Naifmvlog

Naifm vlog Gossip and News

අනේ බලන්නකෝ හුරතලේ, දිනක්ෂි උදේම පූල් එකට බැහැල නාපු විදිය

ඔන්න ඉතින් අදත් ඔයාලා වැඩියෙන්ම ආස කරන කෙනෙක් ගැන විස්තරයක් අරගෙන ආවා. වෙන කවුරුත් නෙවෙයි සෝෂල් මිඩියා වල වැඩියෙන්ම ජනප්‍රිය අම්මා දිනක්ෂි ප්‍රියසාද්. දැන්නම් දිනක්ෂි කියන නම ඇහෙද්දීත් අපේ හිතේ ඇයගේ රූපය මැවෙන තරමටම දැකලා තියනවා. කලාකාරිනියක් විදියට රටේම ආදරය දිනාගෙන සිටින ඇය දැන් මවක් විදියට ඒ ආදරේ තවත් වැඩි කරගෙන සිටිනවා.

කලින් හිටියට වඩා දියණිය ලැබුනට පස්සේ සිය දහස් ගුණයකින් දිනක්ෂි හා සාරංග සතුටින් ඉන්න බවක් පේනවා. සුපිරි හොටෙල් වලට ගිහින් කාලා බිලා විනෝද වෙලා හරිම ලස්සනට ජිවිතේ විදින පවුලක් තමයි මේ. හැමෝටම ඒ වගේ ජිවිතේ විදින්න ආස හිතෙන්න තමයි නිරන්තරයෙන්ම ඔවුන් කරන කියන දේවල් සෝෂල් මිඩියා වල දාන්නේ. පසුගිය දිනකත් දිනක්ෂි තනියම පූල් එකක නාලා තිබුනා.

සමහරුන්ට සල්ලි තිබුනා කියලා ජිවිතේ විදින්නේ බොහොම ටික දෙනෙක් විතරයි. මොනතරම් කාර්යභහුල වුනත් තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් කාලය වෙන් කරන්නත් තමන්ගේ ජිවිතේ පුලුවන් උපරිමයෙන් විදින්නත් අමතක කරන්න එපා කියලයි දිනක්ෂි කිව්වේ. ඇයගෙන් නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි සමාජ මාධ්‍ය තුල පලවෙන ගොසිප් ගැන මොකද හිතන්නේ කියලා.

ඇත්තටම ඔය කියන ගොසිප් හැමදාම තියනවා. ඒවා නවත්වන්න අපිට බැහැනේ අනික ගොසිප් වල තියන සීයට අසූවක් විතර දේවල් ඇත්ත නෙවෙයි. අපිට ආදරේ කරන ආදරණිය ප්‍රේක්ෂකයින් ඒ ගැන හොඳටම දන්නවා. ඉරිසියා කරන කුහක කම් කරන මිනිස්සු ඒ අතර ඉන්නවා. තව කෙනෙක් හොඳින් ජිවත් වෙනවා බලාගෙන ඉන්න බැරි අයත් ඉන්නවනේ.

ඔය කිසිම කෙනෙකුට සාරංගවත් මමවත් මොනවත් කියන්නේ නැහැ. සමාජය කියන විදියට අපි ජිවත් වෙන්න ඕන කියලා මමනම් හිතන්නේ නෑ. අපි නම් තව කෙනෙකුට පුලුවන් විදියට උදව්වක් කරනවා ඇරෙන්න අඩුපාඩු හොයන්න යන්නේ නැහැ. ඔයාලටත් කියන්නේ ජිවත් වෙලා ඉන්න කාලේදී පුලුවන් විදියට ජිවිතේ සතුටින් විදින්න කියලා. ඒකට ගොඩක් සල්ලි ඕන කරන්නේ නැහැ.