Naifmvlog

Naifm vlog Gossip and News

දැන්නම් බබා හම්බවෙන්න ලඟයි, ඇවිදින්නත් අමාරුයි, නෙහාරා පීරිස්

වසර ගණනාවක් එකදිගට රංගනයේ යෙදිලා රසික ආදරයත් නොඅඩුවම දිනාගෙන සම්මාන රැසක්ම ලබාගත් දක්ෂ නිලියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. නමුත් බොහෝ නලුවන්ට වඩා නිලියන් විවාහයෙන් පසුව හෝ එහෙමත් නැත්නම් දරුවන් ලැබුනට පස්සේ කළා කටයුතු වලින් ඈත් වෙනවා. නැත්නම් සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා සිටිනවා, එහෙම කරන්නේ තමන්ගේ පවුල හැමදෙයකටම වඩා අංක එක නිසයි.

ඒ විදියට අපට දකින්න ලැබෙන තවත් චරිතයක් තමයි නෙහාරා. ඇයට පුංචි දියණියක් ඉන්නවා දැන් ඉතින් ලැබිලා තියන අලුත්ම ආරංචිය තමයි ඇය දෙවන වරටත් උතුම් මව් පදවිය ලබන්න සුදානමින් ඉන්නවා කියන කාරනාව. මේනක රාජපක්ෂ එක්ක ලස්සන ජිවිතයක් ගතකරමින් සිටින නෙහාරා දැන් ගෙවන ජීවිතය ගැන පවසලා තිබුනෙ මෙහෙමය්. දෙවැනි වරටත් අම්මා කෙනෙක් වෙන අත්දැකීම ගැනත් මෙහෙම කිව්වා.

ඒ ගැන කියනවානම් හරිම ආදරණිය හැගීමක් කියලා තමයි කියන්න තියෙන්නේ. එතනින් එහාට අම්මා කෙනෙක් වෙන්න යන අත්දැකීම ගැන කියන්න වචන නැහැ. පළමු වරට මවක් වෙනකොට අත්දැකීම් නැහැ, ගොඩක් බයත් වෙනවා. මෙහෙමයි මේනකයි මමයි ප්ලෑන් කරලා තිබුනේ කලින්ම අපේ දුවට අවුරුද්දක් වෙද්දීම දෙවනි බබා හදමු කියලා.

දැන් ඉතින් ඒ බලාපොරොත්තුවත් ඉටුවෙලා තියනවා, මේ දවස්වල ආයෙත් ටිකක් මහත් වේගෙන එනවා. ඇවිදින්නත් ටිකක් අමාරුයි මගේ මල්ලියි එයාගේ ගෙදර අයයි නිවාඩුවට දැන් මෙහෙ ඇවිත් ඉන්නවා. ප්‍රෙග්, නට් කාලේදී ෆොටෝ ෂුට් වලටත් ගොඩක් ආරාධනා ලැබෙනවා. නමුත් මම එච්චර කැමැත්තක් තිබුනේ නැහැ ප්‍රසිද්ධ කරන්න. ඒක විවිධ අයගේ කැමැත්ත අකමැත්ත මත කරන දේවල්නේ.

අවුරුදු ගණනාවක් තිස්සේ මගේ ඇඳුම් විලාසිතා නිර්මාණය කරන නයෝමා විජේසිංහ ආරාධනයක් කළා ෆොටෝ ෂුට් එකක් කරමු කියලා. ඇයගේ ඇරයුම පිළිනොගෙන බැරි නිසාම ඒකට පෙනී සිටියා. ඉරිදියේදී කොයි විදියට කාර්යභහුල වේවිද කියලා හිතාගන්න බැහැ, දරුවන් දෙන්නෙක්ගේ මවක් කියලා ලොකු වගකීමක්. ඉස්සරහට රඟපාන්න පුලුවන් වේවිද නැත්ද කියලා කියන්නත් බැහැ. කොහොමත් ටික කාලයක් යනකල් කිසිම නිර්මාණයක් බාරගන්නේ නෑ.