Naifmvlog

Naifm vlog Gossip and News

මගේ වස්තුවට සුබම සුබ උපන්දිනයක් වේවා, ඔයා මගේ හැමදාමත් ආදරෙයි පණ

දිනේෂ් තරංග කියන්නේ මෑත කාලයේ බිහිවූ දක්ෂ ගායකයෙක්. තරුණ තරුණියන් වැඩියෙන්ම ආදරේ කරන ගීත රැසක්ම ඔහු විසින් ගායනා කරලා තියනවා. දැන් අපි කතාකරන්න සුදානම් වෙන්නේ ඔහුගේ සංගීත වැඩ කටයුතු හෝ සින්දු ගැන නම් නෙවෙයි. ඔහුගේ පෞද්ගලික ජිවිතේ විස්තර ගැනත් වැඩියෙන් කතාබහ කරන නිසා ඒ ගැන  ටිකක් විශේෂ වූ  දෙයක් ගැනත් කතාකරන්න ඕන කියලා සිතුනා.

මුලින්ම කියන්න ඕන දෙයක් තියනවා දිනේෂ්ගේ බිරිඳගේ උපන්දිනයට අපිත් හදවතින සුභපතනවා. ඒ වෙනුවෙන් දිනේෂ් මුහුනුපොතේ ආදරණිය සටහනක් තබමින් කියලා තිබුනෙ මෙහෙමයි. මගේ වස්තුව ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා. හැමදාමත් ඔයා මගෙමයි, මම ඔයාගේ හැමදාමත් එතනින් එහාටත්. ඉතින් බලන්නකෝ මේ වගේ ආදරයක් ලබන්න ඇය මොනතරම් වාසනාවන්තද කියලා.

මේ දෙන්නගේ ආදර කතාව ගැන කතාකරද්දී සමහරු ඒක විහිලුවට ලක් කරපු වස්තාත් තිබුනා. ඒ තමයි දිනේෂ්ට වඩා ඇයගේ බිරිඳ අවුරුදු නවයක් පමණ වැඩිමල් කියලා. ඉතින් මේ කාරණාවට උත්තර දෙමින් ඇය පැවසුවේ මෙවනි දෙයක්. මම දින්ෂ්ට වඩා අවුරුදු නවයක් වැඩිමල් කියලා කියන්න ලජ්ජා වෙන්නේ මොකටද. අනික ඒක හංගගෙන ඉන්නත් අපිට උවමනාවක් තිබුනේ නැහැ.

එහෙම අන්ගගෙන ඉන්න ඕන වුනානම් මේවා නොකියා ඉන්නත් අපිට තිබුනා. අපේ ආදරණිය හදවත් වලට ඕන වුනේ ලස්සන ආදරයක් විතරයි. එතනින් එහාට වයස පෙනුම වගේ දේවල් ආදරේ මැද්දට පටලගත්තේ නැහැ. සමහරු දිනේෂ්ගෙන් අහලා තිබුනා ඔයා ඇන්ටි කෙනෙක්ව කසාද බැන්දේ ඇයි කියලා. දැන් මට අවුරුදු තිස් ගානක් වුනාට බදිනකොට විසි නවයයි.

අපි දෙන්නට වැරදි විදියේ කතා කියන කාටවත් බැනලත් නැහැ. අවුරුදු ගණනකට පස්සේ මාව දකිද්දී ඇන්ටි කෙනෙක් වගේ පේන්න ඇති. සාමාන්‍යයෙන් ගැහැණු කෙනෙක් ජීවිතේදී නොගන්නා අවදානමක් මම අරගත්තා. මේ අවුරුද්දේ දෙසම්බර් මාසය වෙද්දී අපේ විවාහයට අවුරුදු දොළහක් සම්පුර්ණ වෙනවා. අපි දෙන්නට දෙන්නා නොසැහෙන්න ආදරේ කරනවා, කොහේ ගියත් කොතැනක හිටියත් ඒක වෙනසක් වෙන්නේ නැහැ.