Naifmvlog

Naifm vlog Gossip and News

එයා රූම් එකේ ලයිට් එකවත් දාන්න දෙන්නේ නෑ, බෙඩ් ෂීට් එක අරගෙන ඇඳට එන්නේ

රොෂාන් පිලිපිටිය සහ ඔහුගේ බිරිඳ රිද්මා ගැන සමාජ මාධ්‍ය තුල ගොඩක් කතාබහ කරනවා අපි දැකලා තියනවා. පුංචි තිරයේ සහ රිදී තිරයේත් පෙම්වතා ලෙස චරිත රඟදැක්වූ රොෂාන් දැන් තාත්තා කෙනෙක් විදියට රංගන ජිවිතේ චරිත සහ සැබෑ ජීවිතෙත් ආදරණිය සැමියෙක් සහ පියෙක් විදියට පිදුම් ලබලා ඉන්නවා. ඉතින් රිද්මා පිලිපිටිය එක්ක කතාකරලා අපි ඇසුවා ඇයගේ ජිවිතේ ගැන සහ රොෂාන් ගැනත් විස්තර ටිකක්.

මේ දවස්වල සතුටින් කාලය ගතකරමින් ඉන්නවා. සමහරු කාලයක් අපිට මඩ ගැහුවා කියලා ඔයාලට මතක ඇති. ඇත්තටම කිව්වොත් තුන්දෙනෙක්, අපි නම් කලබල වෙන්නේ නැහැ එයාලා කරපුව ඒගොල්ලන්ටම ලැබේවි. ඔයවගේ කටකතා වලට උත්තර දෙන්න අපේ කාලය වෙන් කරනවා කියන්නෙත් බොරු වැඩක්. රෝශාන්ගෙන් ඔබේ වැඩ ව්ලාට ලැබෙන සහයෝගය කොහොමද? මම ආසයි රොෂාන් ඉස්සරහටම යනවා දකින්න. එයා ෂූටින් යන වෙලාවට මාවත් එක්කගෙන යනවා. එයාට පුළුවන් හැම වෙලාවකම මගේ වැඩ වලට උදව් කරනවා.

මමත් එහෙමයි රොෂාන්ට ගෙදර වැඩ කරන්න කියලා බල කරන්නේ නැහැ. මොකද එයා මහන්සි වෙලා කලාවේ ඉස්සරහට යනවා දකින්නයි මට ඕන. මම කිව්වත් නැතත් විවේකයක් ලැබුණු වෙලාවට ගෙදර වැඩ වලට සහය  වෙනවා. පාන්දර ෂූටින් තිබුනොත් රොෂාන් උදේම නැගිටිනවා, හැබැයි මට ඇහැරවන්නේ නැහැ. හැමදාම බෙඩ් ෂිට් එක අරගෙන මට පෙරවලා යනවා. නැගිටිද්දී රූම් එකේ ලයිට් එකක්වත් දාන්නේ නැහැ මාව ඇහැරෙයි කියලා.

අසනිපා වුනොත් මගේ ලඟින් හෙල්ලෙන්නේ නැහැ. පුළුවන් විදියට එක එක විදියේ කෑම හදලා දෙනවා. මම එයාව බැන්දේ ප්‍රසිද්ද නිසාවත් රංගන ශිල්පියෙක් නිසාවත් නෙවෙයි. මව තේරුම් ගත්ත හොඳ කෙනෙක් කියලා හිතුන නිසා, නලුවෝ නිලියෝ ලස්සනයි ජනප්‍රියයි ඒ නිසා සමහරු බඳිනවා. එහෙම විවහා වෙලා කාලයක් යද්දී ප්‍රශ්න ඇතිවෙනවා. මොකද තේරුම් අරගෙන නැහැ, ලස්සන බලාලා කෙනෙක්ට ලන්වුනොත් ඒ කෙනාව අපිට දවසක එපාවෙනවා. ආදරේ වෙනුවෙන් ලන්වුනොත් එක ජිවිතේ තියනකල්ම හැමදාම තියේවි.