Naifmvlog

Naifm vlog Gossip and News

මටත් අනාගතයක් තියෙන්න ඕන, ඒ නිසා නැවත විවහා වෙන එක හොඳයි

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ලංකේය සිනමාවේ නොමැකෙන මනක් සටහන් කල දක්ෂ රංගන ශිල්පිනියක්. අසූව දශකයේ චිත්‍රපට වලට නැතිවම බැරි චරිතයක් වෙලා හිටිය නිල්මිණි දැන්නම් කල නිර්මාණ තුල එතරම් දකින්න ලැබෙන්නේ නැහැ. ළමා චරිත වලින් පටන් අරගෙන පෙම්වතියගේ සහ මවගේ චරිතත් ඇය රඟපාලා තියනවා. ඉතින් අද අපි කතාකරන්නේ නිල්මිණි තෙන්නකොන්ගේ පෞගලික ජිවිතේ විශේෂ දෙයක් ගැනයි.

මගේ ජිවිතේ වැඩි කාලයක් කලාව වෙනුවෙන් කැපකලා. ඒ වගේම මගේ දැන් තියන ලොකුම බලාපොරොත්තුව තමයි දුවට හොඳ අනාගතයක් හදලා දෙන එක. මම කොහොමත් ආසාවෙන් හිටියේ දුවෙකුට, එතකොට මට ඕන විදියට එයාට එක එක මෝස්‌තර කරන්න පුළුවන්නේ. එයා ලැබුනට පස්සේ නර්ස්ලාත් විහිලු කළා ඔන්න අම්මා වගේම ලස්සන කෙල්ලෙක් ලැබිලා ඉන්නවා කියලා.

එයාට ස්වේතා කියලා නම තිබ්බේ දුවගේ තාත්තාගේ අම්මා. එයා දියණිය මුලින්ම බලන්න ආපු දවසේ කිව්වා අනේ දුවනම් ශ්වේත පාටයි කියලා. එයා එහෙම කියලා තියෙන්නේ සුදු පාටයි කියන එකට, ඊටපස්සේ ඒක ටිකක් ලස්සන කරලා ස්වේතා මන්දාකිණි කියලා නම දැම්මා. පුංචි කාලේ ඉඳලා එයාට ආච්චිලා දෙන්නගෙම ආදරේ ලැබුනා.

මගේ ජිවිතේ වටිනාම දෙයක් තියනවානම් ඒ තමයි දියණිය. එයාට අවුරුද්දක් වෙද්දීම කවුරුත් නැතුව මම තනියම එයාව හදාගත්තේ. මන් වගේම කලාවට යන්න ඕන කියලා දුවට කියන්නේ නැහැ. එයා කැමති ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න උදව් කරනවා, විවහා වෙන වයසට ආවම එයාව විවහා කරලා දෙන එකත් ලොකු වගකීමක්. ඊටපස්සේ මගේ හිතට නිදහස් බවක් දැනේවි කියලා හිතනවා.

මගේ ජීවිතෙත් වැඩිම කාලයක් හිටියේ තනියම, තවත් වයසට යද්දී මටම කියලා සහකරුවෙක් අවශ්ෂ්‍ය වෙනවා. ඒ නිසා දුව විවහා කරලා දීලා මමත් හොඳ සහකරුවෙක් එක්ක විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒත් ස්වෙතාට මගෙන් වෙන්න ඕන හැම යුතුකමක්ම ඉටුකරනකල් මන් ගැන හිතන්නේ නැහැ. ස්වේතා දන්නවා මම එයාට හොඳ අම්මා කෙනෙක් වුනා කියලා.