Naifmvlog

Naifm vlog Gossip and News

බබා කෙට්ටුයිද මහතයිද කියලා ප්‍රශ්නේ තියෙන්නේ වටේ ඉන්න අයට

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ඉතින් අපි කොයි කවුරුත් හොඳින්ම හඳුනන තාරකවියක්නේ. මෑත කාලයේදී සමාජ මාධ්‍ය තුලත් වැඩිපුරම කතාබහට ලක් වෙච්ච චරිතය කිව්වත් හරි. දැන් ඉතින් රංගනයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ දිනක්ෂි මව් පදවිය ලැබූ නිසයි. දියණියකගේ මවක් වෙන්න වාසනාවන්ත වුන දිනක්ෂි විවහා වෙලා ඉන්නේ සාරංග දිසාසේකර එක්ක කියලත් දන්නවානේ. සුරතල් දරු පැටියා එක්ක ගතකරන කාල හරිම සුන්දරයි, එදෙවල් අපිටත් බලන්න ෆේස්බුක් යුටියුබ් හරහා පින්තුර සහ වීඩියෝත් පළකරනවා.

ඉතින් පසුගිය දවසක දිනක්ෂි විසින් මවක් වුනාම දැනගන්න ඕන දේවල් කිහිපයක්ම පවසලා තිබුනේ මෙහෙමයි. රටවල් වල සුදු අම්මලාට නැති අපේ රටේ අම්මාලාට තියන ප්‍රශ්නයක් තමයි මේ. පලවෙනි පාරට දරුවෙක් ලැබෙනවා කියන්නේ එක අම්මා කෙනෙක්ට අලුත් දෙයක් වගේම ලොකු පීඩ, නයක්. ගෑනු ළමයෙක්ගෙන් ඉස්සල්ලම අහන්නේ බඳින්නේ නැද්ද කියලා, බැන්දට පස්සේ අහන්නේ දරුවෝ නැද්ද කියලා. දරුවෙක් ලැබුනත් කියනවා මටනම් ඔය වයසේදී බබාලා දෙන්නෙක් හිටියා කියලා.

ඊටපස්සේ බබා කෙට්ටුයිද මහතයිද කියලා ප්‍රශ්නේ තියෙන්නේ වටපිටාවේ ඉන්න මිනිස්සුන්ට මිසක් අපිට නෙවෙයි. එහා ගෙදර නංගිට ලැබිච්ච දරුවාගේ ඇද අනිත් දරුවන්ගේ ඇද හොයනවා. ඔයාට කිරි නැද්ද කිරි ගොඩක් දෙන්න ඕන බලෙන් හරි දෙන්න. අම්මා කෙනෙක් වුනාම කක්ක්කා chuu නාන්න ඕන පම්පස් දාන්න එපා. අප්පෝ අපේ ළමයානම් හරිම ලේසියෙන් කරදරයක් නැතුව ලැබුනා. ඔයා හොදටම ලස්සන වෙලා ලස්සන උනොත් දරුවා ගැන හිතන්නේ නැහැ.

ඇත්තටම මේ දේවල් අම්මෙකුට මොනතරම් හිතට වද දෙනවද. සමාජය එහෙම කරන්නේ ඇයි, හැම අම්මෙක්ම එකවගේත් නැහැ හැම දරුවෙක්ම එකවගේත් නැහැ. ඔය වගේ හිස් වචන කියන මිනිස්සු ඉස්සරහ නිහඩ වෙන එක තමයි හොඳම දේ. අලුත් අම්මාලා මේ වගේ දේවල් ඔලුවට දාගන්න එපා. කාගෙවත් ඕපාදුප කියන්නේ නැතුව අම්මගෙන් අලුත් අත්දැකීම් ගැන විස්තර ඇහුවනම් හොඳයි නේද. මෝඩ අදහස් තියෙන සමහර අම්මණ්ඩිලා කිය කතා අහන්නේ නැතිව ඉන්න.