි විසින් එහෙම දෙයක් පවසලා තියනවත් දැකගන්න ලැබුනේ නැහැ. ඉතින් අපි හැමෝම සතුටින් හිටියේ ඇය නැවතත් යුග දිවියට එළඹිලා සතුටින් ඉන්නවා දකින්නයි. පෙබරවාරි වල වෙඩින් එක ගන්නවා කියලා පුවත් පළවුණා නිසා අපි හැම කෙනෙක්ම ඇයට සුභ පතන්න බලාගෙන හිටියත් එහෙම විවාහයක් තාමත් සිද්ද වෙලා නැහැ.මේක ඇයගේ දෙමව්පියන් විසින් කල යෝජනාවක්ලු.

මේකට උමාලිත් කැමති වෙලා තියනවාක් කියලත් විවිද පුවත් වල පලවෙලා තිබුනා. ඒත් මෙවැනි දෙයක් ගැන උමාලි කෙලින්ම කිසිම තැනක සඳහන් කරලා තිබුනෙත් නැති නිසා ලඟදි ඇය විවහා වෙවිදා කියලා නම් හරියටම කියන්න දන්නේ නැහැ. ඒත් ඉතින් වසර පහකටත් වැඩි කාලයක් තනිකඩව සිටි උමලිය නැවතත් මංගල ගමනට යන්න වාසනාව ලැබෙන්න කියලයි අපි ප්‍රර්ථනා කරන්නේ. ඒ එක්කම එක්තරා මාධ්‍ය සාකච්චාවකදී ඇය කියලා තිබුනේ මෙහෙමයි.

ප්‍රශ්නත් එක්ක මම හැමදාම සතුටින් ජිවත් වෙන කෙනෙක්. අද වෙද්දී මගේ ජිවිතේ කිසිම දෙයකට පසුතැවීමක් නැහැ. අනාගතේ ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන නැහැ. සතුටින් ඉන්නවා කියලා දැනෙන්නේ දැන් ගෙවන මේ මොහොත, මේ දවස්වල කළා කටයුතු කිහිපයකටත් සහභාගී වෙන ගමන්ම සාමාන්‍ය විදියට ඉන්නවා. එහෙම අදහස්  දැක්වුවත් විවාහය ගැන නම් උමාලි මොනවත් කියලා තිබුනේ නැහැ. ඉතින් ඇය ගැන පළවුණු මේ කතාව ඇත්තද කියලා හරියටම සොයලා අපි නැවත ඔබට ගෙන එන්නම්.