Naifmvlog

Naifm vlog Gossip and News

අවුරුදු 50ක් වෙලත් තාමත් බෝනික්කි වගේ ලස්සන සේමිණි දැන් ගෙවන ජීවිතේ

සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ සිංහල සිනමාවට නැතිවම බැරි ප්‍රවීන රංගන ශිල්පිනියක්. එදත් ඇය මලක් වගේ බෝනික්කියක් වගේ ලස්සනට හිටියා වගේම අදත් ඒ විදියටම සුරූපී බවෙන් අඩුවක් වෙලා නැහැ. ඉතින් ඇයත් එක්ක කාලෙකට පස්සේ සිදුකල කතාබහක් තමයි මේ අයුරින් අරගෙන ආවේ. ඇත්තටම පාසල් කාලේ ඉඳලා මගේ මතකය නැවත අවදි කරන්න ආසයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම පිටරට රැකියා කලේ.

පාසල් යන කාලේදී මම හිටියේ ලොකු අම්මලාගේ ගෙදර. එහෙ ඉඳන් නියාගම කනිෂ්ඨ විද්‍යාලයට මාස හයක් විතර ගියා. අදකාලේ අපේ දරුවන්ට දකින්නවත් නැති ලස්සන දේවල් ගොඩක් අපි වින්දා. පයින් ඉස්කෝලේ ගිහින් පයින්ම ගෙදර එන්නේ ගමේ පාරේ ලස්සන බල බල. අපි පුංචි පවුලක් අම්මයි තාත්තයි මල්ලියි මමයි. පුංචි කාලෙන් පස්සේ කොළඹට එනවා මියුසියස් එකේ ජීවිතය හාත්පසින්ම වෙනස්.

මියුසිස් විද්‍යාලයේ නේවාසිකා ගාරයේ නැවතිලා මට ඉන්න සිද්දවුනේ. අම්මයි තාත්තයි පිට රටක හිටිය නිසා පාලුව තනිකම ගොඩක් දැනුනා. දෙනව්පියන්ගේ ළඟ ඉන්න වෙන්නේ නැත්නම් ඒ වගේ නේවාසිකා ගාරයක හැදෙන ගැහැණු ගැහැනු ළමයෙක්ට ලොකු ගමනක් යන්න පුළුවන්. පාසලෙන් අයින් වෙද්දීම මගේ හිතේ තිබුනේ ඉක්මනින් විවහා වෙන්න ඕන කියන අදහස.

එතකොට ධම්මික මාත් එක්ක යාලු වෙලා හිටියේ, මට ඕන වුණේ විවාහ වෙන්න ළමයි හදන්න. මම බලාපොරොත්තු වුන හැමදෙයක්ම ධම්මික ගාව තිබුනා. මැව පාසලටත් ගිහින් දානවා තාත්තා කෙනෙක් වගේ රැකවරණය දුන්නා. දැන් අපි බැඳලා අවුරුදු විසි හයක් එක අදටත් ඒ විදියටම තියෙනවා.

හැබැයි මෙතරම් අමාරුවෙන් ආපු ගමනේ අද අපේ රටේ කළා ශිල්පින් ඉන්න තැන දැක්කම මමත් රංගන ශිල්පිනියක් කියලා කියන්නත් පොඩි ලැජ්ජාවක් තියනවා. නමට විතරක් නලු නිලියන් කියල කියාගන්න පිරිසක් නිසා මේ ක්ෂේත්‍රය හෑල්ලුවට ලක්වෙලා. සාමාන්‍යයෙන් අපේ රටේ ජනප්‍රිය චරිත දිහා මිනිස්සු බලන්නේ හරිම අමුතු විදියට. හැමෝටම පෞගලිකත්වයක් තියනවා, ජනප්‍රියත්වයත් ඒ අයිතිවාසිකම අපිට නැතිවෙලා තියනවා.