Naifmvlog

Naifm vlog Gossip and News

මෙන්න හොඳ යාලුවෝ, පියුමිගෙන් චන්දිමාල්ට අලුත් I phone එකක් තෑගී

පියුමි හංසමාලි ගැන අමුතුවෙන් ඔබට හඳුන්වා දෙන්න වශ්ෂ්‍ය වෙන්නේ නැහැනේ. ඇයගේ විවිධ පුවත් කාලෙන් කාලෙට අලුත් වෙලා සෝෂල් මිඩියා වල පලවෙනවා. කාලයක් බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුනත් මෑත කාලයේදීනම් පියුමිට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින බවක් පෙනෙනවා. එදා හිටියට වඩා අදනම් පියුමි හොඳ චරිතයක් වෙලා කියලානම් පෙනෙනවා. පසුගිය කාලයේ අපි දැක්කා අසරණ පවුල් වලටත් ඇය ගොඩක් උදව් උපකාර කරලා තියනවා.

ඉතින් පියුමි එක්ක ලඟින්ම ආශ්‍රය කරන පිරිස අතරේ ඇයගේ හොඳම යහළුවා වන්නේ චන්දිමාල් ජයසිංහයි. ඔහු කවුද කියලත් ඔයාලට හඳුන්වා දෙන්න ඕන වෙන එකක් නැහැනේ. පියුමිගේ ගොඩක් පුවත් වල චන්දිමාලුත් ඉන්නවා. රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන චන්දිමාල් සහ පියුමි හොඳම යහලුවන් විදියට ඉද්දි මේ දෙදෙනා ගැනත් විවිධ කතා සමාජයේ පැතිරුනා.

කොහොම වුනත් පසුගිය දවසක විශේෂ දෙයක් පියුමි විසින් කරලා තිබුනා. ලඟදි ඇපල් සමාගමෙන් නිකුත් කල i ෆෝන් 14 ප්‍රෝ මැක්ස් එකක් චන්දිමාල්ට තෑගී කරලා තිබුනා. ඉතින් ඔන්න ඔය විදියට තමයි පියුමි හොඳම යාලුවාට සලකලා තියෙන්නේ. ඒකට ස්තුති කරමින් චන්දිමාල් ෆේස්බුක් සටහනක් තබා තිබුනේ මෙලෙසින්.

මගේ හොඳම යාළුවා එයාත් ගත්තා අලුත්ම 14 pro max එක ඉතිං එයා මටත් අරං දුන්නා. එහෙම තමයි හොඳම යාලුවෝ උනාම. තැනක් යූ සෝමච් පියුමි, ඔයාට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. ඇත්තටම මගේ ජිවිතේ හමුවුන ලස්සනම හදවත තියෙන්නේ ඔයාට. ඉතින් ඔන්න ඔය ව්දියට තමයි පියුමිගේ ලස්සන හදවතින්ම චන්දිමාල්ට මෙතරම් වටිනා තෑග්ගක් දීලා තිබුනේ.

අදකාලේ කොච්චර සල්ලි තියන කෙනෙක් වුනත් තමන්ගේ හොඳම යාලුවාට තියා පවුලේ කෙනෙකුටවත් මේතරම් වටිනා දෙයක් අරන් දෙන කෙනෙක් ඉන්න කලාතුරකින්. එහෙම බැලුවාම පියුමි හිත හොඳ කෙනෙක් වගේම වසනනවත කෙනෙක් කියලත් කියන්න පුලුවන්. මේවා දැකලා ඔවුන්ට ඉරිසියා කරන්නේ නැතුව තමන්ටත් පුලුවන් විදියට දියුණු වෙන්න උත්සහා කරන්න කියලයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.