Naifmvlog

Naifm vlog Gossip and News

දිනිති වගේ පොලවේ පයගහලා ඉන්න කෙනෙක් ලබන පිරිමියා වාසනාවන්තයි

සංගීත් සතරසිංහ කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිටින දක්ෂ නලුවෙක්. කළා පවුලකින්ම පැමිණෙන ඔහු අද වෙනකොට කළා ක්ෂේත්‍රය තුල හොඳ නමක් දිනාගෙන සිටිනවා. සංගීත් පිළිබඳවත් කාලයක් විවිධ පුවත් සමාජ මාධ්‍ය වලින් ඇහෙන්න දකින්න ලැබුනා. ටික කලක් සංජානා එක්ක ලඟින් ආශ්‍රය කල නිසා සංගීත් සහ සංජානා විවහා වෙන්න සුදානමින් ඉන්නවා කියලත් පුවත් පළවුනා.

දැන් සංගීත් ගැන කතාවෙන අලුත්ම මාතෘකාව තමයි ඔහුගේ පෙම්වතිය දිනිති වල්ගමගේ කියලා. ඇත්තටම මේක ගැන ගොඩක් වෙලාවක හැමෝම කතාකරන නිසා ඒ ගැන ඔහුගෙන්ම දැනගන්න හිතුවා. එහෙම කතාවක් ගැන මම හරියටම දන්නේ නැහැ, සෝෂල් මිඩියා වලනම් මොනවා දානවද කියලා දන්නේ නෑ. දිනිති මාත් එක්ක වගේම අපේ අම්මා තාත්තා එක්කත් ගොඩක් හිතවත්. ඕනම ප්‍රශ්නෙකගේ ඇයත් එක්ක කතාබහ කරන්න පුලුවන්.

අපේ අම්මයි තාත්තයිත් මට වගේම ඇයටත් තමන්ගේම දරුවෙක්ට වගේ ආදරෙයි. මමත් ජිවිතේ විඳින මනුස්සයෙක්, මගේ පවුලේ අයත් එක්ක ඉන්න දිනිති හරිම ආසයි. මම ජිවිතේ සතුටක් ලබන තැනක් තියනවානම් එතනට යනවා. අපේ සමාජයේ මිනිස්සු කොහොමත් දක්ෂයි එකට ඉන්න දෙනෙනේක්ව කපල් කරන්න.

වැඩසටහන් වලට කතාකරද්දීත් අපි දෙන්නටම එකට ආරාධනා කරන්නේ. ඔවුන්ම ආරාදනා කරලා අපි දෙන්නා ගැන යම් මතයක් සමාජයේ හදනවා. එතකොට දකින අය හිතන්නේ අපි දෙන්නම එකට ඇවිත් කියලනේ. මේවා ඉතින් සාමාන්‍ය දේවල් එකට ඉඳන් ෆොටෝ එකත් ගැහුවත් ඊටපස්සේ ඒක සෝෂල් මිඩියා වල දාලා ගොසිප් හදනවා. දිනිති සහ මම හොඳම යහලුවන් පමණයි, අපේ අදහස් එක වගේ.

වෙන්න පුලුවන් දේවල් වගේන නොවෙන්න පුලුවන් දේවලුත් තියනවානේ. අපි දෙන්නා ගැලපෙනවද නැද්ද කියලා කාලය විසින් තීරණය කරාවි. එහෙම දෙයක් තිබුනොත් එකතු ආදරණිය යුවලක් විදියට එකතු වේවි. අපේ අනාගතය කොහොම වේවිද කියලා තීරයන කරන්න බැහැ. අපි දෙන්නා හිතන පතන විදිය එක සමානයි කියලා දැනෙනවා. දිනිතිව ලඟින් ආශ්‍රය කරන්න තවත් හේතුවක් තමයි ඇයගේ බොරු චාටු වැඩ නැහැ.